ලෝකයේ අද්භූත හිටි පාෂාණ ඇති ස්ථාන 7ක් (7 Of The World’s Most Mysterious Standing Stones) 🤩💐💗🧝😊✍️❤️😍

ලෝකයේ අද්භූත හිටි පාෂාණ ඇති ස්ථාන 7ක් - Your Choice Way

පුරාණ හිටි පාෂාණ, පාෂාණ කව සහ ගල් කුළුණු ලොව පුරා විසිරී තිබුණද විද්‍යාඥයන් සහ ඉතිහාසඥයින් මේවා ඉදිකළේ ඇයි යන පැනයට තවමත් වාද විවාද කරමින් ඉන්නවා. මෙම පාෂාණ ස්මාරකයන් පිළිබඳ සහ එහි වැදගත්කම පිළිබඳ න්‍යායන් බහුලව තිබෙන අතර සමහර පුරාවිද්‍යාඥයන් පවසන්නේ ආදිතමයින් විසින් මේම ස්ථාන තාරකා විද්‍යාත්මක ස්ථාන ලෙස භාවිතයට ගත් බවයි. ඒ අතර තවත් අය යෝජනා කරන්නේ අතීත ශිෂ්ටාචාර වල චාරිත්‍රානුකූල වතාවත් හා නමස්කාර කරන ආගමික ස්ථාන ලෙස මේවා ගොඩනඟා ඇති බවයි. 💐

ශතවර්ෂ ගණනාවක් තිස්සේ, මුලින්ම රෝදය නිර්මාණය කිරීමට බොහෝ කලකට පෙර මෙවැනි බර ගල් ප්‍රවාහනය කර  මෙවැනි නිර්මාණ ඉදි කළ ආකාරය ගැන අදටත් ඉතිහාසඥයන්, පුරාවිද්‍යාඥයන්, විද්‍යාඥයන් හට ප්‍රහේලිකාවක් වී තියෙනවා. එලෙස අතීත විශ්මිත නිර්මාණ පිළිබඳ අපි සැබවින්ම පුදුම විය යුතුද? මීට පෙර අතිශය දියුණු නමුත් අපේ බුද්ධියට නොතේරෙන තාක්ෂණයන් සහිත මානව ශිෂ්ටාචාර තිබුණා වෙන්න බැරිද?  මේ ප්‍රශ්න වලට හැමදාමත් පිළිතුරු සහිත සාක්ශි සහිත ලිපි ඉදිරිපත් කිරීමට තමයි මන් හැමදාමත් උත්සහා කරන්නේ.  ඉතින් අද නොදත් තතු තුළින්, තවමත් අභිරහසක්ව පවතින මහාශිලා අඩවි හතක් පිළිබඳ  විස්තර ඔයාලට ගේන්න හිතුවා. ඔන්න එහෙනම් අසාවෙන් කියවන්න 🤗

පහත පිංතූර සමඟ එයට අදාල විස්තර තියෙනවා💐 

Stone Henge - England (පාෂාණ ස්මාරක - එංගලන්තය) 💐

Stone Henge - England (පාෂාණ ස්මාරක - එංගලන්තය) 💐
එංගලන්තයේ සාලිස්බරි හි පිහිටි ස්ටෝන්හෙන්ජ් කියලා කියන්නේ ලෝකයේ වඩාත්ම කැපී පෙනෙන මහාශිලා යුගයට අයත් අඩවි වලින් එකක්. නව ශිලා යුගයේ මිනිසුන් ගල් කවච තැනීමට පටන් ගත්තේ මීට වසර 3000 කට පමණ පෙර බවයි සමහර ඉතිහාසඥයන්ගේ මතය වෙලා තියෙන්නේ. නමුත් ඉතාම දියුණු තාක්ෂණයන් සහිත නිර්මාණ වල සාක්ෂි බොහෝ ප්‍රමාණයක් අද වෙද්දීත් ලොකයේ බොහෝ තැන් වලින් සොයා ගෙන තියෙනවා. ඒවා දකිද්දී නම් අපිට හිතන්න බෑ කොහෙත්ම අපේ ආදී මානවයා තාක්ෂණය අතින් එතරම්ම දුර්වල තත්වයක හිටියා කියලා. 😍

පුරාණ ස්මාරක සාදා ඇති නිල් පැහැති ගල් විශේෂ දැනට මෙය පිහිටා ඇති ප්‍රදේශයට ගව් ගණනකට ඈතින් පිහිටා ඇති වේල්ස්හි පෙම්බ්‍රොකේෂයර් වල නිශ්චිත ගල් වළවල් දෙකක සොයාගෙන තියෙනවා. ඉතිහාසඥයන්ගේ මතය වී ඇත්තේ මෙම නිර්මාණයන්ට දායක වී ඇති ගල් එංගලන්තයට ප්‍රවාහනය කොට ඇත්තේ, ගංගා වලින් පහළට ගෙන ගොස් ලී ආධාරක යන්ත්‍ර මඟින් හා ගල් රෝල් වැනි කැරකෙන යන්ත්‍ර මඟින් බවයි. නමුත් මෙම ක්‍රියාවලිය මාස ගණනක් වෙහෙස මහන්සි වැඩ කළ යුත්තක් වෙනවා. මෙම ගල් කවය සාලිස්බරි තැනිතලාවේ භූ දර්ශනය පුරා විහිදී ඇති පුරාණ ව්‍යුහ මාලාවක කොටසක් ලෙස දක්වන්න පුළුවන්. මෙම අඩවිය බොහෝ කලක සිට පූජනීය අවකාශයක්ව පැවතිලා තියෙනවා. අදටත් සමහර මිනිසුන් ශීත හා ගිම්හාන සෘතුවල සූර්යනිවෘත්තියන් සැමරීම සඳහා මෙම ස්ථානයට රැස්වෙනවා.💐

Carnac - France (කාර්නැක් - ප්‍රංශය) 💐

Carnac - France (කාර්නැක් - ප්‍රංශය) 💐
ප්‍රංශයේ බ්‍රිටනි හි කුඩා ගම්මානය වටා පුරාණ මැන්හීර් (ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ගල් කුළුණු) දහස් ගණනක් (තනි තනි ගල්කණු) සහ වෙනත් ගල් කණු වර්ග තිබෙනවා. ගල් කණු පේළි මධ්‍ය ශිලා යුගයට (ක්‍රි.පූ. 3000 ට පමණ) අයත් බව සිතුවත් තවමත් නිශ්චිත කාලනිර්ණයන් කර නැහැ. මෙම ඉපැරණි ගල් කුළුණු 3000 කට වඩා ඇති අතර මේවා අඩි 20 ක් තරම් උසකින් යුක්ත වෙනවා. ඒ වගේම සැතපුම් 4 කට වඩා වැඩි දුරක් විහිදෙනවා. නව ශිලා යුගයේ අතිවිශිෂ්ට කාර්යයක් නිරූපණය කරන ගල්කණු, සුසාන පස් සහ ගල් කුටි මෙම අඩවියට ඇතුලත තිබෙන අතර එවා විශ්මිත නිර්මාණයන් වල සාක්ෂි සාධක ලෙස අදටත් ඉතුරුව තියෙනවා. 🧝

මේ සියළුම ඉදිකිරීම් කිසියම් චාරිත්‍රානුකූල හෝ ආගමික අරමුණක් ඉටු කර ගැනීම උදෙසා නිර්මාණය කර ඇති බව බොහෝ කලක සිට සිතුවත්, තවමත් කුමක් මූලික කර ගෙන ඉදි කරා දැයි යන්න කිසිවෙකු සොයා ගෙන නැහැ. මෙම අඩවිය අධ්‍යයනය කරන ඉතිහාසකරුවන් පෙන්වා දෙන්නේ මෙම ගල් කණු රේඛා පූජනීය අවකාශයක් නිරූපණය කරන බවයි. එමෙන්ම, එක් ජනප්‍රිය පුරාවෘත්තයකට අනුව පැවසෙන්නේ, රෝමානු හමුදාව බ්‍රිටනි වෙත ගමන් කරමින් සිටියදී මායාකාරයෙකු වූ මර්ලින් නැමැත්තා පෙනී සිටිමින් සොල්දාදුවන් ගල් බවට පත් කර තිබෙන බවයි. පුරාවෘත්තයේ ඇත්ත නැත්ත ගැන නම් දන්නේ නැහැ 🤗💗

Mysterious Stone Spheres - Costa Rica (අද්භූත පාෂාණ ගෝල - කොස්ටා රිකා) 💐

Mysterious Stone Spheres - Costa Rica (අද්භූත පාෂාණ ගෝල - කොස්ටා රිකා) 💐

පුරාවිද්‍යාඥයන් මෙම පාෂාණ ගෝල වල මූලාරම්භය හා අරමුණ පිළිබඳව තවමත් විවාද කරමින් තමයි ඉන්නේ. සමහර ක්ෂේත්‍ර වටා කැණීම් කිරීමෙන් පසුව පූර්ව කොලොම්බියානු යුගයට අයත් මැටි භාණ්ඩ හමුවී තිබුණත්, මෙම අද්භූත ගෝලයන් බොහොමයක් හානි වීම හෝ පිටතට ගෙන යාම නිසා හෝ මුල් පැවති අඩවියෙන් වෙනත් ස්ථානයන්ට මාරු වී තියෙනවා. එම නිසා ඒවායේ ආරම්භය හා නිර්මාණය කිරීමේ දිනය නිශ්චය කිරීම දුෂ්කර වී තියෙනවා. සමහර ගල් පරීක්ෂාවේදී තාරකා විද්‍යාත්මකව වැදගත් ආකාරයේ පෙලගැස්මක් සහිතව සොයා ගෙන ඇති අතර සමහර පුරාවිද්‍යාඥයන් යෝජනා කළේ ඒවා තාරකා විද්‍යාව සඳහා යොදාගත් මෙවලම් හෝ නාවික මෙවලම් විය හැකි බවයි. 😍

අප නිසැකවම දන්නා කරුණක් නම්, ගල් සෑදී ඇත්තේ ග්‍රැනෝඩියරයිට් වැනි තද අග්නේය පාෂාණ වලින්. (ලාවා හෝ මැග්මා වලින් ඝන වීමෙන්). ඉතින් මෙවැනි දේ බොහෝ විට හැඩගස්වා ඇත්තේ සොබාදහමටත් වඩා මිනිසුන් විසින් වීමට ඉඩ තියෙනවා. ඉතින් මේ අමුතු ගෝලයන් බැලීමට ඔබ කොස්ටාරිකාවටම යන්න ඕනේ නෑ, මොකද මෙම ගෝලයන්ගෙන් දෙකක් පමණ දැනටමත් එක්සත් ජනපදයට ප්‍රවාහනය කර ඇති අතර වොෂිංටන් ඩී.සී. හි පිහිටි ජාතික භූගෝලීය කෞතුකාගාරයේ සහ හාවඩ්හි පීබොඩි පුරාවිද්‍යා කෞතුකාගාරය අසල මළුවක තැම්පත් කර තියෙනවා.😊

Deer Stones - Mongolia & Siberia (මුව පාෂාණ - මොංගෝලියාව සහ සයිබීරියාව) 💐

Deer Stones - Mongolia & Siberia (මුව පාෂාණ - මොංගෝලියාව සහ සයිබීරියාව) 💐
මුව ගල් (Deer Stones) යනු මොන්ගෝලියාව සහ සයිබීරියාව පුරා විසිරී ඇති පුරාණ ගල් 1200 කට වඩා වැඩි ගණනකි. ඒවායේ නම මුව ගල් ලෙස සඳහන් කරන්නේ ඒවායින් බොහොමයක පියාඹන මුවන්ගේ කැටයම් ඇතුළත් වන බැවින්. මෙම ගල් අඩි 3 සිට 13 දක්වා උසකින් යුක්ත වන අතර බොහෝ විට ඒවා කාණ්ඩ කර ඇත. 💐

මීට වසර 3000 කට පෙර ලෝකඩ යුගයේ සිටි පිරිස් විසින් ඒවා ඉදිකරන ලද බව විද්‍යාඥයෝ විශ්වාස කරනවා. මුවන්ගේ නිරූපණයන් වඩාත් ප්‍රචලිත වුවද ව්‍යුහයන් තුළ ගෝනුන්, මිනිසුන්ගේද කැටයම් ඇති අතර සූර්යයා සහ චන්ද්‍රයාද නිරූපණය කරනු ලබනවා. මෙම සංකීර්ණ කැටයම් විශාල නිපුණතාවයක් සහ වෙහෙසවී නිර්මාණය කර ඇති නිසා ඉතිහාසඥයන් සිතන්නේ මෙම ගල් කැටයම් කැප කර ඇත්තේ එකළ සිටි මහා රණශූරයන්ට හෝ ප්‍රධානීන් සඳහා විය හැකිය. 😍

Avebury Henge - England (ඇව්බියුරි ස්මාරක - එංගලන්තය) 😍💐

Avebury Henge - England (ඇව්බියුරි ස්මාරක - එංගලන්තය) 😍💐
ලොව විශාලතම ප්‍රාග් ඓතිහාසික ගල් ස්මාරක ඇති ස්ථානය වන මෙය ස්ටෝන්හෙන්ජ් සිට වැඩි ඈතක නැති ඉතාමත් ලස්සන ඇවබරි නම් ගම්මානයෙන් සොයා ගෙන තියෙනවා. මෙම කවයට මුලින් ගල් කුළුණු 100 ක් පමණ අඩංගු වූ අතර කුඩා ගල් මුදු දෙකකින් වට කර තියෙනවා. මෙම ගල් ක්‍රි.පූ. 2850 සිට 2200 දක්වා කාලය තුළ ඉදිකරන ලදැයි විශ්වාස කරන අතර විවිධාකාරයේ පුළුල් ලෙස චාරිත්‍රා ඉටු කිරීම සඳහා මෙම භූමිය සකසා ඇති බවට විශ්වාස කෙරෙනවා. පුරාවිද්‍යාඥයින් සිතන්නේ මෙම ගල් කව, ස්මාරක සහ ප්‍රවේශ පථ ආගමික උත්සව සඳහා පොදු අවකාශයක කොටසක් වී ඇති නමුත් ඒවායේ නිශ්චිත භාවිතය සහ එම උත්සවවල ස්වභාවය අභිරහසක්ව පවතින බවයි. 😍

1930 ගණන් වලදී පුරාවිද්‍යාඥයෙක් වන "ඇලෙක්සැන්ඩර් කෙයිලර්" විසින් කරන ලද කැණීමකින් පුදුම සහගත කරුණක් අනාවරණය වී තියෙනවා. ඒ තමයි එක් ඇටසැකිල්ලක් ගල් එකකට එකක් යටින් තලා ඇති අයුරු නිරීක්ෂණය වීමයි. මෙම සිරුර නව ශිලා යුගයේ නිර්මාණකරුවෙකු හට අයත් නොවූ අතර, 14 වන සියවසේ මිනිසෙකු විසින්, ගල්කණු ස්මාරකයකන් එහා මෙහා ගෙනයාමට උත්සාහ කරන ලද මිනිසෙකු මරා දමන්නට ඇති බවයි ඉතිහාඥයන්ගේ මතය වෙන්නේ. 💐

Avebury Henge අතීත දසුනක් 😍💐
Avebury Henge අතීත දසුනක් 😍💐

Avebury Henge වර්තමාන තත්වය 😍💐
Avebury Henge වර්තමාන තත්වය 😍💐

Gochang Dolmen Site - South Korea ( ගෝචැන් සුසාන අඩවිය) 😍💐

Gochang Dolmen Site - South Korea ( ගෝචැන් සුසාන අඩවිය) 😍💐
Gochang Dolmen Site - South Korea ( ගෝචැන් සුසාන අඩවිය) 😍💐

දකුණු කොරියාවේ පිහිටා ඇති මෙම දැවැන්ත ප්‍රාග් ඓතිහාසික සුසාන භූමිය ගොචැං, හවාසුන් සහ ගන්ග්වා යන ප්‍රදේශ පුරා ව්‍යාප්ත වී තියෙනවා. ආදි කල්පිත ශෛලමය නිර්මාණ වන සොහොන් කුටි සිය ගණනක් මෙහි ඇති අතර විශාල ගල් පුවරු වලින් සාදන ලද සොහොන් විශාල ප්‍රමාණයක් තිබෙනවා. 😍

මෙම නව ශිලා යුගයේ හා පූර්ව ලෝකඩ යුගයේ ව්‍යුහයන් පාෂාණ දෙකකින් හෝ ඊට වැඩි ගණනකින් සාදා ඇති අතර එම පාෂණ වලට ඉහළින් විශාල ගල් වැස්මකින් සමන්විතව තිබීම සුසාන භූමියක හැඩ ගැස්සවීමක් ලබා ගෙන තිබෙනවා. කොරියානු භූ දර්ශනය නිරීක්ෂණය කිරීමේදී දහස් ගණනක් තිත් සලකුණු මඟින් පෙන්නුම් කරන මෙම ලෝක උරුම අඩවියේ වඩාත්ම පුදුම සහගත අංගය වන්නේ සුසාන කුටි සංඛ්‍යාව වන අතර මෙය ලෝකයේ ඇති ඉහළම සුසාන කුටි කේන්ද්‍රගතය වෙනවා.😊

Galapitagala - Sri Lanka (ගලපිටගල - ශ්‍රී ලංකාව) 💐

Galapitagala - Sri Lanka (ගලපිටගල - ශ්‍රී ලංකාව) 💐
මේ සොයාගැනීම්වලට සමගාමීව දැන් කියන්න යන්නේ අපේ මව් රටේ පිහිටි තවත් වැදගත් ලස්සන ස්ථානක් ගැන. හැමදාමත් මන් කියනවනේ අපේ රට තරම් සොබා සෞන්දර්යයෙන් අනූන, අභිරහස් වලින් පිරුණු ඓතිහාසික ඉතිහාසයකට උරුමකම් කියන රටක් තවත් මට නම් නැහැ කියලා. ඉතින්, හල්දුම්මුල්ල නිදන්ගොඩ කන්දේ පිහිටි ‘ගලපිටගල’ පිළිබඳ යළිත් සිතන්නට කාරණාවක් නිර්මාණය වෙලා තියෙනවා. ඇත්තටම මේ ගලපිටගල කියන්නේ මොකද්ද? 😍

පෙනුමින් එය කුඩා ගල් කුට්ටියක් මත තබා ඇති අඩි තිහක පමණ උස විශාල ගල් කුට්ටියකි. එහි ඉතා සරල විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මේ ගල ඇඟිල්ලෙන් සෙලවීමේ හැකියාව ඇතත් අතින් තල්ලූ කළ නොහැකි වීම. ඒ ගමේ මිනිසුන්ගේ අත්දැකීමයි. කෙසේ වෙතත් ගවේෂකයෝ මේ ගල මිනිස් අතින් කළ නිර්මාණයක් ලෙසින් තහවුරු කිරීමත් සමග ඒ පිළිබඳ වැඩි අවධානය යොමු වන්නට වුණා. ගවේෂකයන් සඳහන් කරන ආකාරයට එහි දැකගත හැකි වන්නේ ආදී මානව මුහුණකි. ඇස් තරමක් ඇතුළට ගිලී ගිය නාසය හා කට තරමක් විශාල මානව මුහුණකි. එහි යම් යම් කොටස් කාලය සමග ක්ෂය වී ගියද ඇස්, කට වෙනුවෙන් මිනිස් අතින් නිමවූ කැපුම් ඉතා පැහැදිලිව දැකගත හැකි වෙනවා. මෙම මානව රූපය ඇස් යොමා ඉන්නේ උතුරු දිශාවටය. මෙම මානව රූපයේ නළල මැද විශාල කැපුමක් දැකගත හැකියි. එය පැහැදිලිවම යම් දෙයක් රඳවා තැබූ තැනක් විය යුතු බව ගවේෂකයන්ගේ අදහසයි. අදින් වසර පන්දහසකට පමණ පෙර මේ සා විශාල ගල් කුට්ටියක මුහුණක් කපා එය ගලක් මතුපිට රඳවා තැබුවේ කෙලෙසද යන්න අදටත් අභිරහසකි. 💐

(මේ ගලපිටගල පිළිබඳ තොරතුර සොයා ගත්තේ කාංචන ගීත් මනමේන්ද්‍ර මහතාගේ ලිපියකිනි)

මිනිස් රුවක් මවාපාන ගලපිටගල තවත් ඈත දසුනක් 😍💐

මිනිස් රුවක් මවාපාන ගලපිටගල තවත් ඈත දසුනක් 😍💐
මෙම හල්දුම්මුල්ල ගලපිටගල සම්බන්ධව අදහස් ප‍්‍රකාශ කරන ගවේෂකයන් පෙන්වා දෙනු ලබන්නේ තරු දොරටු සක‍්‍රිය කිරීම උදෙසා අවශ්‍ය යතුර රැදවිය යුත්තේ හල්දුම්මුල්ල මානව රූපයේ හිසේද කියා සිතන්නට කාලය උදාවී ඇති බවයි. මෙය අපේ ලංකාවට විශ්වීය වටිනාකමක් ගෙනදීමට හේතුවන සොයාගැනීමක් වීමට බොහෝ සෙයින් ඉඩ තිබෙනවා 😍

ඉතින්, නොදත් තතු page එකට ගිහිල්ලා අද ලිපිය like කරලා share කරලා ඔයාලගෙ අදහසත් comment කරන්න අමතක කරන්න එපා. මොකද ඔයලාගෙ අදහස් මට ගොඩක් වටිනවා😊

තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි ✍️ 

Kushani De Silva

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි..
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ලෝකයේ අද්භූත හිටි පාෂාණ ඇති ස්ථාන 7ක් (7 Of The World’s Most Mysterious Standing Stones) 🤩💐💗🧝😊✍️❤️😍 ලෝකයේ අද්භූත හිටි පාෂාණ ඇති ස්ථාන 7ක් (7 Of The World’s Most Mysterious Standing Stones) 🤩💐💗🧝😊✍️❤️😍 Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 14, 2021 Rating: 5

0 comments:

Post a Comment