Sanda Sumudui Mudu Sisilai Song Lyrics - සඳ සුමුදුයි මුදු සිසිලයි ගීතයේ පද පෙළ

Sanda Sumudui Mudu Sisilai Song Lyrics - සඳ සුමුදුයි මුදු සිසිලයි ගීතයේ පද පෙළ
Song Title : Sanda Sumudui Mudu Sisilai (සඳ සුමුදුයි මුදු සිසිලයි)
ගායනය : සමිතා මුදුන්කොටුව සමග අතුල අධිකාරි
පද : මාලිනී ජයරත්න
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


සඳ සුමුදුයි මුදු සිසිලයි
සඳ නැතුවම බැරි හන්දා
හිරු තෙද රැස ලොව බබලයි
හිරු නැතුවම බැරි හන්දා
නෙත් දෙක ලෙස නුඹ වටිනව
මවු පදවිය දුන් හන්දා

හිරු සඳු ලෙස මගෙ ලෝකෙට
එළිය දිදී ආ හන්දා
නෙත් දෙක ලෙස නුඹ වටිනව
පිය පදවිය දුන් හන්දා

දස මසක් ම මා සමගින්
එකට හුස්ම ගත් හන්දා
මගෙ දිවියෙන් ලද සතුටයි
නුඹ ජීවය ලද හන්දා
නෙත් දෙක ලෙස නුඹ වටිනව
මවු පදවිය දුන් හන්දා

නුඹ ම මමයි මා නුඹමයි
දෙදෙනෙකු නොම වන හන්දා
නෙත් දෙක ලෙස නුඹ වටිනව
පිය පදවිය දුන් හන්දා
 
සුමුදු ටිකිරි මුදු සෙනෙහස
අපෙ ලෝකෙට ගැලු හන්දා
අම්මා යන අතුම් පදය
නුඹ මා හට තැබු හන්දා
නෙත් දෙක ලෙස නුඹ වටිනව
මවු පදවිය දුන් හන්දා

ලොකු මිනිහෙකු නොවුනත් නුඹ
හොඳ මිනිහෙකු වන හන්දා
නෙත් දෙක ලෙස නුඹ වටිනව
පිය පදවිය දුන් හන්දා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Sumudui Mudu Sisilai Song Lyrics - සඳ සුමුදුයි මුදු සිසිලයි ගීතයේ පද පෙළ Sanda Sumudui Mudu Sisilai Song Lyrics - සඳ සුමුදුයි මුදු සිසිලයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 13, 2021 Rating: 5

0 comments:

Post a Comment