Kumariyaka Pa Salaba Saluna Song Lyrics - කුමරියක පා සළඹ සැලුණා ගීතයේ පද පෙළ

Kumariyaka Pa Salaba Saluna Song Lyrics - කුමරියක පා සළඹ සැලුණා ගීතයේ පද පෙළ
Song Title : Kumariyaka Pa Salaba Saluna (කුමරියක පා සළඹ සැලුණා)
ගායනය : ඩබ්ලිව් ඩී අමරදේව
පද රචනය : කේ.ඩී.කේ. ධර්මවර්ධන
සංගීතය : වික්ටර් රත්නායක


කුමරියක පා සළඹ සැලුනා..
වසා සිටි නෙතු පියන් ඇරුනා..
කුමර බඹසර අසපුවේ මා..
සම වැදී උන් දැහැන් බිඳුනා..
කුමරියක පා සළඹ සැලුනා..

උකුල ළැම හස මලවි කරලිය
මුවා කල ඇගෙ දුහුල් සළු තිර
විවර කෙරුවා මනස් සලෙළුන්
උමතු වු දෙනුවන් රැහැන් ඇද
මා අබියස මැවුනු තුසිතය
සුරන් නැළවූ සුයාමය..

කුමරියක පා සළඹ සැලුනා..
වසා සිටි නෙතු පියන් ඇරුනා..
කුමර බඹසර අසපුවේ මා..
සම වැදී උන් දැහැන් බිඳුනා..
කුමරියක පා සළඹ සැලුනා..

නිසල ජීවන තපෝ වන මැද
හැඟුම් ගජසෙන් යදම් බිඳ ‍වැද
තලා සිත කම්පනය කරවයි
ලපලු තුරුවැල් කැකුළු මල් පෙති
මා හඬවයි බිඳුනු තුසිතය
සුරන් නැලවූ සුයාමය..

කුමරියක පා සළඹ සැලුනා..
වසා සිටි නෙතු පියන් ඇරුනා..
කුමර බඹසර අසපුවේ මා..
සම වැදී උන් දැහැන් බිඳුනා..
කුමරියක පා සළඹ සැලුනා..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kumariyaka Pa Salaba Saluna Song Lyrics - කුමරියක පා සළඹ සැලුණා ගීතයේ පද පෙළ Kumariyaka Pa Salaba Saluna Song Lyrics - කුමරියක පා සළඹ සැලුණා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 09, 2021 Rating: 5

0 comments:

Post a Comment