Iwasillak Ne (Jiwithe Nadiyaki) Song Lyrics - ඉවසිල්ලක් නෑ (ජීවිතේ නදියකි) ගීතයේ පද පෙළ

Iwasillak Ne (Jiwithe Nadiyaki) Song Lyrics - ඉවසිල්ලක් නෑ (ජීවිතේ නදියකි) ගීතයේ පද පෙළ
Song Title : Iwasillak Ne (Jiwithe Nadiyaki) (ඉවසිල්ලක් නෑ (ජීවිතේ නදියකි))
ගායනය : සෙරීනා බටගොඩ
තනුව : සේනක බටගොඩ
ගී පද : සේනක බටගොඩ


ජීවිතේ නදියකි බැස යන
පාවෙනා සිතුවිලි එන තැන 
අහසෙ පොළොවේ කොතැනක සිටියත් 
එලියෙ අඳුරේ කොතැනක හෙව්වත් 
ඉවසන්නට වෙයි කාලයමයි පිළිතුරු 
මට ඉවසිල්ලක් නෑ හරියට ඉවසන තුරු 

ඉවසන්නම බැරි දේවල් ඉවසන්නම බෑ හිතුවට 
ඉවසන්නම වෙනවාමයි හොඳ දේකට 
ජීවිතයම ජයගන්නට ඉවසන්නම වෙයි හොඳටම 
ඉවසන්න සන්න හරි ලේසියි හැම දේටම 

සාගරේ වැනි සිතුවිලි රළ මත 
ජීවිතේ ඔරුවකි පැද යන 
කන්දෙ ලන්දේ සයුරේ වෙරළේ 
හිම කතරේ හා වැලි කතරේ 
හිටියත් ඉවසන්නට වෙයි නිරතුරු 
මට ඉවසිල්ලක් නෑ හරියට ඉවසන තුරු

මට ඉවසිල්ලක් නෑ හරියට ඉවසන තුරු 
මට ඉවසිල්ලක් නෑ //
මට ඉවසිල්ලක් නෑ හරියට ඉවසන තුරු 

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Iwasillak Ne (Jiwithe Nadiyaki) Song Lyrics - ඉවසිල්ලක් නෑ (ජීවිතේ නදියකි) ගීතයේ පද පෙළ Iwasillak Ne (Jiwithe Nadiyaki) Song Lyrics - ඉවසිල්ලක් නෑ (ජීවිතේ නදියකි) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 14, 2021 Rating: 5

0 comments:

Post a Comment