චීස් කොත්තු (Cheese Kothtu)

චීස් කොත්තු (Cheese Kothtu) - Your Choice Way
චිකන් කොත්තු, බිත්තර කොත්තු, එළවළු කොත්තු විතරක් නෙමේ දැන් ඔන්න චීස් කොත්තුත් තියනවා.හැමදාම කන සාමාන්‍ය කොත්තුව වෙනුවට වෙනස් කෑමක් කන්න හැමෝම කැමති වෙයි. ඒ නිසාම අපි හිතුව චීස් කොත්තු හදන විදිය කියල දෙන්න.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • රොටි 600g
  • කැරට් 50g
  • ගෝවා 50g
  • ලීක්ස් 100g
  • බිත්තර 4ක්‍
  • ළූණු ලොකු ගෙඩියක්
  • ගම්බිරිස් තේ හැඳි 2ක්
  • කෑලි මිරිස් මේස හැඳි 2ක්
  • සෝයා සෝස් මේස හැඳි 2ක්
  • අමු මිරිස් කරල් 5ක්
  • සුදු ළූණු බික් 5ක්
  • ලුණු අවශ්‍ය පමණට
  • රම්පෙ කරපිංචා ස්වල්පයක්
  • ඉඟුරු කැබැල්ලක්
  • එළවළු හොදි අවශ්‍ය පමණට
  • චෙඩා චීස් 200g
  • තෙල් මේස හැඳි 2ක්
  • එළවළු හොද්දට අවශ්‍ය ද්‍රව්‍ය
  • පොඩි කැරට් ගෙඩියක්
  • ලීක්ස් පොඩි ගහක්
  • ළූණු ගෙඩියක්
  • සුදු ළූණු බික් 3ක්
  • තක්කාලි ගෙඩි 3ක්
  • රම්පෙ කරපිංචා ස්වල්පයක්
  • කහ කුඩු තේ හැඳි 1/2ක්
  • ගම්බිරිස් මේස හැඳි 2ක්
  • තුනපහ කුඩු තේ හැඳි 2ක්
  • ලුණු අවශ්‍ය පමණට
  • තෙල් මේස හැඳි 2ක්
  • පොල්කිරි දියකිරි හා මිටිකිරි

✅ සාදා ගන්නා ආකාරය :

  1. මුලින්ම භාජනයක් ලිප තබා තෙල් ටික එක්කරන්න. 
  2. එයට සුදු ළූණු, රම්පෙ, කරපිංචා, ඉඟුරු අඩිය දමා කලවම් කර එයටම බිත්තර ටික එක් කරගෙන කෑලි මිරිස්, ගම්බිරිස්, ලුණු දමා පසුව කපාගත් ගෝවා, ලීක්ස්, එළවළු කැබලි දමාගන්න. 
  3. ඉන්පසු කොටු හැඩයට කුඩාවට කපාගත් රොටි කැබලිද එයට එක් කර සාදාගත් එළවළු හොදි ඇති පමණට එක් කරන්න. 
  4. මෙයටම සෝයා සෝස් හා අවසානයේ චීස්ද එක් කර රසගන්වන්න.

SLRecipe
චීස් කොත්තු (Cheese Kothtu) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
චීස් කොත්තු (Cheese Kothtu) චීස් කොත්තු (Cheese Kothtu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 05, 2021 Rating: 5

0 comments:

Post a Comment