✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- චොකලට් බිස්කට් 300g (තමන් කැමති ඔනෑම බිස්කට් වර්ගයක් ගන්න)
- මාරි බිස්කට් පැකට් එකක්
- කිරි කෝප්ප 3 (Fresh Milk)
✅ සාදන ක්‍රමය :
- මුලින්ම චොකලට් බිස්කට් වල ක්‍රීම් ටික වෙනම බාජනයකට දාගන්න.(ඒ ටික වීසි කරන්න එපා.. සිරප් එකට ඕනේ)
- ඉන්පසුව ක්‍රීම් ටික ඉවත් කළ බිස්කට් ටික හා මාරි බිස්කට් ටික කුඩා කැබලි වලට කඩාගෙන බාජනයකට දමා ගන්න.
- දැන් අර කලින් ඉවත් කරගත් ක්‍රීම් ටිකට කිරි කෝප්ප 1ක් ටික ටික දමමින් හොදින් දිය කර ගන්න...
- ඉන්පසු වෙනත් බාජනයක් ලිප තබා කිරි කෝප්ප 2ක් හොදින් උණු කර කිරි ටික රත් වේගෙන එනකොට කලින් ක්‍රීම් දිය කරගත් චොකලට් සිරප් එක දමා හොදින් උණුකර ගන්න.
- ඉන්පසු කලින් කුඩාවට කඩා ගත් බිස්කට් කැබලි ටිකට උණුකර ගත් කිරි මිශ්‍රණය දමමින් හොදින් බිස්කට් කිරි සමග මිශ්‍ර කර ගන්න.( මෙහිදී කිරි උණුවෙන්ම බිස්කට් ටිකට දමන්න)
- ඉන්පසු බිස්කට් මිශ්‍රණය කේක් තැටියක හෝ සුදුසු බාජනයකට දමා ගන්න.
- පුඩින් එක උඩින් දැමීමට චොකලට් සෝස් එක සාදමු
- දැන් තවත් චොක්ලට් බිස්කට් 4ක් 5ක් ගෙන ඒවා කුඩාවට කඩාගෙන එයට කිරි ටිකක් මිශ්‍ර කරමින් බිස්කට් ටික හොදින් දිය කර ගනිමින් උකු මිශ්‍රණයක් සාදා ගන්න
- ඉන්පසු කලින් පිලියෙල කරගත් බිස්කට් පුඩින් එක උඩට චොකලට් සෝස් එක දමා ගන්න.
- ඉන්පසු රටකජු හෝ කජු කුඩාවට කපාගෙන උඩින් දමාගෙන.පැය 9ක් ශීතකරණයේ තබා කෑමට ගන්න...
Darshi Shanika

![බිස්කට් පුඩිම් හදමු (බිස්කට් පුඩින්) [Biscuit Pudding Hadamu] - Your Choice Way බිස්කට් පුඩිම් හදමු (බිස්කට් පුඩින්) [Biscuit Pudding Hadamu] - Your Choice Way](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhKTGSDRx3kRUoZ5aE4c8ZUO1dTMjm1eYarQoPUqW_RzXOs-RwVEHqqQy5Mzu5kHC-RuZg2oj-bQ2z30E1DAGncId0_cy5wdXPMOCQ2Z5FgNbj4LaJSlkFeNtv5PcxKiaXeUuJrZRG1iD40/w640-h480/%25E0%25B6%25B6%25E0%25B7%2592%25E0%25B7%2583%25E0%25B7%258A%25E0%25B6%259A%25E0%25B6%25A7%25E0%25B7%258A+%25E0%25B6%25B4%25E0%25B7%2594%25E0%25B6%25A9%25E0%25B7%2592%25E0%25B6%25B8%25E0%25B7%258A+%25E0%25B7%2584%25E0%25B6%25AF%25E0%25B6%25B8%25E0%25B7%2594+%2528%25E0%25B6%25B6%25E0%25B7%2592%25E0%25B7%2583%25E0%25B7%258A%25E0%25B6%259A%25E0%25B6%25A7%25E0%25B7%258A+%25E0%25B6%25B4%25E0%25B7%2594%25E0%25B6%25A9%25E0%25B7%2592%25E0%25B6%25B1%25E0%25B7%258A%2529+%255BBiscuit+Pudding+Hadamu%255D+1+-+Your+Choice+Way.jpg)
![බිස්කට් පුඩිම් හදමු (බිස්කට් පුඩින්) [Biscuit Pudding Hadamu] - Your Choice Way බිස්කට් පුඩිම් හදමු (බිස්කට් පුඩින්) [Biscuit Pudding Hadamu] - Your Choice Way](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiBTQ0nFirdhy3z29T8WyiaxxM2Ph8dAununL3i6rHMNHiJfixQaQQNuszmNukHVywBXi9twb7R1N_6BTXaQlr6I4V3fCPM_edaZRnlz2dBHodOs5vv_iAZYscOPeiKBPlcv50vXXDVEA-y/w480-h640/%25E0%25B6%25B6%25E0%25B7%2592%25E0%25B7%2583%25E0%25B7%258A%25E0%25B6%259A%25E0%25B6%25A7%25E0%25B7%258A+%25E0%25B6%25B4%25E0%25B7%2594%25E0%25B6%25A9%25E0%25B7%2592%25E0%25B6%25B8%25E0%25B7%258A+%25E0%25B7%2584%25E0%25B6%25AF%25E0%25B6%25B8%25E0%25B7%2594+%2528%25E0%25B6%25B6%25E0%25B7%2592%25E0%25B7%2583%25E0%25B7%258A%25E0%25B6%259A%25E0%25B6%25A7%25E0%25B7%258A+%25E0%25B6%25B4%25E0%25B7%2594%25E0%25B6%25A9%25E0%25B7%2592%25E0%25B6%25B1%25E0%25B7%258A%2529+%255BBiscuit+Pudding+Hadamu%255D+-+Your+Choice+Way.jpg)


0 comments:
Post a Comment