තලපත් මාළු බැදලා උයමු (Thalapath Malu Badala Uyamu)

තලපත් මාළු බැදලා උයමු (Thalapath Malu Badala Uyamu) - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • තලපත් මාළු 500g
  • ලොකු ළූණූ ගෙඩි 3ක්
  • තක්කාලි ගෙඩි 2ක්
  • Bay Leaf 2ක්
  • අමු මිරිස් කරල් 3ක්
  • වියලි මිරිස් කරල් 6ක්
  • කොත්තමල්ලි තේ හැදි 1ක්
  • සූදුරු තේ හැදි 1/2ක්
  • කහ කුඩු තේ හැදි 1/4ක්
  • සොයා සෝස් මේස හැදි 1ක්
  • විනාකිරි මේස හැදි 1ක්
  • ගම්මිරිස් කුඩු තේ හැදි 1ක්
  • ඉගුරු තේ හැදි 2ක්
  • සුදු ළූණූ තේ හැදි 2ක්
  • කොල පාට belpeper ගෙඩි 1ක්
  • වතුර කෝප්ප 1ක්
  • ළූණූ කොල

✅ සාදා ගන්නා ආකාරය :

  1. මුලින්ම මාළු අගල් 1 1/2 පමන කෑලි කපාගෙන ලුණූ හා කහ මිශ්‍රකර ගැඹුරු තෙලේ රන්වන් පැහැවන තුරු බැදගන්න. 
  2. පසුව එම තෙල් වලින්ම මේස හැදි 2ක් පමන රත් කර එයට bay leaf, සිහින්ව කපාගත් ලොකු ළූණූ, සුදු ළූණූ, ඉගුරු, අමු මිරිස් කරල් වශයෙන් එකතු කර හොදින් තෙම්පරාදු කරන්න.
  3. එය රන්වන් පැහැවී එනවිට කහ කුඩු, ලුණු, සොයා සෝස්, විනාකිරි මිශ්‍රකරන්න. 
  4. මේ අතර වියලි මිරිස්, කොත්තමල්ලි, සුදුරු, කරාබු නැටි, එනසාල් කබලේ බැදගෙන හොදින් කුඩු කරගෙන ඒ සමගම එකතු කර ගන්න. (මෙය ඔබ කලින් සකසාගෙන තියගන්න එය පහසුයි.)
  5. මේ සියල්ල හොදින් කවලම් කර විනාඩි 2කින් පමන පසුව වතුර එකතු කරන්න. 
  6. වතුර නටන විට ගින්දර අඩු කර බැදගත් මාළු, තක්කාලි, belpeper එයට දමා මද ගින්නේ විනාඩි 10ක් පමන පිස ගන්න. 
  7. ලිපෙන් ඉවත් කරන්න මද වේලාවකට පෙර ගම්මිරිස් කුඩු, ළූණූ කොල ඉසින්න.

තලපත් මාළු බැදලා උයමු (Thalapath Malu Badala Uyamu) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
තලපත් මාළු බැදලා උයමු (Thalapath Malu Badala Uyamu) තලපත් මාළු බැදලා උයමු (Thalapath Malu Badala Uyamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 12, 2021 Rating: 5

0 comments:

Post a Comment