Sudu Hamine Numba Kothenada Song Lyrics - සුදු හාමිනේ නුඹ කොතැනද ගීතයේ පද පෙළ

Sudu Hamine Numba Kothenada Song Lyrics - සුදු හාමිනේ නුඹ කොතැනද ගීතයේ පද පෙළ
Song Title : Sudu Hamine Numba Kothenada (සුදු හාමිනේ නුඹ කොතැනද)
ගායනය : නන්දා මාලිනී
සංගීතය : නන්දා මාලිනී
ගී පද : සුනිල් ආරියරත්න


සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ
දීගෙක ගිහින් දරු පිරිවර මැද සුවසේ
ලේලිය කැටුව මගෙ පුතු වෙන් විය රහසේ
මං විතරයි තනියම දැන් මගෙ නිවසේ

උඹලගෙ තාත්තා ඇත දුර බලාගෙන
කවදා දූ පුතුන් ඒ දැයි පතාගෙන
වේවැල් කැඩුණු පුටුවේ වක ගසාගෙන
මං ඉන්නවා නෙතු කඳුළැල් දරාගෙන

දරුවන් ඇඳුම් ඇඟැලුම් ගෙන සිඹින්නෙමී
මනසින් එදා කෙළි සෙල්ලම් දකින්නෙමී
මරණයෙ දොරකඩට සපැමිණ සිටින්නෙමී
ලේ කිරි පෙවූ දරුවන් දැක මියෙන්නෙමී

සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ
දීගෙක ගිහින් දරු පිරිවර මැද සුවසේ
ලේලිය කැටුව මගෙ පුතු වෙන් විය රහසේ
මං විතරයි තනියම දැන් මගෙ නිවසේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sudu Hamine Numba Kothenada Song Lyrics - සුදු හාමිනේ නුඹ කොතැනද ගීතයේ පද පෙළ Sudu Hamine Numba Kothenada Song Lyrics - සුදු හාමිනේ නුඹ කොතැනද ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 25, 2021 Rating: 5

0 comments:

Post a Comment