Malbara Himidiriye Song Lyrics - මල්බර හිමිදිරියේ ගීතයේ පද පෙළ

Malbara Himidiriye Song Lyrics - මල්බර හිමිදිරියේ ගීතයේ පද පෙළ

Malbara Himidiriye Song Lyrics - මල්බර හිමිදිරියේ ගීතයේ පද පෙළ
Song Title : Malbara Himidiriye (මල්බර හිමිදිරියේ)
ගායනය : නෙවිල් ප්‍රනාන්දු, රුක්මණි දේවී
සංගීතය : පැට්‍රික් දෙණිපිටිය


මල්බර හිමිදිරියේ
කොයිබද සමනලියේ
යන්නේ හිරු එළියේ
කියන්න සියුමැලියේ

සීතල මද පවනේ
මම මල් ගොමු වෙත යන්නේ
මා සොයමින් එන්නේ
මගෙ පෙම්වත හමුවන්නේ

මී මැසි බඹරුන්
පරදා හැර මම
ඔබ වෙතටම දුවමි
ලා හිරු රැස් වැද
බබලන ඔබෙ තටු දෙක
මම සිප ගනිමි

රන් තරු මුසු මල්
කිරුළක් සාදා
ඔබේ හිසේ තබමි
රන් විමනක මැද
ඔබ වෙනුවෙන් පෙම්
රජ දහනක් මවමි

මල්බර හිමිදිරියේ
කොයිබද සමනලියේ
යන්නේ හිරු එළියේ
කියන්න සියුමැලියේ

සීතල මදපවනේ
මම මල් ගොමු වෙත යන්නේ
මා සොයමින් එන්නේ
මගෙ පෙම්වත හමුවන්නේ

මල් පෙති අග රැඳි
පිණි බිඳු එක් කොට
ඔබෙ මුව පිරිමදිමි
මල්වල රොන් ගෙන
එම හා මුසු කොට
රස කර එය පොවමි

මල් අතරින් මම
හොඳම මලක් ගෙන
ඔබ වෙත එය පුදමි
ඒ සැමටම වැඩියෙන්
අගනා මගෙ
හදවත ඔබට දෙමි

සිරිබර හිමිදිරියේ
ආසිරි පැතිරෙන්නේ
මල් පෙති විසිරෙන්නේ
ගී හඬ මුසු වෙන්නේ

කොවුලන් නද දෙන්නේ
පොඩි කුරුලන් නද දෙන්නේ
අප දෙස බලමින්නේ
උන් සැමදෙන හිනැහෙන්නේ


මෙම ගීතයේ පසුව ගායනා කරන ලද අනුවාදයක්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Malbara Himidiriye Song Lyrics - මල්බර හිමිදිරියේ ගීතයේ පද පෙළ Malbara Himidiriye Song Lyrics - මල්බර හිමිදිරියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 13, 2021 Rating: 5

0 comments:

Post a Comment