Kelle Song Lyrics - කෙල්ලෙ ගීතයේ පද පෙළ

Kelle Song Lyrics - කෙල්ලෙ ගීතයේ පද පෙළ
Song Title : Kelle (කෙල්ලෙ)
Singing : Lil Ravixx & Eazy Wrld 
Directed By Nadun Panambara
Dop, Edit, Vfx & Colorists : Nadun Panambara
Lyrics : Lil Ravixx & Eazy Wrld
Mixed & Mastered : Gamunu Costa


දිලිසෙන්නෙ වගේ
ඇස් මුතු
ඔයා තමා හීන කෙල්ලා
මම පැතූ

උපදින භවයක මතු
මගේ වෙලා ඉන්න කෙල්ලෙ
නොවී අන්සතු

මිතුරන් සේ හමුවෙලා
අද හතුරන් සේ අපි
වෙන්වුනා
ආදරේ මම මත් වුනා
මැව්වා හීන මාළිගා හිත පුරා

කෙල්ලේ ආසයි තව සැරයක්
ඔය තුරුලේ රැදෙන්න
සිපගන්නම් හැම රෑම
උබ මං ලගින්ම

උඹේ ආදරේම ඕනේ වුනේ
මේ මටම රකින්න
ආසයි තව එක සැරයක්
ඔය රුවම දකින්න

අමතක වෙනකන්
ඔබ මත් කලා ආලෙන්
ගෙවී ගිය කාලේ
ඔය තුරුලෙම රහසෙ
ඉන්න ආසම මං
ඔය උනුහුම අස්සේ

නොදැනිම ගෙවී ගිය කාලේ
වෙනස්වුනා වාසේ
මං තාම ආදරෙයි කෙල්ලේ
එන්න මං ගාවට

අමතක වෙන්නේ නෑ
රහසින් අපි සිපගත්ත වාර
නුඹේ තැන ගන්නේ නෑ
හිතේ කවුරුවත්ම තාම

ජීවිතේම නැවතිලා වෙනස්
ලෝකයක් නේ මාර
පන්නන් ආවේ හෙමින් පස්සෙන්
කෙදිරිල්ල කන අස්සෙන්
දැවටිලා ඉන්න ඕනේ කෙල්ලේ
ඔය කෙහෙරැල්ලේ

හෙවනැල්ල වෙන තාලෙට
මගේ හදවත ගැස්සෙන්නේ
නුඹ වෙනතක ඉන්දී
අද සැප වැනසිල්ලේ

දිලිසෙන්නෙ වගේ
ඇස් මුතු
ඔයා තමා හීන කෙල්ලා
මම පැතූ

උපදින භවයක මතු
මගේ වෙලා ඉන්න කෙල්ලෙ
නොවී අන්සතු

මිතුරන් සේ හමුවෙලා
අද හතුරන් සේ අපි
වෙන්වුනා
ආදරේ මම මත් වුනා
මැව්වා හීන මාළිගා හිත පුරා

උඹේ හිත අස්සෙන් ලිව්වා මම
පුංචි කතාවක්
කතාවේ මම මැරෙනවා
දෙතුන් වතාවක්
උඹේ පුලුල් උකුල ලග
ආසයි ඉන්න සැදෑවක්
මතකද යහන උඩ සැපට
වැයූවා විනාවක්

ජාති ජාති බස්
උඹ ගොතපු දෙබස්
ඇග හිරි වැටෙනවා
දැක්කම උඹේ සෙක්සි ඈස්
ගෙල වට බැබලෙන උබේ ඔය මාලේ
දිලිසෙන්නේ රැස්
පොළවට උඩින් යන හැට් දැක්කම
වදිනවා කටවහ ඇස්

උබ මතක් වෙද්දී කෙල්ලෙ
යන්නෙනෑ රෑට නින්ද
ආයෙත් ඇවිලුවේ
ගේමක් දීලා නිවාගත්ත ගින්න
උඹලයි පහස විදින්න ඕනේ
හැම හැම රෑම
උඹත් ඇතුලේ කෙල්ලේ
මගේ හිතෙ බල බින්ද

කෙහෙරැල්ල අස්සේ වින්දේ
සුවය නිදහසේ
එරවිලි ගෙරවිලි අතරේ තේරුනා
අරුත සුර ලොවේ
තොල් සායම් දියවුනේ
නොදැනිම සයනෙ
ආයෙත් එනවද මගේ තනි යහනට
කෙල්ලේ පෙරසේ
කෙල්ලේ පෙරසේ
කෙල්ලේ පෙරසේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kelle Song Lyrics - කෙල්ලෙ ගීතයේ පද පෙළ Kelle Song Lyrics - කෙල්ලෙ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 13, 2021 Rating: 5

0 comments:

Post a Comment