වෙනස්ම ආකාරයේ පුඩිං වර්ග 5ක් හදමු (Pudim Hadamu)

වෙනස්ම ආකාරයේ පුඩිං වර්ග 5ක් හදමු (Pudim Hadamu)
අපි කල්පනා කළා මෙවර වෙනස්ම ආකාරයේ පුඩිං වර්ග 5ක් සාදාගන්නා ආකාරය පිළිබඳව ඔබව දැනුවත් කිරීමට. 

අන්නාසි පුඩිම

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • අන්නාසි ගෙඩි 01 (පොතු හැර කැබලි කපාගත්)
  • ටින් කිරි 01
  • ජෙලටින් තේ හැඳි 02
  • සීනි ග්‍රෑම් 300
  • වැනිලා, කජු සහ වියලි මිදි අවශ්‍ය තරමට

✅ සාදන ක්‍රමය :

  1. ටින්කිරි බඳුනකට දමා එයට වතුර ටින් 2ක් එක්කර සීනිවලින් මඳක් දමා ලිප තබා උණුකරන්න.
  2. පසුව මිශ්‍රණය ලිපෙන් ඉවතට ගෙන නිවෙන්නට හරින්න.
  3. අන්නාසි කැබලිවලට ඉතිරි සීනි දමා ලිප තබා මිශ්‍රණය පැණි වේගෙන එනවිට ලිපෙන් ඉවතට ගන්න.
  4. ජෙලටින් උණුවතුරෙන් දිය කර එයට කිරිද එක්කර අන්නාසි මිශ්‍රණයට දමා කලවම් කරන්න.
  5. දැන් පුඩිම බඳුනකට දමා උඩින් කජු සහ වියළි මිදි ඉස ශීතකරණයේ තබන්න

කැරට් පුඩිම

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • ග්‍රේටරයකින් ගා ගන්නා ලද කැරට් කෝප්ප 02
  • බටර් මේස හැඳි 1 1/2
  • සීනි ග්‍රෑම් 150
  • වියළි මිදි සහ කජු මද 25 – 30
  • දොඩම් යුෂ මේස හැඳි 02
  • විස්කෝතු කුඩු කෝප්ප 02
  • බිත්තර 01
  • බේකින් පව්ඩර් ස්වල්පයක්
  • එනසාල් කුඩු ස්වල්පයක්
  • දෙහි ලෙලි

✅ සාදන ක්‍රමය :

  • බිත්තරය හොඳින් ගසාගෙන එයට එනසාල් කුඩු මිශ්‍ර කර නැවත ගසා ගන්න
  • බඳුනක් ගෙන ඉහත සඳහන් ද්‍රව්‍ය ගසා ගත බිත්තර මිශ්‍රණය හා හොඳින් මිශ්‍රකරගන්න.
  • ඉන්පසුව බටර් ගෑ තැටියක දමා වණ්ඩුවේ තම්බාගන්න

රටඉඳි පුඩිම

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • ඇට ඉවත්කළ රටඉඳි ග්‍රෑම් 50
  • සීනි ග්‍රෑම් 250
  • බිත්තර 05
  • කිරි කෝප්ප 01
  • බේකින් පව්ඩර් තේ හැඳි 1/4
  • පිටි ග්‍රෑම් 250
  • සාදික්කා කුඩු තේ හැඳි 01

✅ සාදන ක්‍රමය :

  1. රටඉඳි සිහින්ව කපා ගන්න
  2. පිටිවලට බේකින් පවුඩර් දමා හලා ගන්න
  3. සීනි හා බිත්තර ගසා ගන්න
  4. එයට මදින් මද පිටි දමමින් ගසා ගන්න
  5. පවුස කිරි හා සාදික්කා කුඩු මිශ්‍ර කර ගන්න
  6. බටර් ගෑ තැටියකට පළමුව රටඉඳි දමා ඒ මතට අනෙක් මිශ්‍රණය දමන්න
  7. තෙල් කඩදාසියකින් වසා වාෂ්පයෙන් තම්බා ගන්න
  8. අවශ්‍යනම් කජු මද ස්වල්පයක් උඩින් ඉසින්න

වට්ටක්කා පුඩිම 

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • වට්ටක්කා ග්‍රෑම් 500
  • සීනි ග්‍රෑම් 150
  • මාගරින් ග්‍රෑම් 100
  • බිත්තර 01
  • බේකින් පවුඩර් තේ හැඳි 01
  • සිහින්ව කපා ගත කජු ග්‍රෑම් 100
  • ගෝල්ඩන් සිරප් මේස හැඳි 01
  • වැනිලා තේ හැඳි 1/2

✅ සාදන ක්‍රමය :

  1. වට්ටක්කා පොතු ඉවත් කර හුමාලයෙන් තම්බා ගන්න
  2. සීනි සහ මාගරින් හොඳින් මිශ්‍ර කර මෙයට බිත්තර කහමදයද එක් කර ගෝල්ඩන් සිරප් දමා කලවම් කරගන්න.
  3. බිත්තර සුදු මදයට ලුණු ස්වල්පයක් දමා පෙණ නගින තුරු ගසා ගන්න
  4. ගසා ගත බිත්තර සුදු මදයට තම්බා ගත් වට්ටක්ක, බේකින් පවුඩර්, කජු සහ වැනිලා ද දමා හොඳින් මිශ්‍ර කර ෆැරන්හයිට් අංශක 300 උෂ්ණත්වය යටතේ විනාඩි 45ක් පමණ බේක් කර ගන්න
  5. කස්ටඩ් යොදාගැනීමෙන් රසය වැඩි කර ගත හැකිය

අර්තාපල් පුඩිම

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • තම්බාගත් අර්තාපල් ග්‍රෑම් 450
  • කිරි පයින්ට් 1/2 (එළකිරි, පිටි කිරි හෝ පොල් කිරි)
  • මුද්දරප්පලම් ග්‍රෑම් 100
  • කිතුල් හකුරු ග්‍රෑම් 450
  • බිත්තර 04
  • වැනිලා සහ බටර් ස්වල්පය බැගින්

✅ සාදන ක්‍රමය :

  1. අල හොඳින් පොඩි කර බිත්තර හා හකුරුද එක් කර හොඳින් ගසා ගන්න
  2. මෙයට කිරිද එක් කර මුද්දරප්පලම් හා වැනිලා සමඟ එක්කර නැවත වරක් හොඳින් මිශ්‍ර කර ගන්න
  3. බටර් තවරන තැටියක දමා වාෂ්පයෙන් තම්බා ගන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
වෙනස්ම ආකාරයේ පුඩිං වර්ග 5ක් හදමු (Pudim Hadamu) වෙනස්ම ආකාරයේ පුඩිං වර්ග 5ක් හදමු (Pudim Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 05, 2021 Rating: 5

0 comments:

Post a Comment