සෙමට ගුණ දෙන තිප්පිලි ( Thithpili [ Titpili ] )

සෙමට ගුණ දෙන තිප්පිලි ( Thithpili [ Titpili ] )
✅ සෙමට ගුණ දෙන තිප්පිලි ආයුර්වේදයෙහි තිකුළු ලෙස දැක්වෙන ද්‍රව්‍ය අතරින් එකකි වෙළෙඳ පොළෙහි වර්ග කිහිපයක් ඇත. ඒවා නම් තිප්පිලි (වගපුල්) කුඩා කරල් සහිත (ගජ තිප්පිලි (අක්වගපුල්) – විශාල කරල් සහිත (මුරුක්කු තිප්පිලි) - ඇඹරුණු කරල් සහිත යනුවෙන් හැඳින්වේ. බිම දිගේ්වැතිර යන වර්ගය මෙන් ම කුඩා පඳුරක් ලෙස අඩි 2 ක් පමණ උසට වැඩෙන වර්ගයක්ද දක්නට ලැබේ.

✅ උද්‍යානවල වවනු ලබන ශාකයක් වන තිප්පිලි, ශ්‍රී ලංකාවේ පහතරට වියළි ප්‍රදේශවල වැවේ. හොඳින් ජලය බැස යන ලෝම පසක්, මනාව හිරු එළිය වැටෙන සෞම්‍ය දේශගුණයක් මෙම වගාවට ඉතා සුදුසුයි. මද සෙවණැති ස්ථානවලට අවශ්‍ය ජලය සැපැයීමෙන් වියළි කලාපයේ වුවද මේවා වවා ගත හැකියි.

🌿 මෙහි ඖෂධ සඳහා මුල් වියළි කරල් ප්‍රයෝජනයට ගනී. වා පිත් සෙම් සමනය කරයි. කුසගින්න නිවයි. ආහාර දිරවීම පහසු කරයි. පණුවන් නසයි.

🌿 අප පැරැණි වෙළෙඳ පොළවල තිප්පිලි ඖෂධය විවිධාකාරයෙන් රෝගවලදී අත් බෙහෙත් ලෙස භාවිත කර ඇත.

🌿 තන කිරි වැඩි වීමට තිප්පිලි මුල් හා ගම්මිරිස් මුල් චූරණය එළකිරෙන් බීමට දෙන්න. තිප්පිලි කරල් චූර්ණය තල තෙලින් බැද කොල්ලු ක්‍ෂාය සහ සූකිරි සමඟ බීම සෙම් සහිත කැස්සට සුදුසු වේ. තිප්පිලි කුඩු  කොටස් එකක් උක් හකුරු හෝ සූකිරි කොටස් දෙකක් මිශ්‍ර කර වරින් වර කෑම ඇදුමට සහ පරණ කැස්සට සුදුසුයි.

🌿 ඒ වගේම තිප්පිලි හෝ තිප්පිලි මුල් අඹරා නැවුම් ඇතිලියක ඇතුළු පැත්තේ හා එම භාජනයේ මීකිරි මුදවා එම කිරි වලින් තැනූ මෝරු දිනපතා පානය කිරීමෙන් අර්ශස් රෝගීන්ට සුවදායක වේ.

🌿 තිප්පිලි තරමක් උෂ්ණාධික ය. කටුක රසයෙන් යුක්තය. විරේචනය, ස්වාසය, කැස්ස, උදරය, උණ, කුෂ්ඨරෝග, ප්‍රමේහ, අර්ශස්, පිලාවෙහි දෝෂ, ආමවාත, නැසීම කරයි. අමු තිප්පිලි සෙම වඩයි. ශීතලයි. වියළි තිප්පිලි පිත කෝප කරයි. තිප්පිලි කරපිංචා, අරළු එක සමානව ගෙන සිහින් වීමට කොටා රෙද්දකින් හලා හදාගත් චූර්ණය උණු දිය සමග මිශ්‍ර කර පෙවීමෙන් කුඩා දරුවන්ගේ අජීර්ණ හා බඩ පිපුම නැති කරයි.

🌿 ආහාර රුචිය ඇති කිරීමට තිප්පිලි හා ඉගුරු කුඩු කර කෝපි මෙන් සාදා බොන්න.

🌿 නෙල්ලි කුඩු, තිප්පිලි කුඩු, ඉඟුරු කුඩු, අරළු කුඩු, සීනි හා ෂලඳ කුඩු යන මේවා සම සමව මිශ්‍ර කර මී පැණි හා තල තෙලින් අනා වරින් වර ලේප කරන්න.

🌿 එය කැස්සට තවත් අත් බෙහෙතකි. එසේම කටුවැල්බටු තිප්පිලි සම සමව ගෙන කුඩු කර මී පැණියෙන් අනා වරින් වර ටික ටික කෑමෙන් කැස්ස දුරුවේ. වියළි ඉඟුරු, කොත්තමල්ලි, තිප්පිලි මේවා කලං දෙක බැගින් ගෙන වතුර පත 8 – 4 ට සිඳ බැදි හාල් කලං 6 ක් දමා 1 ට සිඳ පෙරා තිප්පිලි කුඩු දමා වරකට පත 1 / 2 බැගින් උදය සවස පානයට සුදුසු වන්නේ සෙම්ප්‍රතිශ්‍යාවටයි. තිප්පිලි පැළයේ අතු බෙදෙන කඳ සිලින්ඩරාකාරය.

🌿 පත්‍ර පාදය හෘදාකාර වන හා රවුම්ව පිහිටි පාදයකින් යුක්තය. තද කොළ පැහැති දිලිසෙන සුළු මතුපිටින් ද පහළ පෘෂ්ඨයේ කැපී පෙනෙන නාරටි ද සහිත පත්‍ර වේ. කෙඳ් ගැටවලින් පැන නගින ආගන්තුක මුල්වලින් පසට සවි වේ. වෙන වෙන ශාකවල පිහිටන ස්ත්‍රී මල් සහ පුරුෂ මල් හට ගන්නේ නටුවක ගිලී ඇති අයුරෙනි. රවුම් පල ඉතා කුඩාය. මාංසල නටුවේ සම්පූර්ණයෙන් ම ගිලී ඇත. මුළු වසර පුරාම මල් හට ගනී.

විශ්මිත හෙළ ඔසු
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සෙමට ගුණ දෙන තිප්පිලි ( Thithpili [ Titpili ] ) සෙමට ගුණ දෙන තිප්පිලි ( Thithpili [ Titpili ] ) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 28, 2021 Rating: 5

1 comments: