සක්වල තරණයට පාර කැපූ තරු දොරටුව ( Star Gate ) - රන්මසු උයන (Ranmasu Uyana)

සක්වල තරණයට පාර කැපූ තරු දොරටුව ( Star Gate ) - රන්මසු උයන (Ranmasu Uyana) - Your Choice Way

අනුරාධපුර ඉසුරුමුණිය අසල ඇති රන්මසු උයන නම් වූ මඟුල් උයන් පරිශ්‍රයේ ඇති මෙය විවිධ ජ්‍යාමිතික හැඩතල , සත්ව රූප ආදියෙන් සමන්විත වූ චක්‍රයක් ලෙසින් දුටු පමණින් හඳුනාගත හැකි වුවද  , මේ චක්‍රය  පිළිබඳව මෙතෙක් ස්ථිර වූ තීරණයකට එළඹ නොමැත . 

මේ චක්‍රය
  1. අතීත ලෝක සිතියමක් ලෙස , 
  2. රජ දරුවන් මඟුල් උයන පරිශ්‍රයේ සිදු කරන ලද තන්ත්‍ර , යාග හෝම පිළිබඳ සටහනක් ලෙස ,
  3. මහායාන මන්ත්‍ර පඨනය හෝ භාවනා සඳහා උපයෝගී කරගත් සටහනක් ලෙස , 
  4. සුවිශාල ඉංජිනේරු නිමැවුමක , වාරි කර්මාන්තයක සැලසුමක් ලෙස , 
  5. මිනිස් මනසේ විශ්ලේෂණාත්මක සටහනක් ලෙස , 
  6. අධි මානසික ශක්තියෙන් බාහිර විශ්වය සමඟ  සන්නිවේදන කටයුතු කල දොරටුවක් ලෙස , 
  7. පිටසක්වල ජීවීන් හා සබඳතා පැවැත්වූ තරු දොරටුවක් ( Star Gate ) ලෙස , 
ආදී වූ නිර්වචන කිහිපයකින් අර්ථ නිරූපණය කර ඇත . 

සැබවින්ම මෙය කුමක්ද ? 

පුරාවිද්‍යා හා ඉතිහාසඥයින්ගේ කාල ගණනයන්ට අනුව අනුරාධපුර රන්මසු උයන ඉදිකර ඇත්තේ ක්‍රි . පු . 8 වන සියවසේදීය . 

නමුත් මෙම ස්ථානයේ සක්වල චක්‍රයට ඉහලින් ඇති ගල් තලාවේ ගල් තලාවේ සිදුකරන කරන ලද නිරීක්ෂණයක් තුලින් හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් දිසානායක මහතාට " පනති පනස "  ලෙසින් අක්ෂරයන්ගෙන් සමන්විත වූ ක්‍රි  පු 3 - ක්‍රි පු 1 වන සියවස ත් අතර කාලරාමුවකට අයත්  සෙල්ලිපියක් සොයාගැනීමට හැකිව ඇත . 

ඔහුගේ නිර්වචනයට අනුව , 
  • පන - ප්‍රාණි 
  • තිපනස - පනස් තුන ( 53 ) 
ලෙසින් අරුත් ගැන්වෙයි . 

මෙම චක්‍රයේ පිට රෝදයේ මත්සයන් , හක් බෙල්ලන් , කැස්බෑවන් , ඉබ්බන්  , කකුලුවන් , මුහුදු අශ්වයා , මුහුදු සිංහයා , දිය කිඳුරියක් ආදී වූ ජලජ ජීවීන් 20 ක් ඒකදිශානතිව නිරූපණය කර ඇත . 

අභ්‍යන්තරයේ සංකේත 33 කි . 

ඒ අනුව ජීවීන්ගේ හා සංකේත යන්ගේ එකතුව 53 කට සමාන වේ . 

H C P බෙල් මහතා විශ්ව චිත්‍රයක් ලෙසින් ද , 
මෙම චක්‍රය හඳුන්වා ඇති අතර , 

මෙහි ඉදිරිපසින් ආසන තුනක් සේ ගල් තලාවේ කොටා ඇති නිසා , භාවනා කිරීමට මෙම චක්‍රය උපයෝගි කරගත් බැව් පෙනේ . 

මෙම සිතියමේ පිරමීඩයක සලකුණක් ඇති අතර මෙවැනි සිතියම් ලෝකෙන්ම හමුව ඇත්තේ ඊජිප්තුවේ හා පේරු රාජ්‍යයේ ස්ථාන දෙකකින් වේ.  ඒ සෑම තරු සිතියම් හමුවූ තැනකින්ම වාගේ පිරමීඩ හමුව තිබේ . 

මේ ආශ්‍රිතව සුවිසල් පිරමීඩයක් දැක ගැනීමට නොහැකි වුවත් කුඩා පිරමීඩයක සලකුණු අසල හමුවේ . 

නූතනයේදී ,  වෙනත් චක්‍රාවාටයක ඇති සෞරග්‍රහ මණ්ඩලයක ඇති ග්‍රහලෝක කිහිපයක් කරා යා හැකි සිතියමක් ලෙසින් ද සලකන මෙය  , 

පෘථිවියේ සිට පිටසක්වල යනාවක් ගමන් කල යුතු මාර්ගය හා පිටසක්වල සිට නැවත පෘථිවිය කරා පැමිණීමේ මාර්ගය ලෙසින්ද මෙය නූතනයේදී අර්ථ දක්වා ඇත . 

අනුරපුර ඉසුරුමුණිය අසල ඇති රන්මසු උයනෙහි පිහිටා ඇති මෙය ඔබ නැරඹිය යුතුම ස්ථානයකි .

උරුමය රකිමු - උරුමය අගයමු .

උරුමයක වරුණ
සක්වල තරණයට පාර කැපූ තරු දොරටුව ( Star Gate ) - රන්මසු උයන (Ranmasu Uyana) - Your Choice Way

සක්වල තරණයට පාර කැපූ තරු දොරටුව ( Star Gate ) - රන්මසු උයන (Ranmasu Uyana) - Your Choice Way

සක්වල තරණයට පාර කැපූ තරු දොරටුව ( Star Gate ) - රන්මසු උයන (Ranmasu Uyana) - Your Choice Way

සක්වල තරණයට පාර කැපූ තරු දොරටුව ( Star Gate ) - රන්මසු උයන (Ranmasu Uyana) - Your Choice Way

සක්වල තරණයට පාර කැපූ තරු දොරටුව ( Star Gate ) - රන්මසු උයන (Ranmasu Uyana) - Your Choice Way

සක්වල තරණයට පාර කැපූ තරු දොරටුව ( Star Gate ) - රන්මසු උයන (Ranmasu Uyana) - Your Choice Way
👇👇👇 Our android app(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සක්වල තරණයට පාර කැපූ තරු දොරටුව ( Star Gate ) - රන්මසු උයන (Ranmasu Uyana) සක්වල තරණයට පාර කැපූ තරු දොරටුව ( Star Gate ) - රන්මසු උයන (Ranmasu Uyana) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 19, 2021 Rating: 5

0 comments:

Post a Comment