Sina Thotak Song Lyrics - සිනා තොටක් විය ඔබ ගීතයේ පද පෙළ

Sina Thotak Song Lyrics - සිනා තොටක් විය ඔබ ගීතයේ පද පෙළ
Song Title : Sina Thotak (සිනා තොටක් විය)
ගායනය : නිරෝෂා විරාජිනී
සංගීතය : රෝහණ වීරසිංහ
ගී පද : බන්දුල නානායක්කාරවසම්


සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්
මහෝගයක් විය ඔබෙන් ලැබු අපමණ අභිමන්
නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්
‍දුටුව නිසා ආදරයේ දෙව් ‍රුව ඔබගෙන් මං

සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්
මහෝගයක් විය ඔබෙන් ලැබු අපමණ අභිමන්
නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්
‍දුටුව නිසා ආදරයේ දෙව් ‍රුව ඔබගෙන් මං

පෝසත් ඔබ සිත ළග උවැසිය වී දැහැනට වී
සිටිය මිස නොදනිමි කොයි සිටියාදැයි මලවී
පුදසුන් මත මිස යද්දී සහසක් මල් පරවී
නොපිදු මල තවමත් ඇත ඔබ ගැන බැති බරවී

මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී
ඔබට ලංව දුක බෙදා ගන්ට බැරිකම දුකකී
මෙවැනි බැදුම් බැරි ලෝකය සිර ගෙයකී
එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී

සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්
මහෝගයක් විය ඔබෙන් ලැබු අපමණ අභිමන්
නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්
‍දුටුව නිසා ආදරයේ දෙව් ‍රුව ඔබගෙන් මං

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sina Thotak Song Lyrics - සිනා තොටක් විය ඔබ ගීතයේ පද පෙළ Sina Thotak Song Lyrics - සිනා තොටක් විය ඔබ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 27, 2021 Rating: 5

0 comments:

Post a Comment