Mada Seetha Nala Ralla Song Lyrics - මඳ සීත නල රැල්ල ගීතයේ පද පෙළ

Mada Seetha Nala Ralla Song Lyrics - මඳ සීත නල රැල්ල ගීතයේ පද පෙළ
Song Title : Mada Seetha Nala Ralla (මඳ සීත නල රැල්ල)
ගායනය : රූකාන්ත ගුණතිලක මහත්මා සහ චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය
පද රචනය : මානෙල් පෙරේරා
සංගීතය : ආර්. මුත්තුසාමි මහත්මා
වහල් දූපත චිත්‍රපටියේ එන ගීයකි.
මෙහි මුල් ගායනය සරත් සන්දනායක මහත්මා සහ දයා හේමන්තා අබේසේකර මහත්මිය ගෙනි.


මඳ සීත නල රැල්ල දැඟලිල්ල පා
කැළඹිල්ල දී දසත විසිරී ගියා
සිතුවිල්ල ඉතිරී සැනසිල්ල පැතිරී
පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා

ඔය බැල්ම දෙන කැළ්ම සුර ගීත පා
සුරතල්ම බව පේන රහසක් කියා
දුක කැළ්ම නැතිවී සිත ඇල්ම මතුවී
පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා

සුදු සේල මිහිදුම් අහසින් නැඟී
නිල් ලෝකයේ එළිය නොපෙනී වෙලී ...//
මගෙ දෑස පාදන්න ඔබෙ දෑස මට දෙන්න
ඔබ මාගෙ ජීවේ සදා

ඔය බැල්ම දෙන කැල්ම සුර ගීත පා
සුරතල්ම බව පේන රහසක් කියා
දුක කැළ්ම නැතිවී සිත ඇල්ම මතුවී
පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා

මගෙ දෑත ඔබ ගන්න ඔය දෑත මට දෙන්න
යුග ගීත පවසන්නකෝ ...//
ලොව මිහිර නරඹන්න මධු මිහිරි රස බොන්න
ඔබ මාගෙ ජීවේ සදා

මඳ සීත නල රැල්ල දැඟලිල්ල පා
කැළඹිල්ල දී දසත විසිරී ගියා
සිතුවිල්ල ඉතිරී සැනසිල්ල පැතිරී
පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා

ඔය බැල්ම දෙන කැළ්ම සුර ගීත පා
සුරතල්ම බව පේන රහසක් කියා
දුක කැළ්ම නැතිවී සිත ඇල්ම මතුවී
පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mada Seetha Nala Ralla Song Lyrics - මඳ සීත නල රැල්ල ගීතයේ පද පෙළ Mada Seetha Nala Ralla Song Lyrics - මඳ සීත නල රැල්ල ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 23, 2021 Rating: 5

0 comments:

Post a Comment