මිනිසා සහ අශ්ව හිස කැටයම - ඉසුරුමුණිය (Isurumuniya)

මිනිසා සහ අශ්ව හිස කැටයම  - ඉසුරුමුණිය (Isurumuniya) - Your Coice Way
ඉසුරුමුණිය යන්නෙන් අදහස් කර ඇත්තේ ඉසුරුමත් මුණිවරයාගේ වාසභවන යන්නයි . ලංකාවට දන්ත ධාතුව වැඩමවීමෙන් පසු මෙම ස්ථානයේ තැන්පත් කර තිබූ බැව් සඳහන් වේ .

ඉසුරුමුණිය ගල් කැටයම් කලාවේ ජීවමාන ප්‍රතිමූර්තියක් ලෙස හඳුන්වා දිය හැකිය . ඒ කෙසේ  නමුත් පැවති සාම්ප්‍රදායික සීමා මායිම් කඩා බිඳ දමමින් බෞද්ධ සිද්ධස්ථානයක ඇතුලුවන දොරටුවේ මිනිසා සහ අශ්ව හිස කැටයමක් නෙලා තිබීම ප්‍රහේලිකාවකට බඳුන් වෙන කරුණකි . 

ඒ කෙසේ නමුත් මේ කැටයම පිළිබඳව විවිධ උගතුන් වියතුන් විවිධාකාර වූ අර්ථ නිරූපණයන් ඉදිරිපත් කර ඇත . 

ආනන්ද කුමාරස්වාමි මහතා මෙමගින් නිරූපණය වන්නේ  කපිල ඉසිවරයා බැව් සඳහන් කරයි . 

මහාචාර්‍ය සෙනරත් පරණවිතානයන් මෙමගින් නිරූපණය වන්නේ අග්නි ( ගින්දර )සහ පර්ජණ්‍ය ( වැස්ස ) බවට අදහස් ප්‍රකාශ කර ඇත . 

තවත් මතයකින් කියවෙන්නේ යුද්ධයට ගොස් පැමිණි  අශ්වාරෝහකයෙක් තම අශ්වයා සමඟින් ලද ඇසිල්ලේ විවේක ගන්නා අයුරුය .

කරුණු කාරණා කෙසේ වුවත් හෙල ගල් කැටයම් කලාවේ කූට ප්‍රාප්තිය ඉසුරුමුණියේ ඇති මෙම කැටයමෙන් මෙන්ම ඉසුරුමුණි පෙම් යුවල කැටයමෙන්ද , රජ පවුල කැටයමෙන්ද විද්‍යාමාන වන බැව් කිවයුතුමය. 

උරුමයක අභිමානයත් සමගින් අභිමානවත් ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස දිවි ගෙවමු .

පෝස්ටුව කියවා අන් අයටත් කියවීමට share කරන්න . 

උරුමයක වරුණ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මිනිසා සහ අශ්ව හිස කැටයම - ඉසුරුමුණිය (Isurumuniya) මිනිසා සහ අශ්ව හිස කැටයම  - ඉසුරුමුණිය (Isurumuniya) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 10, 2021 Rating: 5

0 comments:

Post a Comment