Idin Mage Hitha Nathide Danne Song Lyrics - ඉදින් මගෙ හිත නැතිදේ දෙන්නේ ගීතයේ පද පෙළ

Idin Mage Hitha Nathide Danne Song Lyrics - ඉදින් මගෙ හිත නැතිදේ දෙන්නේ ගීතයේ පද පෙළ
Song Title : Idin Mage Hitha Nathide Danne (ඉදින් මගෙ හිත නැතිදේ දෙන්නේ)
Lyrics : Lakeeshan Madhushankha Suraweera (ලකීෂාන් මධුසංඛ සුරවීර)


පුර හඳක් නැති අන්ධකාරේ
තනිව තරුවක් දිලෙන මොහොතේ
හෙමි හෙමින් හිත පුරා පැටලී
නීල නෙතු මගෙ හදට ආවේ...

හිනා වී ඉඳ දෑස මානේ
මෙතෙක් නොඇසූ රහස් කීවේ
හිතම හිරවී රහස මත්තේ
හැඟුම් අසබඩ දඟ කළා වේ...

හමා ඇදෙනා සිහිල් පවනේ
රැලි වෙලෙන විට පපුව මත්තේ
හදෙහි හැංගී මටත් හොරැහේ
උණුසුමින් මට සුවය දෙන්නේ...

පැතුම් ගලනා සිහින නදියේ
දියවු සෙනෙහෙන් බිඳක් පෙවුණේ
මටම අමතක උණු නිමේශේ
මගෙ ලයට නුඹ හුස්ම දෙන්නේ...

මගේ තෙහිතම ගෙන තුරුල්ලේ
මගෙන් නාහම අරන් යන්නේ
මතක මං පෙත රැඳුනු ළඳුනේ
ඉදින් මගෙ හිත නැතිදේ දෙන්නේ......

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Idin Mage Hitha Nathide Danne Song Lyrics - ඉදින් මගෙ හිත නැතිදේ දෙන්නේ ගීතයේ පද පෙළ Idin Mage Hitha Nathide Danne Song Lyrics - ඉදින් මගෙ හිත නැතිදේ දෙන්නේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 09, 2021 Rating: 5

0 comments:

Post a Comment