ලංකාවේ හොල්මන් නගරයක්ද...? 🙄😳😱 (A ghost town in Sri Lanka ...?)

ලංකාවේ හොල්මන් නගරයක්ද...? 🙄😳😱 (A ghost town in Sri Lanka ...?) - Your Choice Way

කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේ හිටපු කොත්මලේ ගණිතයා කියන්නෙ අනාවැකි කීමේ අතිදක්ෂයෙක්. කොත්මලේ වැව හරහා නිතර ගමන් ගත්ත මේ දක්ෂ නැකැත්කරුවා කඩදොර සහ තිස්පනේ කියන කඳු දෙක අනාගතයේදී යා වන බවට ඒ කාලෙ අනාවැකියක් පල කරල තියනවා.

1979 වර්ෂයේදි කොත්මලේ ජලාශයේ වැඩ ආරම්භ කිරීමත් එක්ක කොත්මලේ ගණිතයා කියපු මේ අනාවැකිය ඇත්තක් බවට පත් වෙලා තිබෙනවා. ඒ කඩදොර සහ තිස්පනේ කඳු යා කරමින් විශාල බැම්මක් ඉදි කිරීම නිසා. 

1985 වර්ෂයේදි මේ කොත්මලේ වේල්ල ඉදිකිරීම නිමවෙන්නෙ ඒ අවට ගම්මාන 50කටත් අධික ප්‍රමාණයක් ජලයෙන් යටකර දමමින්. මේ විදිහට කොත්මලේ ජලාශයට යටවුණු ප්‍රදේශවල බෞද්ධ සිද්ධස්ථාන විශාල ප්‍රමාණයක් තිබිල තියනවා. වේල්ල ඉදිකිරීමෙන් පස්සේ ගෙවුණු වසර 37 තුල අධික වියළි කාලගුණයක් පැවති වතාවන් කිහිපයකදීම මේ වෙහෙර විහාර ඇතුලු ඉපැරණි ගම්මානවල නටඹුන් මතුවී තිබෙනවා.

මේ විදිහට මතුවන පැරණි නටඹුන් අතරේ කොත්මලේ කඩදොර විහාරයට හිමිවන්නේ විශේෂ තැනක්. තවමත් සහමුලින් වැනසී නැති බුද්ධ ප්‍රතිමාව, දේව ප්‍රතිමා සහ මකර තොරණ ආදියෙහි නටඹුන් කලින් කලට මතුවෙමින්, යළිත් මහා ජලකඳ තුළම සැඟව යන්නේ යම්කිසි ගුප්ත හැඟීමක්ද අපේ සිත්වල ඇති කරමින්.

පුදුම ලෝකය
ලංකාවේ හොල්මන් නගරයක්ද...? 🙄😳😱 (A ghost town in Sri Lanka ...?) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ලංකාවේ හොල්මන් නගරයක්ද...? 🙄😳😱 (A ghost town in Sri Lanka ...?) ලංකාවේ හොල්මන් නගරයක්ද...? 🙄😳😱 (A ghost town in Sri Lanka ...?) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 04, 2021 Rating: 5

0 comments:

Post a Comment