එග්ලස් කුකින් චොකෝ කේක් එකක් හදමු (Eggless Cooking Chocolate Cake With Cherries And Cashew Nuts)

එග්ලස් කුකින් චොකෝ කේක් එකක් හදමු (Eggless Cooking Chocolate Cake With Cherries And Cashew Nuts) - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

චොකෝ කේක් එක සදහා අවශ්‍ය ද්‍රව්‍ය :
  • පිටි කෝප්ප 1 ½
  • කොකෝවා පව්ඩර් මේස හැදි 03
  • සීනි කෝප්ප 01
  • බේකින් සෝඩා තේ හැදි 01
  • ලුණු තේ හැදි ½
  • විනාකිරි තේ හැදි 01
  • වැනිලා තේ හැදි 01
  • එළවළු තෙල් මේස හැදි 05
  • වතුර කෝප්ප 01
ක්‍රීම් චීස් අයිසින් එක සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය :
  • ක්‍රීම් චීස් 50g
  • අයිසින් ෂුගර් 75g
කුකින් චොක්ලට් අයිසින් එක සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය :
  • කුකින් චොකලට් 50g
  • කොකෝවා පවුඩර් කෝප්ප ¼
  • නැවුම් කිරි (ෆ්‍රෙෂ් මිල්ක්) කෝප්ප ¼ + මේස හැදි 02
  • අයිසින් ෂුගර් කෝප්ප 1 ½
  • බටර් කෝප්ප ½
  • වැනිලා තේ හැදි 02
කේක් එක මතුපිට සැරසීමට :
  • වයිට් චොකලට් 50g + ෆ්‍රෙෂ් මිල්ක් මේස හැදි 03
  • කජු 100g
  • චෙරිස් 100g
කේක් එකට උඩින් ගසන අකුරු සදහා :
  • කුකින් චොකෝ 50g පමණ

✅ සාදන ක්‍රමය :

  1. අවන් එක සෙල්සියස් 175 (ෆැරන්හයිට් 350) උෂ්ණත්වයට මිනිත්තු 10ක් රත් කර තබාගන්න.
  2. කේක් තැටිය ලයිනින් කරගන්න.මම ගත්තෙ හාට් ශේප් පොඩි කේක් ට්‍රේ එකක්.
  3. පිටිවලට කොකෝවා පව්ඩර්, සීනි, බේකින් සෝඩා, ලුණු කුඩු, එකතු කර හැන්දකින් හොදින් මිශ්‍ර කරන්න.
  4. දැන් මිශ්‍රණයේ කුඩා වලවල් 03ක් යන්තමින් සාදා එම වලවල් වලට වෙන වෙනම විනාකිරි, එළවළු තෙල් හා වැනිලා එකතු කරන්න.හැන්දකින් සියල්ල මිශ්‍ර කරන ගමන් වතුර කොප්පක්ද එකතු කර කේක් මිශ්‍රණය මෘදු වන තෙක් ගෑරැප්පුවකින් හොදින් කලවම් කරන්න.
  5. දැන් කේක් මිශ්‍රණය තැටියට දමා විනාඩි 45ක් බේක් කරන්න. හොදින් බේක් වී ඇත්දැයි ටුත් පික් එකක් මගින් පරික්ෂා කර බැලිය හැක. කේක් එක කූලින් ට්‍රේ එකට දමා හොදින් නිවෙන්නට දෙන්න.
  6. කේක් එක සැන්විච් කිරීමට කේක් එක පරිස්සමින් හරස් අතට දෙකට කපන්න. සැන්විච් කිරීමට ක්‍රීම් චීස් අයිසින් එක සාදා ගනිමු.
  7. ක්‍රීම් චීස් වලට අයිසින් දමා මෘදු වන තෙක් බටර් හැන්දකින් හොදින් ගසන්න.
  8. යට පලුවේ උඩ ක්‍රීම් චීස් අයිසින් තවරා උඩ පලුවෙන් වසන්න.
  9. කුකින් චොක්ලට් අයිසින් එක සාදා ගනිමු. කුකින් චොකලට් ටික ඩබල් බොයිල් ක්රයමයට දිය කරගන්න.(ඩබල් බොයිල් - කුකින් චොකලට් යෙදූ බදුන හෝ බෑගය උණු වතුර බදුනක් මත තබා දිය කරගැනීම)
  10. දැන් වෙනම බදුනක් ලිප තබා එයට බටර්, කොකෝවා පවුඩර්, හා කිරි එකතු කර මද ගින්දරේ හැදි ගාන්න. මෙය බුබුළු දමන විට ලිපෙන් ඉවත් කරගෙන එයට අයිසින් ෂුගර් එකතු කරමින් කැටි නොගැසෙන සේ හොදින් හැදි ගාන්න. එයට වැනිලා ද එකතු කරගන්න. දිය කරගත් කුකින් චොකලට් ටිකද එයට එකතු කරමින් කලවම් කරගෙන කුකින් චොකලට් අයිසින් එක සාදාගන්න.
  11. දැන් කුකින් චොකලට් අයිසින් එකෙන් මුළු කේක් එකම ආවරණය කරගත යුතුයි.
  12. වයිට් චෝකෝ වලට ෆ්‍රෙෂ් මිල්ක් මේස හැදි 03ක් පමණ එකතු කර ඩබල් බොයිල් ක්‍රමයට් දිය කරගෙන පයිපින් බෑගයට දමා කේක් උඩ හාට් ශේප් දෙකක් ඇද ගන්න. එම ඇදගත් හාට් ශේප් එකේ මැදට චෙරිස් පිරවිය යුතුයි. චෙරිස් වලින් බාගයක් ගෙන කුඩාවට කපා වයිට් චොකෝ වලින් ඇද ගත් හාට් එක ඇතුලට චෙරිස් කුඩා කැබලි හා චෙරි යුෂද වත් කරන්න. ඉතුරු චෙරිස් ටික දෙකට මැදින් කපා එයට උඩින් තබන්න.
  13. කජු ටික චොපරයකින් කුඩාවට කපාගෙන හැන්දක් මගින් කේක් එක වටේට හා කේක් එකේ උඩ දාරයට අලවගන්න. වැඩිපුර කජු කැබලි ඉවත් කරගන්න.
  14. ඉතිරි වූ කුකින් චොකෝ මිශ්‍රණය කේක් එක මතුපිට දාරයේ සිට බිමට වැටෙන ලෙස වත් කරගන්න.
  15. කේක් එකට උඩින් ගසන අකුරු සදහා - කුකින් චොකෝ 50 පමණ ඩබල් බොයිල් ක්‍රමයට දියකරගෙන පයිපින් බෑගයකින් පැතලි බෝඩ් එකක් මත ඇදගෙන මිනිත්තු 20ක් පමණ ඝන වීමට තබා කේක් එක උඩට ගසා ගන්න. 
එග්ලස් කුකින් චොකෝ කේක් එකක් හදමු (Eggless Cooking Chocolate Cake With Cherries And Cashew Nuts) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
එග්ලස් කුකින් චොකෝ කේක් එකක් හදමු (Eggless Cooking Chocolate Cake With Cherries And Cashew Nuts) එග්ලස් කුකින් චොකෝ කේක් එකක් හදමු (Eggless Cooking Chocolate Cake With Cherries And Cashew Nuts) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 10, 2021 Rating: 5

0 comments:

Post a Comment