දැලිවල කොටවෙහෙර - රඹුක්කන (Daliwala Kotawehera - Rabukkana)

දැලිවල කොටවෙහෙර - රඹුක්කන (Daliwala Kotawehera - Rabukkana) - Your Choice Way
කෑගල්ල දිස්ත්‍රික්කයේ ඇති පැරණිම දාගැබයි . ක්‍රි . පු . 2 වන සියවස තරම් ඈත අතීතයේදී මෙය ගොඩනංවා ඇත .

අනුබුදු මිහිදු හිමිගේ වැඩමවීමෙන් මෙම චෛත්‍යයෙහි වැඩ ආරම්භ කල බැව් වංශකතාවල සඳහන් වේ . විශාලත්වයෙන් දැදිගම කොටවෙහෙරට පමණක් දෙවැනි වේ .

මෙම චෛත්‍යයෙහි කැණීම් තුලින් ඉතා විශාල පුරාවස්තු රාශියක් සොයා ගත හැකිවිය . ඒ අතර මැණික් , පළිඟු , පබලු , ධාතු කරඬු ප්‍රධාන වේ . 

සේද රෙදි කඩකින් ඔතන ලද රන් කරඬුවක් හමුවූ අතර , එම කරඬුව තුල ධාතුන් වහන්සේලා තිබී ඇත . 

මෙම සේද රෙදි කඩ විද්‍යාගාර කාබන් 14 පරීක්ශනය මඟින් වසර 2300 ක් පමණ පැරණි බැව් සනාථ කර ගෙන ඇත . ඒ තරම් ඈත කාල වකවානුවකදී පවා භාවිතා කරන ලද එම සේද රෙදි කඩ වර්තමාන කැණීම් සිඳු කරන විටත් නොනැසී පැවතීම සුවිශේෂී දෙයකි . 

අතීතයේදී , වර්තමානයේ පවතින දාගැබට වඩා විශාලත්වයෙන් දාගැබ තිබූ බැව් වටේටම  ඇති පැරණි පාදම සාක්ශි සපයයි . 

අපේ උරුමය අගයන ඔබ නැරඹිය යුතු සුවිශේෂී පුදබිමක් වන මෙය , වර්තමානයේ ඉදිකරන ලද පුරාවස්තු රාශියකින් සමන්විත කෞතුකාගාරයකින් ද යුක්තය . 

රඹුක්කන - දොඹේමඩ පාරේ , රඹුක්කන සිට 4km ක් ඈතින් දැලිවල ග්‍රාමයේ පිහිටා ඇත
දැලිවල කොටවෙහෙර - රඹුක්කන (Daliwala Kotawehera - Rabukkana) - Your Choice Way

දැලිවල කොටවෙහෙර - රඹුක්කන (Daliwala Kotawehera - Rabukkana) - Your Choice Way

දැලිවල කොටවෙහෙර - රඹුක්කන (Daliwala Kotawehera - Rabukkana) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දැලිවල කොටවෙහෙර - රඹුක්කන (Daliwala Kotawehera - Rabukkana) දැලිවල කොටවෙහෙර - රඹුක්කන (Daliwala Kotawehera - Rabukkana) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 11, 2021 Rating: 5

0 comments:

Post a Comment