රසට තිබ්බටු කොස් ඇට මාළුව හදමු (Thibbatu Kos Ata Maluwa)

රසට තිබ්බටු කොස් ඇට මාළුව හදමු (Thibbatu Kos Ata Maluwa) - Your Chice Way
හදමුද තිබ්බටුයි කොස් ඇටයි එකට දාලා රසම රස මාළුවක්? උම්බලකඩ ටිකක් එහෙම දාලා හරිම රසට මේ මාළුව හදාගන්න පුලුවන්. බලන්නකෝ එහෙනම් හදන විදිහ.

✅ අවශ්‍ය දේවල්:

  • තිබ්බටු 200g
  • පොත්ත අයින් කර තම්බා කෑලි වලට කපා ගත් කොස් ඇට 15ක් පමණ
  • මිරිස් කුඩු තේ හැදි 1ක් පමණ (අවශ්‍ය ප්‍රමාණයට අඩු වැඩි කර ගන්න.)
  • කහ කුඩු ස්වල්පයක්
  • තුනපහ කුඩු තේ හැදි ½ ක් පමණ
  • ලුණු (රස අනුව)
  • සිහින්ව ලියා ගත් රතු ලූණු ගෙඩි 6 - 7ක් පමණ
  • කපා ගත් අමු මිරිස් කරල් 1 - 2ක් පමණ
  • උම්බලකඩ කෑලි ටිකක් (කැමති නම් පමණක්)
  • රම්පේ
  • කරපිංචා
  • මිටි කිරි අඬු කෝප්ප ½ ක් පමණ
  • දිය කිරි අඬු කෝප්ප ¾ ක් පමණ

✅ සාදා ගන්නා ආකාරය:

  1. මුලින්ම තිබ්බටු වල නැටි ගලවලා හොදට සෝද ගෙන ඇතිලියකට දමා ගන්න.
  2. පස්සේ ඒකටම තම්බා ගත් කොස් ඇට කෑලි ටිකත් දා ගන්න.
  3. දැන් ඒකටම කහ කුඩු, මිරිස් කුඩු, තුනපහ කුඩු දාලා හොදට අත ගා ගන්න.
  4. ඊට පස්සේ ඒකටම රතු ලූණුයි, අමු මිරිසුයි, කරපිංචායි, රම්පෙයි, උම්බලකඩ කෑලි ටිකයි එක්ක දිය කිරි දාලා සාමාන්‍ය ගින්දරේ ලිපේ තියන්න.
  5. කිරි නැටුවට පස්සේ රස අනුව ලුණුත් එකතු කරන්න.
  6. අන්තිමට තිබ්බටු ටික සාමාන්‍ය ගානකට තැම්බිලා කිරි හිදී ගෙන එන කොට ඒකට මිටි කිරි ටික දාලා නටනකන් උයා ගෙන ලිපෙන් බා ගන්න ඕනේ. (නැත්තම් හොද්ද හොදට බස්ස ගන්නත් පුළුවන්.)

✅ වැදගත්:

  • කැමති නම් වෙනම පොඩි තාච්චියක් තෙල් ටිකක් දාලා රත් වෙන්න තියලා ඒකට අබ ඇට පොඩ්ඩක් දාලා පිපිරුනාට පස්සේ, හීනියට ලියා ගත්ත රතු ලූණු ටිකකුයි, චොප් කර ගත්ත සුදුලූණු ටිකකුයි දා ගෙන රන්වන් පාටට තෙම්පරාදු කරන් හදා ගත්ත තිබ්බටු එකක එකතු කරන්න පුළුවන්.
රසට තිබ්බටු කොස් ඇට මාළුව හදමු (Thibbatu Kos Ata Maluwa) - Your Chice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
රසට තිබ්බටු කොස් ඇට මාළුව හදමු (Thibbatu Kos Ata Maluwa) රසට තිබ්බටු කොස් ඇට මාළුව හදමු (Thibbatu Kos Ata Maluwa) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 05, 2021 Rating: 5

0 comments:

Post a Comment