Snehaye Werala Song Lyrics - ස්නේහයේ වෙරළ ගීතයේ පද පෙළ

Snehaye Werala Song Lyrics - ස්නේහයේ වෙරළ ගීතයේ පද පෙළ
Song Title : Snehaye Werala (ස්නේහයේ වෙරළ)
ARTISTS - DULSHARA DE ALWIS
LYRICS - KANCHANA ANURADHI
MELODY - DEVIN DE ALWIS
MUSIC ARRANGEMENTS - CHAMEL SHAVINDHA & DEVIN DE ALWIS

ස්නේහයේ වෙරළ සිඹ
ඇදී යන සිනිඳු රළ
ගෙනෙන සිහිලැල් සුවඳ
තරම් සිසිලක් කොහෙද

නිල්විලකි සාගරේ – මුතු දිදුලනා / සඳ වෑහෙනා
සංසාරෙ පැතුසේම – නුඹ හමුවුණා

දයිවයේ සැඩ පහර
නවතන්න බෑ අපට
අඳුරු සෙවනැලි අතර
දිනුම පැරදුම නුඹය

නිල්විලකි සාගරේ – සඳ වෑහෙනා
සංසාරෙ පැතුසේම – නුඹ හමුවුණා

තරු එළියෙ උණුහුමට
තුරුළු කරගමි ලයට / නුබ වැලඳ ගමි නැවත
නොමියෙනා ප්‍රේමයේ
කිරුළ අපටයි උරුම
අඳුරු සෙවනැලි අතර
දිනුම පැරදුම නුඹය

නිල්විලකි සාගරේ – සඳ වෑහෙනා
සංසාරෙ පැතුසේම – නුඹ හමුවුණා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Snehaye Werala Song Lyrics - ස්නේහයේ වෙරළ ගීතයේ පද පෙළ Snehaye Werala Song Lyrics - ස්නේහයේ වෙරළ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 04, 2021 Rating: 5

0 comments:

Post a Comment