පූනා ඇල්ලේ සුන්දරත්වය විදින්න යමුද? - පූනා ඇල්ලේ 🍃🌱🎋🌳 ( Puna Ella )

පූනා ඇල්ලේ සුන්දරත්වය විදින්න යමුද - පූනා ඇල්ලේ 🍃🌱🎋🌳 ( Puna Ella ) - Your Choice Way
අද අපි කතා කරන්නේ පූනා ඇල්ල ගැනයි...මේ ඇල්ලට රම්බොඩ ඇල්ල කියලත් කියනවා...

රම්බොඩ කියන ගමේ නම ප්‍රසිද්ධ වුණෙත් මේ ඇල්ල නිසා. රම්බොඩ මේ ඇල්ල ඇරුනම තියෙන අනිත් වැදගත්ම දේ තමයි රම්බොඩ උමඟ. 

මහනුවර ඉඳලා නුවරඑළියට යන ප්‍රධාන මාර්ගයේ අතරමග රම්බොඩ උමඟ පහුවෙනවාත් එක්කම තමයි රම්බොඬ ඇල්ල තියෙන්නේ. 

ඇල්ලේ උඩ රම්බොඩ ඇල්ල හා පහළ රම්බොඩ ඇල්ල කියලා කොටස් දෙකක් තියෙනවා. 

නුවරඑළිය පාරේ ඉඳන් බලද්දී ඔයාලා දකින්නේ දිය ඇල්ලේ මැද සහ යට කොටස විතරයි. 

මේ දෙකටම වැඩිය ලස්සන උඩ කොටස බලන්න නම් දිය ඇල්ල ළගින් උඩට නගින්න තියන අඩි පාරේ මීටර් 750ක් වගේ යන්න ඕනි. 

දෙකම බලන්න ප්‍රධාන මාර්ගයේ ඉඳලා පොඩි දුරක් උඩට හා පහළට යන්න ඕනෑ. උඩට යන්න තියෙන පාර පඩිපෙළවල් දාලා හදලා තියෙන්නේ. 

හැබැයි දැන් නම් පොඩ්ඩක් වල්වැදිලා. ඒ වුණාට ඒකත් ලස්සනයි. 

උඩරම්බොඩ ඇල්ල බලන්න පඩිපෙළ දිගේ ඉහළටම නැග්ගාට පස්සේ නැරඹුම් අට්ටාලයක් හදලා තියෙනවා. 

නැරඹුම් අට්ටාලයට ගිහිල්ලා බලන්නත් පුළුවන්. ඒ වගේම අට්ටාලයට යටින් ඇල්ල පාමුලට ගිහිල්ලා ඇල්ල බලන්නත් පුළුවන්. ඇල්ල පාමුලට ගියාට පස්සේ නම් වටේට දියඇළි විමානයක් වගේ දැනේවි. 

රම්බොඩ ඇල්ලට අමතරව වටේට තව කුඩා දියඇළි රුසක් කඩාගෙන වැටෙනවා. ලංකාවේ උසින් 11 වැනි ස්ථානය හිමිකර ගන්නා රම්බොඩ ඇල්ල ලෝකයේ දිය ඇලි අතුරින් 729 වැනි ස්ථානය හිමි කරගන්නවා.

මේ ආසන්නයේම තියෙන තවත් අපූරැ තැනක් තමයි රම්බොඩ හනුමාන් කෝවිල. ලංකාවට ආපු හනුමාන් සීතා දේවිය හොයාගෙන පැන්නේ මෙතෙන්ටලු.

මේ පූනා ඇල්ල හරි වෙනම ස්වරූපයක් ගන්නවා දෙපැත්තෙන් එන ගංගා දෙකක් එකම තැනකදී පහලට කඩා වැටෙනවා..

Y අකුරක හැඩේට තමා ඒක කඩා හැලෙන්නේ..

ඉතින් මේ සුන්දරත්වය විදගන්න ඔබත් මෙහි යන්න.

පින්තූර Ashen C
පූනා ඇල්ලේ සුන්දරත්වය විදින්න යමුද? - පූනා ඇල්ලේ 🍃🌱🎋🌳 ( Puna Ella ) - Your Choice Way

පූනා ඇල්ලේ සුන්දරත්වය විදින්න යමුද? - පූනා ඇල්ලේ 🍃🌱🎋🌳 ( Puna Ella ) - Your Choice Way

පූනා ඇල්ලේ සුන්දරත්වය විදින්න යමුද? - පූනා ඇල්ලේ 🍃🌱🎋🌳 ( Puna Ella ) - Your Choice Way

පූනා ඇල්ලේ සුන්දරත්වය විදින්න යමුද? - පූනා ඇල්ලේ 🍃🌱🎋🌳 ( Puna Ella ) - Your Choice Way

පූනා ඇල්ලේ සුන්දරත්වය විදින්න යමුද? - පූනා ඇල්ලේ 🍃🌱🎋🌳 ( Puna Ella ) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පූනා ඇල්ලේ සුන්දරත්වය විදින්න යමුද? - පූනා ඇල්ලේ 🍃🌱🎋🌳 ( Puna Ella ) පූනා ඇල්ලේ සුන්දරත්වය විදින්න යමුද? - පූනා ඇල්ලේ 🍃🌱🎋🌳 ( Puna Ella ) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 25, 2021 Rating: 5

0 comments:

Post a Comment