ඕට්ස් අග්ගලා හදමු - සිංහල අවුරුදු කෑම ( Oats Aggala Hadamu - Sinhala Awurudu Kama )

ඕට්ස් අග්ගලා හදමු - සිංහල අවුරුදු කෑම ( Oats Aggala Hadamu - Sinhala Awurudu Kama ) - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය:

  • ඕට්ස් ග්‍රෑම් 100 
  • සීනි ග්‍රෑම් 50
  • වතුර අඬු කෝප්ප 1 
  • ලුණු තේ හැඳි  1/4
  • වැනිලා ස්වල්පයක් 
  • ගාගත් පොල් කෝප්ප 2
  • තල තේ හැඳි 3 
  • වැනිලා ස්වල්පයක් 
  • පොඩි බිස්කට් පැකට් 1 (100 g)

✅ සාදන ක්‍රමය:

මේක මේ මට හිතුන අදහසකට අනුව විනාඩි 15 ක් වගේ පොඩි වෙලාවක් තුල හදපු ක්ෂණික කෑමක්.ඇත්තටම මේකට ඕට්ස් අග්ගලා කියල කියන්න පුළුවන්ද කියලත් මම දන්නෙ නෑ.ඕට්ස් ටිකක් තිබුණා කල් ඉකුත් වෙන්න ඔන්න මෙන්න වගේ.විසි කරන්නෙ මොකටද කියල හිතුනා.ඉතින් හිතට ආපු අදහසකට අනුව ඉක්මනින් හැදුව ඉතින් 😃

  1. ♦️ ප්‍රථමයෙන්ම ඕට්ස් ටික ගත්ත ගමන් මම නම් බැලුවෙ ගුල්ලො එහෙම ගහලද කියල. කෝකටත් කියල පොඩ්ඩක් හලල බැලුව. අවුලක් වෙලා නෑ.ඊට පස්සෙ ඒ ටික පොඩ්ඩක් රන්වන් පාට වෙනකන් බැද ගත්ත.(ගොඩක් කර වෙන්න බදින්න එපා.පොඩ්ඩක් පාට වෙනස් උනාම ඇති) ඒ එක්කම තල ටිකත් පොඩ්ඩක් බැදල අර ගත්ත.
  2. ♦️ දැන් ඒ ටික පොල් ටිකත් එක්ක කවලම් කරල ලුණු පොඩ්ඩක් දාල පැත්තකින් තිබ්බා
  3. ♦️ දැන් පැණි එක හදා ගන්න ඕන.වතුර අඬු කෝප්පය දාල සීනි ටිකත් දලා ලිපේ තියල පදම එන තුරු හැඳි ගගා බලන්න. පැණි එකක් හදන කොට අනිවාර්යයෙන්ම දුඹුරු සීනි අර ගන්න.(පොඩ්ඩක් බලන්න බුබුළු දාල එද්දි උඩට වක්කරල බලද්දි නූලක් වගේ ඇදෙනවා නම් ඔන්න පදම හරි) හකුරු වගේ තියේනම් තවත් හොඳයි.
  4. ♦️ දැන් ලිප නිවල වැනිලා ස්වල්පයක් එකතු කරල කවලම් කරල මේකට අපි හදා ගනිපු ඕට්ස් මිශ්‍රණය දාල කවලම් කරන්න.කවලම් කරල ගුලි හදා ගන්න.නැත්නම් ලෑල්ලක තුනී කරන්න.වෙන මුකුත් ඕන නෑ.මේ විදියට කන්න උනත් පුළුවන්. 
  5. ♦️ ඒත් මම තව පොඩි දෙයක් එකතු කරා. බිස්කට් ටිකක් අරන් බ්ලෙන්ඩ් කරල හදපු අග්ගලා වල තැවරුවා.මම ගත්තෙ ක්‍රීම් ක්‍රැකර් බිස්කට්.ඕන නම් ඉතින් කෝන් පිටි ටිකක් එක්ක සීනි ටිකක් බ්ලෙන්ඩ් කරල තවර ගන්නත් පුළුවන්.
🔴 මේක මේ හිතුන ගමන් හැදුව දෙයක් නේ.මම කිව්වෙ මෙහෙම කෑමක් තියේද දන්නෙත් නෑ කියල.ඉතින් මට හිතෙනවා මේක හදද්දි ඕට්ස් වලට කොකෝවා පවුඩර් ටිකක් සහ චොකලට් චීප්ස් ටිකක් ආව නම් සුපිරි රසක් එන්න තිබුණ කියල.ඔයාල හදන කොට ඒ විදියට හදල බලන්න.මම විශ්වාස කරනවා එතකොට අනර්ඝ රසයක් එකතු වෙයි කියල.එහෙම හදල බලල කියන්න.

ආදරණීය ඔබ වෙනුවෙන් පණිවිඩයක් 
🔴🔴 හැමදාම කියනවා වගේ ඔය කඩවල තියන කෘතීම විස රස කාරක ඔබ්බල තියන අති බයානක දේවල් ගිලල ඔයාලත් ලෙඩ වෙලා ළමයිනුත් ලෙඩ කරනවට වඩා මේ වගෙ දෙයක් හදල කන්න.අනික ඕට්ස් කියන්නෙ හරිම ගුණ දායක දෙයක්.ඒ වගේම මේ විදියට බත් වේලල උනත් හදා ගන්න පුළුවන්.උපරිම විනාඩි 15 ක් යාවි.ඇත්තටම අපේ රට තමයි ඔය විෂ ආහාර ගන්න ලැයිස්තුවේ එකට ඉන්නෙ.ඔය අපි රස කර කර කන සමහර බිස්කට් බොහෝ රටවල තහනම්.වැඩිය ඕන නෑ බලය ජවය ශක්තිය කියල උදේට Palm oil පිටි එකක් බොන රටක් නේ.අනිත් කිරිපිටි ගැන කතා කරල වැඩක්ම නැහැ.මම නම් දේශකයෙක් වශයෙන් මගේ හැම සිසුවෙක්ම දැනුවත් කරනවා.දැන් මගේ සිසුන් සහ ඔවුන්ගෙ බොහෝමයක් දෙමාපියන් වෙනස් වෙලා.ඉස්සර කඩෙන් කාපු ළමයි දැන් පොල් සම්බල් එක්ක හරි බත් අරන් එන මට්ටමට ඇවිත්. අඩුම හුණු සහල් බතක් හෝ අරන් එනව.කිරි පිටි බොන එක සපුරාම නතර කරල.දැන් මගේ සිසුන්ගෙ ගෙවල් වල කුමක් හෝ කෑමක් සෑම සතියකම හදන්න පටන් අරන්.ඒක ඔවුන් පුරුද්දක් කරගෙන.අපේ දේට හුරු වෙලා.කඩ කෑම වෙනුවට වඩයක් හරි හදන්න පුරුදු වෙලා.ඒක නේද වෙන්න ඕන.

🔴🔴 මම මේ group එකේ ඉන්න හැමෝටම කියනවා ඔබලා විවේකීව ඉන්න වෙලාවක Youtube එකේ බලන්න විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගෙ සාකච්ඡාවන්.මොකද මාධ්‍යය වලින් තොරතුරු වසන් කරනවා වෙළඳ දැන්වීම් වලට පාඩු නිසා.

🔴🔴🔴 ඉතින් මම මෙම group එකේ ඉන්න සියළුම දෙනාටම ආදරයෙන් ආරාධනා කරනවා පරපුරක සෞඛ්‍ය සම්පන්න බව වෙනුවෙන් එක් වෙන්න කියල.ඔබ වෙනස් වෙන්න.එතකොට ඔබේ මුළු පවුලම වෙනස් වේවි.ඔව්. අපි අපේ දේට නැවත යමු. ❤

😍 බොහෝ දෙනෙක් මට ප්‍රසංශා කරල තියනවා.අගය කරනවා.ආශිර්වාද කරනවා. ඒ අයට අනේකවරයක් ස්තුතියි 🙏.නමුත් මට තියන කාර්‍ය බහුලත්වය නිසා වෙන වෙනම ප්‍රතිචාර දක්වන්න වෙන්නෙ නෑ.👹️ හැබැයි ඉතාම සුළු පිරිසක් නින්දිත විදියට බැනලත් inbox දාල තිබුණ.මොකද මම වස විස කෑම ගැන සහ කඩ වල් වල අන්තරාදායක කෑම ගැන නිතර කියන නිසා.සමහර විට මේකෙන් පස්සෙ වැඩි වේවි 😃

♦️ඉතින් ආයෙ දවසක මේ වගේ තවත් රසම රස රෙසිපි එකකින් හමුවෙමු. ඔයාල සියළුම දෙනාට නිදුක් නීරෝගී සුවයෙන් සැමකල් ජීවත් වීමට වාසනාව ලැබේවා කියල වෙනද වගේම අදත් හදවතින්ම ආශිර්වාද කරනව 
උතුම් තෙරුවන් සරණයි සියළුම දෙනාට ☸ 

✍️ ගයාන් විදාන පතිරණ 
Lecturer in Management & English Language CA, IELTS Examiner, Ex-Banker, JP (All Island)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඕට්ස් අග්ගලා හදමු - සිංහල අවුරුදු කෑම ( Oats Aggala Hadamu - Sinhala Awurudu Kama ) ඕට්ස් අග්ගලා හදමු - සිංහල අවුරුදු කෑම ( Oats Aggala Hadamu - Sinhala Awurudu Kama ) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 17, 2021 Rating: 5

0 comments:

Post a Comment