Song Title : Meena Nuwan Yuga Kadulu (මීන නුවන් යුග කඳුළු)
Singing : Senanayaka Weraliyadda (සේනානායක වේරලියද්ද මහත්මා)
මීන නුවන් යුග කඳුළු සදාගෙන
දුරු කතරේ තනි වූ යුවතී
නිදි නැති රෑ සුසුමන් පවනේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ
බාලේ ඉඳන් පෙම් සිතුවම් ඇඳි
අද වෙන් වී නුඹ හිම පියසේ
කාල වලා නැග එන්නා නබෝ ගැබ
කාල වලා නැග එන්නා නබෝ ගැබ
බොඳ වී යයි මුදු වදන් මෙදා
බොඳ වී යයි මුදු වදන් මෙදා
සීත රටේ තනි මලට ලොබින්
ඈත ඉඳන් ආ බමරින්දූ
දෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අද
දෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අද
මාලවිකා මා බාල ලියේ
මීන නුවන් යුග කඳුළු සදාගෙන
දුරු කතරේ තනි වූ යුවතී
නිදි නැති රෑ සුසුමන් පවනේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ
0 comments:
Post a Comment