Kochchra Dewal Kalaya Song Lyrics - කොච්චර දේවල් කාලය ගීතයේ පද පෙළ

Kochchra Dewal Kalaya Song Lyrics - කොච්චර දේවල් කාලය ගීතයේ පද පෙළ
Song Title : Kochchra Dewal Kalaya (කොච්චර දේවල් කාලය)
Singing : Roshan Fernando (රොෂාන් ප්‍රනාන්දු මහත්මා)


කොච්චර දේවල් කාලය කෙරුවද
කවදාවත් නොහැරී
අම්මා ළඟ මං පුංචි පුතාමද
හැමදාමත් සිතමි
සීතල බත් පත රත් කර කර හිටි
ආදරයක රස්නේ
සීතල කඳුලට සරදම් කර කර
ඇහැරෙනවා අම්මේ
ඇයි අත්වැල ලෙහුවේ

බලාපොරොත්තුව විතරක් වෙද්දී
සන්තකයම ගෙදර
නොකී කතා හිස් සුසුමට පවරා
කලා හිතක් යකඩ
දිනූ ලොවක් ගෙදරට ගෙන එද්දී
වැඩි වෙනසක් නැතිව
බලා හිඳින්නී නිසොල්මනේ ඇස්
පුරවාගෙන සතුට

රෑ කීයක් නම් අපි හරි හරියට
නිදි වැරැවද නොගැන
දහවල් මෙච්චර කෙටිදැයි දැනුණේ
ඔබගේ වැඩ අතර
දවස නිවන්නට පවන් සලන්නී
අමුණාගෙන වචන
ඈත ඉඳන් අපි දිහා බලාගෙන
ඇති තාමත් නිතර

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kochchra Dewal Kalaya Song Lyrics - කොච්චර දේවල් කාලය ගීතයේ පද පෙළ Kochchra Dewal Kalaya Song Lyrics - කොච්චර දේවල් කාලය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 17, 2021 Rating: 5

0 comments:

Post a Comment