Api Wenuwen Api Aye Song Lyrics - අපි වෙනුවෙන් අපි ආයේ ගීතයේ පද පෙළ

Api Wenuwen Api Aye Song Lyrics - අපි වෙනුවෙන් අපි ආයේ ගීතයේ පද පෙළ
Song Title : Api Wenuwen Api Aye (අපි වෙනුවෙන් අපි ආයේ)
Singing : Upeka Nirmani (උපේකා නිර්මානි මහත්මිය)

දුක ආයෙමත් නැති පින් බිමේ
හෙට සුපිපෙනා හිරු කිරණ සේ
සෙනෙහස උතුටයි හදවතේ
අපේ හීනයයි ඔබ එළි කලේ

ඔබ පියෙකි සොහොයුරෙකි
මහ බලැති එක හිතෙකි
අහසේ දෙව් රුවකි
මව් දෙරණේ රන් පුතෙකි

ඔබ පියෙකි සොහොයුරෙකි
මහ බලැති එක හිතෙකි
අහසේ දෙව් රුවකි
මව් දෙරණේ රන් පුතෙකි

යුධ බිම් මැද මහ තුරු මුදුන් පවා
සිරස නමා වදීනා

තුන් යාමේ දුක් දවනා
මුර දෙවියන් නිදි වරනා
නැති දා ඔබ අප ඉන්නේ
නැත සැනසිලා

මල් යහනා අතහැරලා
ඔබ දිරියෙන් ගිනි නිවුනා
ඔබව රකිමි සැමදා අත් අල්ලා
ලග රැදීලා

හිතෙන් හිතට සතුට ගෙනෙමු
අපි වෙනුවෙන් අපි ආයේ
දොරින් දොරට සෙනෙහෙ දැනෙන
පැහැබර දවසක සිත් මල් පිපී රෑනේ

ඔබ පියෙකි සොහොයුරෙකි
මහ බලැති එක හිතෙකි
අහසේ දෙව් රුවකි
මව් දෙරණේ රන් පුතෙකි

යුධ බිම් මැද මහ තුරු මුදුන් පවා
සිරස නමා වදීනා

සුළගේ ඔබ ඇසෙනා
නිල් අහසේ රුව පිපෙනා
කිසිදා මතු නෑ ඉන්නේ ඔබ තනිවෙලා

සිහිනේ ඔබේ දනිමී
මාගේ මෙන් දකිමී
ඔබේ සිහිනේ එළි කරමි
දුක පිසදා හිත සනසා

ලගින් ඉදන් හීන දිනමු
අපි වෙනුවෙන් අපි ආයේ
ලොවක් උතුම් මවට වදින
පෙම්බර අත් වැල් සිත් යායේ

ඔබ පියෙකි සොහොයුරෙකි
මහ බලැති එක හිතෙකි
අහසේ දෙව් රුවකි
මව් දෙරණේ රන් පුතෙකි

ඔබ පියෙකි සොහොයුරෙකි
මහ බලැති එක හිතෙකි
අහසේ දෙව් රුවකි
මව් දෙරණේ රන් පුතෙකි

ඔබ පියෙකි සොහොයුරෙකි
මහ බලැති එක හිතෙකි
අහසේ දෙව් රුවකි
මව් දෙරණේ රන් පුතෙකි

යුධ බිම් මැද මහ තුරු මුදුන් පවා
සිරස නමා වදීනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Api Wenuwen Api Aye Song Lyrics - අපි වෙනුවෙන් අපි ආයේ ගීතයේ පද පෙළ Api Wenuwen Api Aye Song Lyrics - අපි වෙනුවෙන් අපි ආයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 06, 2021 Rating: 5

0 comments:

Post a Comment