අලුවා හදමු - සිංහල අවුරුදු කෑම ( Aluwa Hadamu - Sinhala Awurudu Kama)

අලුවා හදමු - සිංහල අවුරුදු කෑම ( Aluwa Hadamu - Sinhala Awurudu Kama) - Your Chouce Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය:

  • 🍉 බැද ගත් හාල් පිටි කෝප්ප 3ක් පමණ(  ලෑල්ලට දාන්න සහ අලුවා උඩින් දාගන්න හාල් පිටි මේස හැඳි 3ක් වැඩිපුර තියාගන්න) 
  • 🍉 සීනි කෝප්ප 1 1/2 ක්
  • 🍉 වතුර කෝප්ප 3/4 ක්
  • 🍉 කජු හෝ රටකජු ටිකක් 
  • 🍉 කරදමුංගු කුඩු ටිකක් 

✅ සාදන ක්‍රමය :

  1. 🔥 හාල් පිටි ටික බාජනයකට දමා අඩු ගින්දරේ සුවද එනතුරු බැදගන්න  ( කර කරගන්න එපා)
  2. 🔥 එය වෙනත් බාජනයකට මාරු කරන්න 
  3. 🔥 එයින් පිටි ටිකක් ලෑල්ලකට ඉහලා පැත්තකින් තියාගන්න 
  4. 🔥 කජු හෝ රටකජු ටික කුඩාවට කපා ගන්න
  5. 🔥 කරදමුංගු ටිකත් කුඩු කරගන්න 
  6. 🔥 ඝනකම් බාජනයක් ලිප තබා (මම ගත්තේ චීනච්චට්ටි තාච්චියක් ) එයට සීනි ටික දමා වතුර ද එක් කරන්න( වතුර වැඩි කරගන්න එපා) මේ ප්‍රමාණය  ම ගන්න
  7. 🔥 මද ගින්දරේ සීනි ටික දිය වනතුරු හොඳින් හැඳි ගාන්න 
  8. 🔥 විනාඩි 10 ක් පමණ හැඳි ගානවිට බුබුලු දානවා  ඒ අවස්ථාවේ දී රටකජු හා කරදමුංගු ටික එක් කරන්න . ඊටත් ටිකකට පස්සේ හැන්දෙන් පැණි ටිකක් අරගෙන බලන්න . එතකොට ඇගිලි දෙක අතර සෙන්ටිමීටරයක් දුරට නූල් ඇදෙනවනම්  ලිපෙන් ඉවත් කරගන්න 
  9. 🔥 ඉන් පසු පිටි ටික ටික දමමින්  කළවම් කරන්න 
  10. 🔥 හැඳි ගාන්න .පාප්පයක් මෙන් එකට එකතු වන අවස්ථාවේ දී පිටි දැමීම නතර කරන්න
  11. 🔥 පිටි ඉස ගත් ලෑල්ලට දමා ඉක්මනින් තුනී කරන්න ( සීනි නිසා ඉක්මනින් හයි වෙන්න බලනවා)
  12. 🔥 ඉන් පසු කෑලි කපාගන්න.
චන්දිමා රණසිංහ
අලුවා හදමු - සිංහල අවුරුදු කෑම ( Aluwa Hadamu - Sinhala Awurudu Kama) - Your Chouce Way

අලුවා හදමු - සිංහල අවුරුදු කෑම ( Aluwa Hadamu - Sinhala Awurudu Kama) - Your Chouce Way

අලුවා හදමු - සිංහල අවුරුදු කෑම ( Aluwa Hadamu - Sinhala Awurudu Kama) - Your Chouce Way

අලුවා හදමු - සිංහල අවුරුදු කෑම ( Aluwa Hadamu - Sinhala Awurudu Kama) - Your Chouce Way

අලුවා හදමු - සිංහල අවුරුදු කෑම ( Aluwa Hadamu - Sinhala Awurudu Kama) - Your Chouce Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අලුවා හදමු - සිංහල අවුරුදු කෑම ( Aluwa Hadamu - Sinhala Awurudu Kama) අලුවා හදමු - සිංහල අවුරුදු කෑම ( Aluwa Hadamu - Sinhala Awurudu Kama) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 10, 2021 Rating: 5

0 comments:

Post a Comment