Aberthu Etha Song Lyrics - ඇබෑර්තු ඇත ගීතයේ පද පෙළ

Aberthu Etha Song Lyrics - ඇබෑර්තු ඇත ගීතයේ පද පෙළ
Song Title : Aberthu Etha (ඇබෑර්තු ඇත)
Artist - Harshana Jayasundara
Lyrics - Chathurika Vinodi Perera
Melody & Music - Tharindu Damsara

ආලකමන්දාවේ ඇබෑර්තු ඇත නෘත්‍ය ශාලා මන්දිරේ
ඉහළ වේතන රාජ භෝජන
නවාතැන් හා දුහුල් වස්ත්‍රද
රැයක් රඟනා නාටිකාවට තවත් අමතර දීමනා ඇත
සීහගිරි පර්වතය මුදුනේ ඈ රැඟුම් දුන් මණ්ඩපේ

ඇවිත් රජ පුරුෂයෝ මැදියම කුදලගෙන ගිය බවක් කියූවට
ඕවා සේරම කයි කතන්දර කැමැත්තෙන් ඈ ගියේ වාසල
තක්සලාවේ විජු ලතා නෘත්‍ය වීණා වාදිකා
මන්ද්‍ර ස්වරයෙන් ගී ගයන්නී සාල වනයේ ගෝපිකා

පැයක් පාසා පුහුණු සැසියකි පයක් ඔසවා යන ලතාවකි
බයක් නැතුවම සිහින් තන පට රැයෙන් රැය ගැලවෙන කලාවකි
තක්සලාවේ විජු ලතා නෘත්‍ය වීණා වාදිකා
මන්ද්‍ර ස්වරයෙන් ගී ගයන්නී සාල වනයේ ගෝපිකා

සියක් අබරණ දුහුල් සළුපිළි ඉඩක් ලද මොහොතකදි ගලවා
නෙළුම් නිලුපුල් මල් නෙලාගෙන පිදු අරංගල වෙහෙර වැන්දා
අප්සරා දැං මහළු වයසේ බැරිය ලාලිත කලා පෙර සේ
තුදුස් දවසක් පුරා මැදුරේ ඈ දකින් නැති එකයි අරුමේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aberthu Etha Song Lyrics - ඇබෑර්තු ඇත ගීතයේ පද පෙළ Aberthu Etha Song Lyrics - ඇබෑර්තු ඇත ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 11, 2021 Rating: 5

0 comments:

Post a Comment