Sithale Gal Gahunu Hina Song Lyrics - සීතලේ ගල් ගැහුණු හීන ගීතයේ පද පෙළ

Sithale Gal Gahunu Hina Song Lyrics - සීතලේ ගල් ගැහුණු හීන ගීතයේ පද පෙළ
Song Title : Sithale Gal Gahunu Hina (සීතලේ ගල් ගැහුණු හීන)
Lyrics : Kaushalya Vijerathne (කෞෂල්‍යා විජේරත්න)

සීතලම නුවරඑළිය පිනවයි දකින නෙත
කඳුකරයේ සුන්දරම මිහිදුමෙන් පිරි දසත
යනෙන අය කීවේම සොඳුරු බව හැම අත
ගල් ගැහුණු සිහින නිති පෙළයි තරුණ සිත

මහරෑට පාඩම නම් සීතලෙන් මිරිකේවි
පාන්දරට ඇහෙරෙන්ට සිත අදිමදි වේවි
අමතර පන්තියට නුවරවත් යන්ට වේවි
දුෂ්කරයි කඳුකරය කාටවත් නොපෙනේවි

හැමදාම ඇද හැලෙන නපුරු වැස්ස 
ඉදහිට කදු එක දෙකක් පාරට බැස්ස
චිරි චිරිය සද්දෙමයි සපත්තුවේ අස්ස
විදින දුක දුටුව අය දුවයි නොබලාම පස්ස

වහලෙනුත් වතුර බිඳු රූටාගෙන පොතට
තෙමෙන කොට සේරමලා ප්‍රධාන සාලාවට
පාඩම් මග හැරෙනවා ගුරුවරුන්ට අපට
දකින්නට නෑ උඹට යද්දි කොළඹ පාසලට

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sithale Gal Gahunu Hina Song Lyrics - සීතලේ ගල් ගැහුණු හීන ගීතයේ පද පෙළ Sithale Gal Gahunu Hina Song Lyrics - සීතලේ ගල් ගැහුණු හීන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 17, 2021 Rating: 5

0 comments:

Post a Comment