Your Choice Way

Pembara Madu Mage Song Lyrics - පෙම්බර මධු මගේ ගීතයේ පද පෙළ

Pembara Madu Mage Song Lyrics - පෙම්බර මධු මගේ ගීතයේ පද පෙළ
Song Title : Pembara Madu Mage (පෙම්බර මධු මගේ)
Singing : Victor Rathnayaka (වික්ටර් රත්නායක මහත්මා)

පෙම්බර මධු මගේ මා නැතේ ඔබෙන් මිදුනේ
සුරූපී දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ... පෙම්බර මධු මගේ

ලොවෙහි ඈත අනන්තේ පැලක් තුලේ නොපෙනී
ඇතත් හොරෙන් හැංගිලා මගේ දුකත් නොදනී
මලක් වැනි ඔබ කැන්දා ඇසිල්ලකින් පැමිණී
සුරූපී දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ... පෙම්බර මධු මගේ

වඩාල දෝත පුරාලා පරවී කුමාරිය සේ
සුගන්ධ මල් යහනාවේ හොවා පෙමින් සිතු සේ
පවන් සලා ඔබ සනසා ලදැල්ලකින් සුව සේ
සුරූපී දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ... පෙම්බර මධු මගේ

අපේම පාලු විමානේ නිසංසලේ සහනේ
අමා පැනින් මත් වීලා ඔබේ දෙතොල් බඳුනේ
විදින්නේමී රස මදිරා පෙරුම් පිරූ ලෙසිනේ
සුරූපී දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ... පෙම්බර මධු මගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pembara Madu Mage Song Lyrics - පෙම්බර මධු මගේ ගීතයේ පද පෙළ Pembara Madu Mage Song Lyrics - පෙම්බර මධු මගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Thursday, January 28, 2021 Rating: 5

0 comments:

Post a Comment