සුපිරිම Hackers ලා පහක විස්තර (World Best Hackers Top 05)

සුපිරිම Hackers ලා පහක විස්තර (World Best Hackers Top 05) - Your Choice Way
අද යන්නෙ අමුතුම මාතෘකාවට 😏Hacker කිව්වම එක එක දේවල් මතක් වෙනවා.ඒත් මෙ කියන්න යන්නෙ එ කාලෙ ඉදන් මං දන්න සුපිරිම Hackers ලා පහක විස්තර 😁❤

ඒත් නම් නොදන්න තව සුපිරි අය ඉන්නවා .අපෙ රටෙත් ඉන්නවා .මතකනෙ ජනාධිපතිගෙ ෆෙස්බුක් එක හැක් කරපු පොඩි කොල්ලා😏

ඒත් නම ගිය සුපිරිම සෙට් එකක් ගෙනවා.බලන්නකො❤️😍 

01 – Kevin Mitnick

සුපිරිම Hackers ලා පහක විස්තර (World Best Hackers Top 05) - Kevin Mitnick
King of all Hackers කියලා තමයි පොරව හදනුවන්නෙ. මුලින්ම මොහු හැක් කරන්නෙ ලොස්ඇංජලීස් වල පොදු ප්‍රවාහන සේවාවන්.

ඊට පස්සෙ Nokia / Motorola / IBM අන්තිමට පෙන්ටගනය හැක් කරන්න මොහු සමත්වෙනවා. මොහු ඩොලර් මිලියන ගණනක තොරුතුරු හොරෙන් අරන් තියනවා. 1995 වසරේ තමයි මොහුව සිර භාරයට ගන්නෙ. CIA එකට අවුරුදු 3ක කාලයක් ගිහින් තියනව මොහුව හොයාගන්න. මොහු නිසා න්‍යෂ්ටික යුද්ධයක් වුනත් ඇතිවෙන්න ඉඩ තියෙනවයි කියන අවධානම මත ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කරනවා.

02 – Matthew Bevan & Richard Price

සුපිරිම Hackers ලා පහක විස්තර (World Best Hackers Top 05) – Matthew Bevan & Richard Price
1994 වසරේ මොවුන් පෙන්ටගනයේ ප්‍රධාන පරිඝනක වලට හොරෙන් ඇතුල් වෙනවා. එතනින් නොනවතින මොවුන් පෙන්ටගනයේ පරිඝණක ජාලය හරහා උතුරු කොරියාවේ ආරක්ෂක අංශවල පරිඝණක ජාලයට ඇතුල් වෙලා, ඇමරිකානු රජයෙන් තොරතුරු ගන්න විදියට උතුරු කොරියාවේ ටොප් සීක්රට්ස් ගැන කරුණු එකතු කරගන්නවා. මොවුන්වත් අහුවෙනවා.

03 – Anonymous (Hacktivist Group)

සුපිරිම Hackers ලා පහක විස්තර (World Best Hackers Top 05) – Anonymous (Hacktivist Group)

මොවුන් දේශපාලනය මුල් කරගෙන 2003 වසරේ බිහිවුනු දරුණුම හැකර්ස්ලා කණ්ඩායමක්. මොවුන් අන්තර්ජාල නිදහස, සමාජයට වන අසාධාරණ, නීතියේ විනිවිදභාවය ගැන සීමාවක් නැතුව කැරැලි සංවිධානය කලා. චීන රජය, FBI එක, CIA එක මොවුන් හැක් කරනවා. ඩොලර් මිලියන ගාණක ලියකියවිලි සහ දේශපාලනයට සම්බන්ධ වෙබ් සියිට්ස් බොහෝමයක් මොවුන් විනාශකරනවා. ඒ වගේම KKK සංවිධානයේ සාමාජිකයන්ට, අන්තර්ජාලය හරා ඝෘජුවම දරුණු පුහාර එල්ල කරනවා. ඔවුන්ගේ විස්තර එළියට දානවා.දැනට සක්‍රීයව ඉන්න ප්‍රෙබලම හැකර් කණ්ඩායම තමා මොවුන්😁

04 – Unknown Name (Astra)

සුපිරිම Hackers ලා පහක විස්තර (World Best Hackers Top 05) – Unknown Name (Astra)

2000 වසරේ හිටපු හැකර් කෙනෙක් මයි මේ. පොර අදාල සමාගම් වල පරිඝනක ජාල වලට ඇතුල්වෙලා, අවි ආයුධ නිපදවීම ගැන තොරුතුරු ඇතුලත් ලිපිගොනු සහ, අවි ආයුධ නිපදවන ආකාරය ගැන විස්තර සහිත ලිපිගොනු හොරෙන් ගන්නවා. පසුව මේ තොරතුරු ලොකේ පුරා ඉන්න ගැනුම් කරුවන්ට විකුණනවා. අදටත් අදාල ආයතන හොයාගෙන නෑ මෙයා කොච්චර මුදල් ප්‍රමාණයක් උපයාගත්තද කියන එක. ආසන්නව වාර්ථා කලොත් ඇමරිකන් ඩොලර් මිලියන 361ක පාඩුවක් කරල තියෙනවා කියල තමයි බලධාරීන් පවසන්නෙ. අදත් පොර ඉන්නෙ හිරේ. හැබැයි ජනතාව අතර ප්‍රසිද්ධ කරල නෑ මොන රටක මොන හිරගෙදරක මෙයාව රදවගෙන ඉන්නවද කියලා.

05 – Gary Mckinnon (SOLO)

සුපිරිම Hackers ලා පහක විස්තර (World Best Hackers Top 05) – Gary Mckinnon (SOLO)
නාසා ආයතනය සහ, ඇමරිකානු ආරක්ෂක ආයතනවල පරිඝණක ජාල මොහු හැක් කරනවා. ඒ 2001 වසරෙයි. මෙයා ආරක්ෂක ආයතනවල සොෆ්ට්වෙයාර්ස්, දත්ත, රහස් ලිපිගොනු බොහෝමයක් මකල දානවා. ඇමරිකානු රජයට ඩොලර් 70000ක පාඩුවක් කරන්න මෙයාට පුලුවන් වෙනවා. අන්තිමට හැක් කරපු පරිඝණක ජාලයේ මෙයා මෙහෙම පණිවිඩක් සදහන් කරනවා.
“Your Security Systems is Crap….i’am SOLO”

(උපුටාගැනිමකදී මුල් අයිතිය සුරකින්න )
😁😁😁😁
දිලා✍️
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සුපිරිම Hackers ලා පහක විස්තර (World Best Hackers Top 05) සුපිරිම Hackers ලා පහක විස්තර (World Best Hackers Top 05) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 28, 2021 Rating: 5

0 comments:

Post a Comment