කැරපොත්තා - ඔබේ ගෙදර ඉන්න කැරපොත්තා ගැන ඔබ නොදත් කරුණු රැසක් (Cockroaches)

කැරපොත්තා - ඔබේ ගෙදර ඉන්න කැරපොත්තා ගැන ඔබ නොදත් කරුණු රැසක් (Cockroaches)
මේ ලෝකේ සිටින ශක්තිමත්ම ජීවියා තමා කැරපොත්තා.එහෙම කිව්වොත් ඔබ කියයි එක සෙරෙප්පු පාරකින් මැරෙන මේ සතා කොහොම්ද ශක්තිමත්ම ජීවියා වෙන්නේ කියලා.චාල්ස් ඩාවින්චිගේ පරිණාමවාදය අනුව ලෝකයේ ඉදිරියට එන්නේ ශක්තිමත් ජීවින් නෙවේ.පවතින පරිසරයට අනුව හැඩගැසෙන්න (අනුවර්තනය) වෙන්න පුළුවන් ජීවින් විතරයි.මිනිසුන්ට මේ පරිසරයට අනුගත වෙන්න බැරි දවසක් ආපු දවසට මිනිසාත් වද වෙලා යන එක නියතයි.

කැරපොත්තා ඩයිනොසර යුගයේ ඉදන් පවත එන සත්වයෙක්.එකෙන්ම පේනවා මේ සතාගේ ශක්තිමත්භාවය.

න්‍යෂ්ටික යුද්දයකින් පසුව මේ ලෝකයේ ජිවත් වෙන්න පුළුවන් එකම ජීවියා තමා කැරපොත්තා.මොකද කරපොත්තට පුළුවන් සියලුම ශාක මිය ගියත් මැරුණු ගස් වල ලී වගේ දෙයක් උනත් කාලා ජිවත් වෙන්න පුලුවන්.අනික කැරපොත්තට විකිරනශිලිතවයට තරමක් ඔරොත්තු දීමේ හැකියාවකුත් පවතිනවා(මෝටින් වලට නැති උනාට).
මේ වගේ දේවල් ටිකක් කරුණු වශයෙන් කියන්නම්කො.
  • කැරපොත්තට පුළුවන් සෙල්සියස් අංශක 0 උෂ්ණත්වයේ ජිවත් වෙන්න.ඕනෙනම් කරපොත්තෙක් අල්ලලා ශීතකරණයේ තියලා බලන්න.ඌ ගල් වෙලා වගේ ඉදියි.එත් ඌ එළියෙන් තිබ්බම ටික වෙලාවකින් ඇවිදින්න ගන්නවා
  • ඒ වගේම සහරා කාන්තාරයේ වැලි කතරේ උනත් ජිවත් වෙන්න පුළුවන්
  • කැරපොත්තගේ කකුලක් කැඩුනොත් සති 3ක් වගේ කාලයක් තුල ඌට තවත් කකුලක් එනවා
  • කැරපොත්තගේ දත් තියෙන්නේ ඌගේ බඩේ
  • කැරපොත්තගේ ලේ සුදු පාටයි(මේකනම් දැකලා ඇති)
  • කරපොත්තට හිස නැතුව දින 4ක් 5ක් ජිවත් වෙන්න පුළුවන්.
  • වතුර යට පැයක් දෙකක් හුස්ම අල්ලන් ඉන්න පුළුවන්
  • තමාගේ ගමන් දිශාව තත්පරයක් තුල 25වතාවක් වෙනස් කරගන්න පුළුවන්.
Schrodinger Cat විදින් එවන ලද කරුණු ටිකක්
  • කැරපොත්තට 'හදවත්' 13 ක් තියෙනවා (තනි විශාල ධමනියක තියෙන කපාට 13ක්)
  • කැරපොත්තාගේ ශරීරයේ ඉන්ද්‍රියන් උගේ රුධිරය තුළ ගිලිලා තියෙන්නේ. ඒ හින්දා ඔක්සිජන් හුවමාරුව ඉක්මන්...ඒ හින්දා පරිවෘත්තිය ඉක්මන් (ඉගිල්ලෙන්න ගත්තම හිතාගන්න පුළුවන් නේ :) )
  • කැරපොත්තගේ රුධිරය අවර්ණයි. ඒ ස්වසන වර්ණක නොමැති හින්දා (අපේ නම් haemoglobin)
  • කැරපොත්තා තමන්ගේ පැටවුන් සඳහා නිපදවන ක්ෂීරය superfood එකක් විදියට සළකනවා...ඒකෙන් ශරීරයට අවශ්‍ය සියලු පෝෂ්‍ය පදාර්ථ සියල්ල ලැබෙනවා
  • සාමාන්‍යයෙන් කැරපොත්තා තම පැටවුන් සතියක් පමණ රැක බලාගන්නවා
  • කැරපොත්තා ආහාර නොමැතිම අවස්ථාවකදී තව කැරපොත්තෙක් ගේ පාදයක් වුවත් ආහාරයට ගන්නට පෙළඹෙනවා
  • කැරපොත්තා ලෝකයේ පිරිසිදුම සත්ත්වයින්ගෙන් එකෙක්...ඒ වුනාට උගේ උච්චර්මයේ තියෙන සවිවර තැන් වල බැක්ටීරියා, විෂබීජ තියෙන්න පුළුවන්
  • කැරපොත්තට තත්පරයට 80 cm ක් ඇවිදින්න පුළුවන්
  • කැරපොත්තා ඉපදෙනකොට ශරීරය සුදු පාටයි. ඒ ඒ වෙනකොට උච්චර්මය හැදිලා නැති හින්දා, පස්සේ දවස් කීපයකින් අඳුරු වෙන්න ගන්නවා උච්චර්මය හැදෙනකොට
  • කැරපොත්තාගෙ ඇන්ටෙනා උගේ ශරීරයේ දිග වගේ දෙගුණයක්
  • කැරපොත්තාගේ අක්ෂි පද්ධතිය තත්පර 10 කදී එක් ෆෝටෝනයක (ප්‍රෝටෝන නෙවී) ඇති ආලෝකය ග්‍රහණය කරගන්න පුළුවන් නිසා රාත්‍රී දර්ශනය ඉතා ප්‍රබලයි. නමුත් රතු වර්ණය හඳුනා ගැනීමට නොහැකියි. කොළ වර්ණය හඳුනා ගැනීම දුර්වලයි.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කැරපොත්තා - ඔබේ ගෙදර ඉන්න කැරපොත්තා ගැන ඔබ නොදත් කරුණු රැසක් (Cockroaches) කැරපොත්තා - ඔබේ ගෙදර ඉන්න කැරපොත්තා ගැන ඔබ නොදත් කරුණු රැසක් (Cockroaches) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 02, 2021 Rating: 5

0 comments:

Post a Comment