Basaye Eda Obe Ruwa Song Lyrics - බසයේ එදා ඔබෙ රුව ගීතයේ පද පෙළ

Basaye Eda Obe Ruwa Song Lyrics - බසයේ එදා ඔබෙ රුව ගීතයේ පද පෙළ
Song Title : Basaye Eda Obe Ruwa (බසයේ එදා ඔබෙ රුව)
Lyrics : Tharushi Jayasinghe (තරුෂි ජයසිංහ)

බසයේ එදා ඔබෙ රුව මම දුටුව දිනේ
හදවත ආලයෙන් කිති කැවුනා වාගේ 
දුටුවන් වශී කරනා නෙත් යුවල ඔබේ 
සිනාසුණ විටදි ඇයි වෙනතක බැලුවේ

පෙර පිං පහල වූ හැටියක් ලෙසින් මගේ
අනිත් පසේ ආසනෙ ඔබෙ හිස් වූයේ 
බොහෝ සෙනග පිරි බස් රථයක් ඇතුළේ 
තෙරපී ගොසින් මම සිටියා ඒ අසුනේ

හිමිහිට මදෙස බලමින් පෑ හසරැල්ල 
ඔබෙ මුවවත වැහුවා මුදු කෙහෙරැල්ල 
අල්ලාගෙන ඔබෙ ඔය සුදු මුදු අල්ල
සිඹිනට හිතයි නා දළු වන් දෙතොල

බසයේ සීනුව සැනෙකින් නාද වුණා
අත්වාරුවක් පසෙකින් ඇදලා ගත්තා
රුව දුන් දෙවියන්ට දෛවය සරදමක් කළා 
එක් පාදයක් නොමැතිව ඔබ ජනිත වුණා

තරුෂි ජයසිංහ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Basaye Eda Obe Ruwa Song Lyrics - බසයේ එදා ඔබෙ රුව ගීතයේ පද පෙළ Basaye Eda Obe Ruwa Song Lyrics - බසයේ එදා ඔබෙ රුව ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 02, 2021 Rating: 5

0 comments:

Post a Comment