නාග කන්‍යා - නිලාවරී ළිඳ 🐍🕳💧(Nilavarai Well)

නාග කන්‍යා - නිලාවරී ළිඳ 🐍🕳💧(Nilavarai Well) - Your Choice Way
අද අපේ කතාව තවත් සුවිශේෂි ළිඳක් ගැන.එය නමින් නාවක්කන්නි නිලාවරී ළිඳයී

මේ ළිඳ හා බැදී ජනප්‍රවාද රැසක්ම පවතිනවා.. අපී හිතුවා ඒ ජනප්‍රවාද පිළිබඳව ඔයාලට කියන්න.. එතකොට යාපනයේ යන ඔයාලට මේ තැන බලන්න යන්නම හිතෙයී

කෙසේ වුණත්..සීතා දේවියගේ පිපාසය නිවූ ලිඳ ලෙසද මෙහි එක් ජනප්‍රවාදයක සදහන් වෙනවා ...

රාම-රාවණා යුද්ධය අතරවාරයේ රාම කුමරුන් සීතා කුමාරියත් යාපනය නිලාවරි ගම පිහිටි ප්‍රදේශයේ නතර වී තිබෙනවා... එහි දී සීතා දේවියට දිය පිපාසයක් ඇතිවෙලා.. 

රාම කුමරු දිය ලබා ගැනීම සඳහා තම අත තිබූ ත්‍රිශූලය බිම ඇන තිබෙනවා...එහිදී හෑරුනු ළිඳ අද නාවක්කන්නි ළිඳල ලෙසට බොහෝ දෙනෙක් විශ්වාස කරනවා... 

ඒ වගේම තවත් මේ හා බැදුනු ජනප්‍රවාදයක් තියෙනවා..බුදුන් වහන්සේ නාගදීපයට වැඩම කිරීමෙන් පසුව මෙම ස්ථානයේ මඳක් විවේක ගත් බවට විශ්වාසයක් පවතිනවා... 

බුදුන් වහන්සේට පැන් සැකසීම පිණිස බුද්ධානුභාවයෙන් මෙම ළිඳ කනිනු ලැබූ බව ද ජනප්‍රවාදයේ  පැවත එනවා... කොහොම වුණත් මෙම ස්ථානය අවට බෞද්ධ විහාරයක නෂ්ඨාවශේෂ තවමත් දක්නට තියෙනවා.. එහි තිබූ බුදු පිළිමය යාපන කෞතුකාගාරයේ තැන්පත් කර ඇති බව සදහන්. 

තවත් ජනප්‍රවාදයක් තියෙනවා ඒ තමා නාවක්කන්නි’ යන දෙමළ වදනෙහි සිංහල අරුත ‘නාග කන්‍යාව’ යන්නයී.. ඒ අනුව ශ්‍රී ලංකාවේ ආර්ය ජනාවාස පිහිටුවීමට පෙර නාග ගෝත්‍රිකයන් හා සම්බන්ධ පුරාවෘත්ත කිහිපයක් මෙහි ගැබ්ව තිබෙනවා...

එමෙන්ම මිහිපිට වෙසෙන නාගයන්ට නාගලොවට යා හැකි දෝනාමාර්ගයක් හෝ පියගැට පෙළක් මෙම ළිඳ පත්ලෙහි ඇති බවටත් ජනප්‍රවාදයක් තියෙනවා.  

කොහොම වුණත් බලන්න යන්න වටින තැනක්.... පරීක්ෂණ මගින් පෙනී ගිහින් තියෙන්නේ ලිදේ මතුපිට ජලය මිරිදිය ලෙසද පතුලෙහි ජලය කරදිය ලෙස පවතින වබයී..

නාවක්‌කන්නි ළිඳ පිහිටි සීමාව අඩි පනහක පමණ සාමාන්‍ය දිග පළලකින් යුතු වෙනවා.. එම ළිඳ වට කර ළිං බැම්මක්‌ ද ඉදිකොට ඇති බව දැක ගන්න පුලුවන... 

එක්‌ පැත්තකින් ළිඳට බැසීමට පඩි පෙළක්‌ ද වනවා.. එම පඩි පෙළ දිගේ අඩි විස්‌සක්‌ පමණ බැසීමෙන් ජලය පිරී ඇති ගැඹුරට යැමට හැකියි.. 

හැබැයි ඒක ඉතා බියකරුම අත්දැකීමකි. යාපනය අර්ධද්වීපයේ කෝපායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නවක්කේනි ග්‍රාම නිලධාරි වසමේ මෙම පිහිටි මෙම  ‘නීලාවරි’ ලිද පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කර තිබෙනවා...

ගිහින් බලලා... ඒ පරිසරය විනාශ නොකර පරිස්සමට එන්න...

Nilavarai well

The Nilavarai bottomless well is in Jaffna District and nearly 16km apart from Jaffna city, Northern Province. The well is easy as to reach via Jaffna-PointPedro road and then left turn to get Puttur Road.

The Bottomless well Nilaveri is geometrically square shaped. The well is surrounded by fence to protect the sightseers. As the water of Nilavari well is fresh and drinkable, nearby farm lands uses this water for irrigation. Also the well never get dried up even in heavy drought is another reason for the usage. According the surveys done by the Sri Lankan marine department, the first 40ft of the well is fresh water and then turns salty in respect to the depth. There is a belief that the Nilavari well is connected to the Keerimalai water source which is 10km apart from it. The well is interconnected to the famous Ramayana legend and the believers stated that the well is made by Rama while he shootout an arrow to the earth to cure his thirsty during his travel to Central Province.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
නාග කන්‍යා - නිලාවරී ළිඳ 🐍🕳💧(Nilavarai Well) නාග කන්‍යා - නිලාවරී ළිඳ 🐍🕳💧(Nilavarai Well) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 20, 2020 Rating: 5

0 comments:

Post a Comment