අශ්වයකු වතුර බීපු තැනකින් වතුර බීවොත් , මොකද වෙන්නේ කියලා දන්නවද? (Do You Know What Happens If A Horse Drinks Water From A Water Place?)

අශ්වයකු වතුර බීපු තැනකින් වතුර බීවොත් , මොකද වෙන්නේ කියලා දන්නවද (Do You Know What Happens If A Horse Drinks Water From A Water Place) - Your Choice Way
👉අශ්වයකුගේ පිපාසාව සංසිඳවීමට සමත්  ජලයෙන්ම  ඔබේ පවස ද නිවාගන්න..මන්දයත්, අශ්වයන් කෙතරම් පිපාසිත වුවද කිසිවිටෙකත් අපිරිසිදු ජලය පානය නොකරන බැවිනි.

👉නිතරම බළලුන් නිදාසිටින ස්ථානය කොතැනකද,එතැනම ඔබේ නිදියහන සකසාගන්න.මන්දයත්, බළලුන් සැමවිටම තෝරාගනු ලබන්නේ සුව නින්දකට සුදුසුම ස්ථානය නිසාවෙනි.

👉පණුවන් විසින් ඉඳුල් වූ පළතුරු වර්ග මොනවාදැයි විපරමින්,ඒවා අනුභවයට ගන්න.මන්දයත්, කිසිවිටෙකත් පණුවන් විෂ සහිත පළතුරු මත යැපෙන්නේ නැති නිසාවෙනි.

👉කෘමීන්ගේ ඇල්මට යටත්වූ  හත්තක් නිර්භයව ආහාරයට තෝරාගන්න.මන්දයත්, අහිතකර පසක් තුළ කෘමීන් ජීවත් නොවන නිසාවෙනි.

👉වැලි මීයෙකු හාරන ලද වලවල් වලින් පිරි ස්ථානයක පැළයක් රෝපණය කරන්න.මන්දයත්, සැමවිටම වැලි මීයන් වැනි සතුන් ගැවසෙන්නේ සරුසාර බිම් කඩක් තුළ පමණක් වන නිසාවෙනි.

👉සර්පයෙකුට වුවද සුවසේ උණුසුම්ව ගැවසිය හැකි අන්දමේ නිදහස් පරිසරයක් තුළ ඔබේ නිවහන තනාගන්න. නිවහනකට සුදුසුම තැන එතැන වනු නිසැකය.

👉කුරුල්ලන්  ඉඩෝර කාලයේදී ලැඟුම් ගන්නා භූමියේ ඔබේ ලිඳ සකසාගන්න..ඒ අභ්‍යන්තර ජල මූලාශ්‍රයන් ආසන්නයේ  ඔවුන් ලැඟුම් ගන්නට රිසි නිසාවෙනි..

👉අලුයම සියොතුන්ගේ හඬ සවන් වැකෙන මොහොතේ අවදිවන්න..එවිට, දවස සුබදායක වනු නිසැකය.

👉හැකි සෑම විටම කොළ පැහැති එළවලු, පළතුරු, ධානය වර්ග අනුභව කරන්න.එවිට ඔබට වනාන්තරයේ වෙසෙන නිරෝගිමත් ජීවින්ගේ මෙන් ශක්තිමත් පා යුගලක් මෙන්ම ප්‍රතිරෝධී හදවතකට උරුමකම් කිව හැක.

👉නිතරම පාහේ පිහිනීමේ යෙදෙන්න. ජලයේ පිහිනන මාළුවෙකුගේ සැහැල්ලුව නිදහස ඔබට මිහිමතදී ම දැනෙනු ඇත.

👉හැකි සෑම විටම අහස්තලය දෙස බලන්න. එවිට ඔබේ සිතිවිලි වඩාත් සැහැල්ලු හා පැහැදිලි වනු ඇත.

👉බොහෝ සෙයින් නිශ්ශබ්ද පුද්ගලයකු වන්න..එවිට ඔබේ හදවත තුළට නිහඬබව පැමිණ ඔබේ මුළු ආත්මයම සන්සුන් බවින් හා සාමකාමීත්වයෙන් වෙලාගනු ඇත.

පෝස්ට් එක වැදගත් කියල හිතෙනවා නම් share කරලා,.
ස්තුතියි! ❤️

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අශ්වයකු වතුර බීපු තැනකින් වතුර බීවොත් , මොකද වෙන්නේ කියලා දන්නවද? (Do You Know What Happens If A Horse Drinks Water From A Water Place?) අශ්වයකු වතුර බීපු තැනකින් වතුර බීවොත් , මොකද වෙන්නේ කියලා දන්නවද? (Do You Know What Happens If A Horse Drinks Water From A Water Place?) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 27, 2020 Rating: 5

0 comments:

Post a Comment