Song Title : Awasara Natha Mata (අවසර නැත මට)
Singing : Milton Mallawarachchi (මිල්ටන් මල්ලවආරච්චි මහත්මා)
අවසර නැත මට ඔබෙ අත ගන්නට
බැමි බැඳ ඇත ලොව සතර දෙසේ
එනමුදු උපදින හැම භාවයකදිම
මතු ඔබ හිමිකර ගනිමි ලඳේ
බඹරෙකු වන්නට නොහැකිව ලතවෙන
මා අභියස නුඹ නෙළුම නොවේ
උල්පත වන්නට නොහැකිව ලතවෙන
මා අභියස ඔබ සයුර නොවේ
අවසර නැත මට ඔබෙ අත ගන්නට
බැමි බැඳ ඇත ලොව සතර දෙසේ
ඔහු රිදවන්නට ඔහු හඬවන්නට
බැරිකම මිස ඔබෙ සිහින ලොවේ
ඔබ කැඳවන්නට ඔබ සතපන්නට
මා හද තුල ඉඩ නැතුව නොවේ
අවසර නැත මට ඔබෙ අත ගන්නට
බැමි බැඳ ඇත ලොව සතර දෙසේ
එනමුදු උපදින හැම භාවයකදිම
මතු ඔබ හිමිකර ගනිමි ලඳේ
0 comments:
Post a Comment