ලංකාවේ උසින් දෙවෙනි වන උසම ඇල්ලේ උඩ - උඩ දියලුම 🏊🧗🏕 (Upper Diyaluma 🍃)

ලංකාවේ උසින් දෙවෙනි වන උසම ඇල්ලේ උඩ - උඩ දියලුම 🏊🧗🏕 (Upper Diyaluma 🍃) - Your Choice Way
අද අපේ කතාව තවත් අපූරුයි.. ඒ දිය ඇල්ලක් ගැන තමයි... හැබැයි ඒක දිය ඇල්ලම නෙමේ දිය ඇල්ලේ උඩ.. 

ලංකාවේ උසින් දෙවෙනි තැන ගන්නේ දියලුම දියඇල්ලයි..  උස 220m "දිය හැලුම" තමා පස්සේ තමා දියලුම වුණේ..

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය දිය හැලුමකි ,මන්ද යත් එය පාමුලට යන ඕනෑම පුද්ගලයකුට විශාල ජල කඳක් තමා දෙසට පැමිණෙන්නා සේ දිස් වන නිසාවෙනි .

හැබැයි දැන් දැන් දියලුම ඇල්ලේ ජනප්‍රිය අංගය වන්නේ උඩ දියලුමයි. ඒ කියන්නේ ඇල්ලේ මුදුන. 

සංචාරකයන් හා තරැණ පිරිස් අතර උඩ දියලුම සංචාරය කිරීම හෝ කඳවුරු බැඳීම උන්මාදයක් බවට පත් වෙලා.

දියලුම මුදුන කරා ලඟා විය හැකි මාර්ග දෙකක් පවතී .
  • පුනාගල ඔස්සේ
  • දියලුම පාමුල සිට 
මේ මාර්ග දෙක ඔස්සේම උඩ දියලුමට ලගා වෙන්න පුලුවන්..

දියලුම දිය ඇල්ලේ පාමුල සිට පැයක පමණ කදු තරණයකින් පසු දියලුම මුදුනට ළඟා වෙන්න පුලුවන්..

එවිට පුදුමයක මෙන් දියලුමටත් ඉහලින් තවත් අපුර්ව වූ දිය ඇල්ලක් දර්ශනය වේ.එය තමා මේ උඩ දියලුම.

සෙමෙන් සහ පරිස්සමෙන් දියලුම අන්තයට ලඟා වු විට මනස්කාන්ත හා නෙත සිත ප්‍රමෝදමත් කරවන අවට පරිසරයේ දර්ශනය දකින්න පුලුවන්.. 

දියලුම මුදුනට ඈතින් මාගම්පුරයද දර්ශනය වේ .කඳුකරයේ සිට තැනිතලාව දැකීමට නම් මෙයද හොඳම ක්‍රමයකි.

දියලුම ඇල්ලේ ඉහල කොටස් වල පිහිටි වලවල් ඉතා දැඩි ගැඹුරකින් යුතුවන අතර පිහිනීමට නොහැකි අයෙකු අනවශ්‍ය අවදානමක් නොගන්න.. හැබැයි තවත් වලවල් කිහිපයක් තියෙනවා නාන්න පුලුවන්.

දියලුම දිය ඇල්ල සමග තරුණ රජකෙනෙකු සහ කුලයෙන් අඩු කාන්තාවක් සම්බන්ධ ශෝකාන්තයක් වෙලී පවතිනවා.. ඒ ගැන විස්තරය අපි ඉදිරියේදි කියන්නම්..

උඩ දියලුම යන ඔබ අවට පරිසරයේ සුන්දරත්වය විඳලා සුදුසු තැන් වලින් දිය නා උපරිම ප්‍රීතියක් ලබා ගන්න පුලුවන්.. හැබැයි තරුණ ජීවිත ගොඩක් මෙතන බිලි අරන් තියෙනවා. සෙල්ෆි ගහන්න ගිහින් උඩින් පහලට වැටිලත් තියෙනවා.. 

ඒකයි කියන්නේ අවදානයෙන් ගිහින් එන්න.තවදෙයක් සමහරු දැන් දෙවන උසම දිය ඇල්ල ලෙසට තවත් දිය ඇලි නම් කර ඇති බව පවසනවා. ඒ පිලිබදව නිවැරදි කිරීමක් විය යුතුනම් අන් අයට දැනගන්න පහදලා දෙන්න

Upper Diyaluma 🍃

Diyaluma Falls is the 2nd biggest waterfall in Sri Lanka and is the perfect spot for a full day adventure. There are multiple falls and natural pools throughout this hike in the Badulla region. 

Upper Diyaluma is most beautiful place. There are so many natural pools here.

Here we found more pools. It looked quite average until we explored further towards the edge of the upper Diyaluma falls and found a spot where we could jump.

This adventurous experience is insta-famous with many beautiful pictures captivating the world.

මෙහි ඇතැම් පින්තූර මුල් අයිතිකරු සතුයි 📸🙏
ලංකාවේ උසින් දෙවෙනි වන උසම ඇල්ලේ උඩ - උඩ දියලුම 🏊🧗🏕 (Upper Diyaluma 🍃) - Your Choice Way

ලංකාවේ උසින් දෙවෙනි වන උසම ඇල්ලේ උඩ - උඩ දියලුම 🏊🧗🏕 (Upper Diyaluma 🍃) - Your Choice Way

ලංකාවේ උසින් දෙවෙනි වන උසම ඇල්ලේ උඩ - උඩ දියලුම 🏊🧗🏕 (Upper Diyaluma 🍃) - Your Choice Way

ලංකාවේ උසින් දෙවෙනි වන උසම ඇල්ලේ උඩ - උඩ දියලුම 🏊🧗🏕 (Upper Diyaluma 🍃) - Your Choice Way

ලංකාවේ උසින් දෙවෙනි වන උසම ඇල්ලේ උඩ - උඩ දියලුම 🏊🧗🏕 (Upper Diyaluma 🍃) - Your Choice Way

ලංකාවේ උසින් දෙවෙනි වන උසම ඇල්ලේ උඩ - උඩ දියලුම 🏊🧗🏕 (Upper Diyaluma 🍃) - Your Choice Way

ලංකාවේ උසින් දෙවෙනි වන උසම ඇල්ලේ උඩ - උඩ දියලුම 🏊🧗🏕 (Upper Diyaluma 🍃) - Your Choice Way

ලංකාවේ උසින් දෙවෙනි වන උසම ඇල්ලේ උඩ - උඩ දියලුම 🏊🧗🏕 (Upper Diyaluma 🍃) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ලංකාවේ උසින් දෙවෙනි වන උසම ඇල්ලේ උඩ - උඩ දියලුම 🏊🧗🏕 (Upper Diyaluma 🍃) ලංකාවේ උසින් දෙවෙනි වන උසම ඇල්ලේ උඩ - උඩ දියලුම 🏊🧗🏕 (Upper Diyaluma 🍃) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 17, 2020 Rating: 5

0 comments:

Post a Comment