කදු පාමුල සැගවුනු - උඩවාඩිය ⛰🌳🍁 (Udawadiya🌻)

කදු පාමුල සැගවුනු - උඩවාඩිය ⛰🌳🍁 (Udawadiya🌻)
අද අපේ කතාව තවත් සුන්දර ගමක් ගැන.කොන්ක්‍රීට් වනාන්තර වලින් හුදෙකලා වුණු මේ සුන්දර ගම නමින් උඩවාඩියයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙන උඩවාඩිය ගම කඳු මුදුන් වලින් වට වුණු ලස්සන ගමක්. නමුණුකුල කන්ද පාමුල තියෙන ගමක් කිව්වොත් නිවැරදී..

1818 වැනි කාල වකවානුවලදී ඌව පළාතේ ඇතිවු නොසන්සුන්තාවන්ට බියෙන් ඇතැම් පිරිස් ආරක්ෂාව පතා බදුල්ල දිස්ත්‍රික්කයේ ඈත එපිට අති දුෂ්කර ප්‍රදේශ වෙත යාමෙන් ජනාවාස වු ගම්මානයක් තමා මේ උඩවාඩිය ගම...

අපි හැමෝම දන්නේ මීමුරේ ගැන විතරයි.. මේ ගමත් මීමුරේ වගේම සුන්දරයි.දැන් මේ ගමට ඉස්කෝලයක්, කෝවිලක් එහෙම නම් තියෙනවා. ඒත් මිනිස්සුන්ගෙ ජීවන රටාව සෑහෙන්න දුෂ්කරයි. මොකද මේ ගම්මානයට යන්න බදුල්ල, පස්සර පැත්තෙන් නමුණුකුල ගමට ගිහින් එතනින් දේවාතුර, මියනකඳුර පාරෙ දිගේ තැන්නෙ කුඹුරට යන්න ඕන. 

එතන ඉඳන් තමයි තේ වතු, කැලෑ මැද්දෙන් වැටුණු කිලෝමීටර 5ක විතර උඩවාඩිය පා ගමන පටන් ගන්නෙ.හැබැයි ගමන අතර මගදි විඩා නිවන්න ඕන තරම් තැන් හමුවෙන නිසා විඩාව අවමයි..

ගල් ගුහා, ගල් තලා වගේම තැනි තලා එහෙමත් එමටයි.මී දුමෙන් වැහුණු වෙල්ලස්ස නගරය, ඉර එළියෙන් ලාවට දිස්න දෙද්දි පුදුම ලස්සනක් තියෙන්නෙ. උඩවාඩිය ගම, රන්දෙණිගල කැරැල්ලටත් ලොකු නෑ කමක් කියනව. කොහොම වුණත් ගමනෙ අවසානයක් දකින්න ඕන නම් උඩවාඩිය ඇල්ලෙන් හොඳ වතුර ටිකක් නම් නා ගන්නම ඔනේ

උඩවාඩිය ඇල්ලත් හරිම සුන්දරයි..මේ ගමට ගියොත් හොද කිතුල් හකුරු ටිකකුයි වස විසෙන් තොර එලවලු ටිකකුයි අරන් එන්න පුලුවන්.. Camping වලට හොදම ගමක්.. හැමදාම යන මීමුරේට වඩා වෙනස්

කියන්නම ඔනේ අපි මේ විස්තර කියන්නේ ඔයාලට නොදන්න සුන්දරත්වය මතක් කරන්න මිසක් මේ ගමට ගිහින් ගමේ සුන්දරත්වය විනාශ කරන්න නම් නෙමේ..

පරිස්සමට ගිහින් ආපහු පරිස්සමට එන්න පරිසරය විනාශ නොකර.ඒ තරමට සුන්දර ගමනක් වෙයි.හැබැයි දන්නවද සරුසාර පොලවක් ඇති ඒ ගමට හරි හමන් මාර්ගයක් නම් නෑ..

Udawadiya

Udawadiya is a beautiful village situated in the Badulla District surrounded by peaks. A village at the foot of Namunukula mountain.

Now this village has a school and a temple. But people's lifestyles are very difficult.

මෙහි ඇතුලත් පින්තූර මුල් අයිතිකරු සතුයි📸🙏
කදු පාමුල සැගවුනු - උඩවාඩිය ⛰🌳🍁 (Udawadiya🌻) - Your Choice Way

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කදු පාමුල සැගවුනු - උඩවාඩිය ⛰🌳🍁 (Udawadiya🌻) කදු පාමුල සැගවුනු - උඩවාඩිය ⛰🌳🍁 (Udawadiya🌻) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 16, 2020 Rating: 5

0 comments:

Post a Comment