මේ සොබාදහම සඳහා කාලයයි (This Is The Time For Nature)

මේ සොබාදහම සඳහා කාලයයි (This Is The Time For Nature)
ආයුබෝවන් 🙏
🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳
🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎
🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕

ජූනී 5 තමයි පරිසර දිනය.ඉතිම් ස්භාවධර්මයෙන් මෙ වෙනකොට මිනිස් සංහතියටම Injection 💉 එකක් දෙන ගමන් ඉන්නෙ.එ දඩුවමත් එක්ක මෙවර පරිසර දින තේමාව 

‘ සොබාදහම සඳහා කාලයයි 🌳🌳 යනුවෙන් නම් කර ඇත.නමුත් මෙවා නම් කරලා බොරුවට උත්සව අරං එදාට විතරක් පරිසරයට ආදරෙ කරලා තියෙන ගස් වැල ,ගං ඉවුරු සම්පූර්ණ පරිසරයම විනාශ කරනවා කියන්නෙ අපි අපිවම විනාශ කරගන්නවා වගෙ වැඩක්😓🌳💉

ඔයාලට මතක ඇති සියැටල් 😍 ඔව් පරිසරය විනාශ උනොත් ඉස්සරහට වෙන දේවල් කලින්ම කිව්ව පන වගෙ පරිසරයට ආදරෙ කරපු රතු ඉන්දියානුවෙක් 😍🌳

ඔව් සියැටැල් ගෙ ප්‍රෙකාශ තුනක් මං ලිපියට අරගත්තා ❤✌️

එවා නම්,
🚫🚫🌳🌳🌳🌳🌳 (දිය දහරේ සහ ගංඟාවල ගලා බසිනා දිලිසෙන වතුර නිකම්ම වතුර නොවෙයි. ඒ අපගේ මුතුන් මිත්තන්ගේ ජීව රුධිරයයි.....)
🚫🚫🌳🌳🌳🌳🌳(සතුන් ගස්වැල් සහ මිනිසා යන සියළු දෙනාම ආස්වාස කරන්නේත්. බෙදා හදා ගන්නේත්, එකම වාතයයි.....)
🚫🚫 🌳🌳🌳🌳🌳 (මිනිසා මේ මහ පොළවේ කොටසක් වනවා මිස, මහ පොළව මිනිසාට අයති වස්තුවක් නොවන්නේය.’)
🚫🚫 🌳 🌳🌳🌳🌳 (මිනිසාගේ මතකය වළාවක සෙවනැල්ලක් පමණක් වූ කළ එම සෙවනැලි සහ වනාන්තරය ජනතාවගේ ආත්මය දරා සිටිනු ඇත. ඒ අළුත උපන් බිළිඳකු සිය මවගේ හද ගැස්මට ආදරය කළාක් මෙන් මේ මහ පොළවට ඔවුන් ආදරය කළ නිසාය. එනිසා අප ඊට ආදරය කළාක් මෙන් ඔබත් ඊට ආදරය කරන්න. අප රැකගත් පරිදිම එය රැක ගන්න. මේ බිම් පිළිබඳ මතකය එය ඔබ ලබා ගන්නා අවධියේ පැවතුනාක් මෙන්ම ඔබගේ මනසේ තබා ගන්න. ඔබේ මුළු ශක්තියෙන්ම, මුළු හිතින්ම, මුළු හදින්ම එය ඔබේ දරුවන් සඳහා සුරකින්න..)

ඉතිම් අපි යමු පරිසර දිනයෙ ඉතිහාසය හා එවකට ඉදන් පරිසර දින තේමාවන් ටික බලන්න😍🌎🌎🌎😱📅✌️😘

පරිසර දිනය

ජගත් පරිසර දිනය (2016 ජුනි 05) අදට යෙදී තිබේ. 1972 පැවැති එක්‌සත් ජාතීන්ගේ මහ සම්මේලනයේදී ගන්නා ලද තීරණයකට අනුව මානව පරිසරය පිළිබඳ එක්‌සත් ජාතීන්ගේ සමුළුව 1972 ජුනි 05 වැනි දින සිට ජුනි 16 වැනි දින දක්‌වා ස්‌වීඩනයේ ස්‌ටොක්‌හෝම්නුවරදී පවත්වන ලදී. 

එහි ආරම්භක දිනය වන ජුනි 05 වැනි දිනය ජගත් පරිසර දිනය වශයෙන් පසුව ප්‍රකාශයට පත් කරන ලදී. මේ දිනය සැමරීම සඳහා නිල වශයෙන් කටයුතු කරන එක්‌සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ ආරම්භය සිදුවන්නේ ද මෙම සමුළුවේ ප්‍රතිඵලයකිනි. එතැන් සිට ගතවූ දශක හතරක පමණ කාලය තුළ එක්‌ එක්‌ වසරවල විවිධ තේමාවන් ඔස්‌සේ ජගත් පරිසර දිනය සමරනු ලබයි. මෙහිදී එක්‌ එක්‌ වසරේ ජගත් පරිසර දිනය සැමරීම සඳහා රටවල් තෝරා ගන්නේ පිළිවෙළින් උත්තර අර්ධගෝලයෙන් සහ දක්‌ෂිණ අර්ධගෝලයෙන් මාරුවෙන් මාරුවටය. 

ඒ අනුව 2016 වර්ෂයේ පරිසර දිනය සැමරීම සඳහා  ඇන්ගෝලාවයි තෝරාගෙන ඇති අතර  මෙවර පරිසර දින තේමාව ලෙස  “වනජීවී සම්පත් නීති විරෝධී ලෙස අලෙවි කිරීමට එරෙහි වෙමු” (FIGHT AGAINST THE ILLEGAL TRADE IN WILDLIF) ගෙන ඇත.

2015 සවිස්තරාත්මක ලිපිය කියවිමට මෙතනින් යන්න. (මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුනිල් උඩුකුල මහතාගේ ලිපියක් අන්තර්ඝත කර ඇත.

1974 සිට 2020 දක්වා පරිසර දින තේමා🌳😱🌳😱🌳😱🌳😱🌳😱🌳😱🌳😱🌳

ඔබගේ දැන ගැනීම සහ අවශ්‍යතාව සදහා 1974 වසරේ සිට 2016 දක්වා ලොව පරිසරයට වෙන් වූ දිනයන් හි ජගත් පරිසර දින තේමාවන් පහතින් දක්වා ඇත.

1973    -   Expo ’74” තුළ එක් පොළොවක්.
1974    -    එක් පොළොවක්.
1975    -    මනව ජනාවාස.
1976    -    ජලය ජීවයට අත්‍යවශ්‍ය සම්පතකි.
1977    -    ඕසෝන් වියන පරිසරය කෙරෙහි බලපෑම, බිම් අහොසි වීම 
                  සහ කැලෑ විනාශය.
1978    -    විනාශයෙන් තොර දියුණුවක්.
1979    -    අපේ දරුවන්ට එකම අනාගතයක්, විනාශයෙන් 
                 තොර සංවර්ධනයක්.
1980    -    අලූත් දශකයට අලූත් අභියොගයක්.
1981    -    භූ ගත ජලය මිනිසාගේ අහාර දාමයේ විෂ සහිත 
                 රසායන සහ පරිසර ආර්ථීකය.
1982    -    ස්ටෝක්හෝම් සැසියෙන් දශකයකට පසු. 
1983    -    විනාශකාරී අපද්‍රව්‍ය කළමනාකරණය අහොසිය, අම්ල වැසි 
                 සහ බලශක්තිය.
1984    -    කාන්තාරකරණය.
1985    -    තාරුණය ජනගහනය සහ පරිසරය
1986    -    සාමය සදහා ගස් වවමු.
1987    -    පරිසරය සහ වාසස්ථාන, පියස්සකට වැඩි දෙයක්.
1988    -    මිනිසා පරිසරය මුලට ගත් විට සංවර්ධනය අගට යෙදේ 
1989    -    පෘථීවි ගෝලයේ උෂ්ණත්වය ඉහළ යෑම 
                  අනතුරු ඇගවීමකි.
1990    -    පරිසරය සහ දරුවන්.
1991    -    දේශගුනික විපර්යාසය ගෝලීය එක්සත් 
                  බවේ    අවශ්‍යතාවයකි.
1992    -    එකම පෘථීවිය සුරකිමු, ඛෙදා හදාගෙන ජීවත් වෙමු.
1993    -    දිලිදුකම සහ පරිසරයේ විෂම චක්‍රය බිදිමු.
1994    -    එක පවුලක් එක පොළොවක්.
1995    -    ජගත් පරිසරයකට ජනතා දායකත්වය.
1996    -    පොළොව අපේ ජන්ම භූමිය යි, අපේ නිවහන යි.
1997    -    පෘථීවියේ ජිවය සදහා 
1998    -    පෘථීවියේ ජිවය සදහා සාගරය සුරකිමු.
1999    -    අපේ පෘථීවිය අපේ අනාගතය යි එය සුරකිමු.
2000    -    පරිසර සහශ්‍රකය යි කි්‍රයාත්මක වීමට කාලය යි.
2001    -    ජීවය උදෙසා අන්තර්ජාලය සමග එක්වෙමු.
2002    -    මිහිතලයේ සොදුරු බව රැකදෙන්න.
2003    -    ජලය ජීවයේ උල්පත යි.
2004    -    මුහුද සහ සාගරය නොනසා රැක ගනිමු.
2005    -    මිහිමඩල සුරකන හරිත පුරවර.
2006    -    වියළි බිම් සරු කරමු.
2007    -    අයිස් කදු දිය වීම.
2008    -    හරිතාගාර වායු පිටු දකිමු, කාබන් අවම ආර්ථීකයක් කරා 
                  පියනගමු.
2009    -    මිහිමවට ඔබ අවැසිය, දේශගුණික විපර්යාස පිටු දැකීමට
                  පෙළ ගැසෙමු.
2010    -    එක මිහතලයක ජීවයක් පිරුණු අනාගතයක්.
2011    -    වන සම්පත සොබාදහමේ සත්කාරයයි.
2012    -  හරිත ආර්ථිකය; ඔබත් එහි කොටස්කරුවෙක්
2013    -  ආහාර පරිභෝජනයේ අරපිරිමැස්‌ම ගැන සිතන්න ඔබගේ ආහාර පියසටහන අඩු කරන්න
2014    - දේශගුණික විපර්යාසවලින් දූපත් රාජ්‍යයන් බේරාගැනීම
2015    -  බිලියන 07ක ජනතාවක් – එක ග්‍රහලෝකයක් – පරිස්සමින් පරිහරණය කරමු
2016     - වනජීවී සම්පත් නීති විරෝධී ලෙස අලෙවි කිරීමට එරෙහි වෙමු
2017 - ''සොබාදහම සමඟ බැඳුණු ජනතාවක්''
2018 - ˝ වායු දූෂණයෙන් පරිසරය ආරක්ෂා කරමු
2019 - “තිරසර වන කළමනාකරණයක් තුළින් වායු දූෂණය අවම කිරිම”

එ අනුව මෙවර ගෝලීයව පැවතෙන වසංගත තත්වයත් ස්භාවධර්මයෙන් ලැබෙන නොයෙක් දඩුවමුත් මුල්කොට ගෙන 2020 ජූනී5 එනම් අද දින පරිසර දිනයෙ තේමාව නම් කොට ඇත්තෙ

‘‘සොබාදහම සඳහා කාලයයි" යනුවෙන් ලිපිය නම් අවසන් ඉතිම් කියන්න තියෙන්නේ පරිසරයට අද විතරක් ආදරෙ කරලා හෙට ඉදන් ආය විනාශ කරන්න පටන් ගන්න එපා මොකද දින 364 මෙ එක දවසට වඩා විශාලයි.විනාශය හිතාගන්න පුළුවන් නෙ😓🌳

ඉතිම් පැලයක් රෝපණය කරල තියෙන ගස් ටිකයි පරිසරයයි ආරක්ෂා කර ගැනීම සියලු ලෝක වාශීන්ගෙ යුතුකමක්❤😘✌️

ඉතිම් බලලා කියවලා ලිපිය අද අනෙක් අයට බලන්නත් සෙයාර් කරන්න✔🌳
ලයික් කරලා සප් එකක් දෙන්න✔✔🌳
කමෙන්ට් කරන්න ඔයාලගෙ අදහසත්✔🌳🌳✌️
ඉතිම් ආදරෙයි පරිසරයට මම 🌳😍

ස්තුති 🙏 
දිලා❤️ 
(උපුටාගැනිමකදි මුල් අයිතිය සුරකින්න  Dilhan sachintha rathnayaka )🌎🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌎
මෙ සොබාදහම සඳහා කාලයයි (This Is The Time For Nature) - Your Choice Way

මෙ සොබාදහම සඳහා කාලයයි (This Is The Time For Nature) - Your Choice Way

මෙ සොබාදහම සඳහා කාලයයි (This Is The Time For Nature) - Your Choice Way

මෙ සොබාදහම සඳහා කාලයයි (This Is The Time For Nature) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මේ සොබාදහම සඳහා කාලයයි (This Is The Time For Nature) මේ සොබාදහම සඳහා කාලයයි (This Is The Time For Nature) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 23, 2020 Rating: 5

0 comments:

Post a Comment