මව්රටෙන් කිහිප වරක්ම ප්‍රතික්ෂේප වුන ඇමෙරිකානු යුද්ධ හමුදාවේ ලාංකික සෙබළා 🖤 (A Sri Lankan Soldier In The US Army Who Was Repeatedly Rejected From His Homeland)

මව්රටෙන් කිහිප වරක්ම ප්‍රතික්ෂේප වුන ඇමෙරිකානු යුද්ධ හමුදාවේ ලාංකික සෙබළා 🖤 (A Sri Lankan Soldier In The US Army Who Was Repeatedly Rejected From His Homeland) - Your Choice Way
මට හමුදාවට බැඳෙන්න ඕන වුණේ අවුරුදු දහඅටේ දි . මම මගේ මව් රටේදී සම්මුඛ පරීක්ෂණයකට ඉදිරිපත් වෙනවා . ඒ කැඩෙට් නිලධාරියෙක් විදියට හමුදාවට බැඳෙන්න .

මූලික ශාරීරික යෝග්‍යතාවය නැහැ කියලා එතනදි මාව ප්‍රතික්ෂේප වෙනවා.

ඒ නියමිත බර සහ පපුව නොතිබූ නිසා.නිල ඇඳුමට තිබුන ආසාව නිසා දෙවැනි වරටත් මම ඒ සම්මුඛ පරීක්ෂණයට ම යනවා ඊළඟ අවුරුද්දේ.

" ආපහු එනවා නම් හොඳට කාලා ඇඟ හදාගෙන එන්න " කියල එතන ඉන්න අය මට හිනා වුණා. ඒ සැරෙත් සම්මුඛ පරීක්ෂණයෙන් අසමත්. ඒ දවසේ ගොඩක් දුකෙන් ගෙදර ආවා.

තුන්වෙනි සැරේට රහස් පොලිස් සේවයට බැඳෙන්න අයදුම් පතක් ඉදිරිපත් කළා. සම්මුඛ පරීක්ෂණයක් පවා නැතිව , මාව අදාළ තනතුරට බඳවා නොගන්නා බවට ලිපියක් යොමු කර තිබුණා. දිගින් දිගටම ප්‍රතික්ෂේප වීම නිසා මම නැවතත් ආරක්ෂක අංශයේ රැකියා සදහා ඉල්ලුම් කිරීම නතර කළා . ඒත් හැමදාම නිළ ඇඳුමට ආදරේ කලා . හමුදාවට එක්වන හීනෙ කවදාවත් හිතින් අත්හැරියේ නැහැ.

ඔය අතරතුර කාලයේදී ඇමරිකා එක්සත් ජනපදය ට එන්න අවස්ථාව මට ලැබෙනවා . එහි දී වැඩිදුර අධ්‍යාපනය ලබමින් සිටින අවස්ථාවක , හමුදාවේ සහ පොලීසියේ නිලධාරීන් පිරිසක් බදවා ගැනීම් සඳහා පාසලට පැමිණ ළමුන් සමග කතා බහ කරමින් සිටිනවා මම දකිනවා. මම මේ සංවාදය අසා සිටින්නේ ඉතාම ඕනෑකමින්. එහි සිටි නිලධාරියෙක් එකවරම මගෙන් මෙහෙම අහනවා.

"කැමති නැද්ද හමුදාවට එකතු වෙන්න ?"

"කැමතියි " දෙවරක් නොසිතාම මම උත්තර දෙනවා. එතනින් පස්සෙ සිද්ද වෙන හැම දෙයක්ම හීනයක් වගේ. හමුදාවේ ලිඛිත පරීක්ෂණය වගේම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙනුත් මම සමත් වෙනවා.

අද මම ඇමරිකා එක්සත් ජනපද හමුදාවේ අධිතාක්ෂණික හෙලිකොප්ටර් යානා අලුත්වැඩියා කරුවෙක්. AH 64 Apache කියන්නෙ ලෝකෙ තියෙන බලගතුම ප්‍රහාරක හෙලිකොප්ටර් යානය.

ප්‍රතික්ෂේප වීම් කියන්නේම ජීවිතයට ආශිර්වාදයක් . හීන පස්සේ දුවන්න . ඒ හීන ඇත්තටම සිද්ධ වෙනවා වගේ දකින්න. අන්තිමට ඔබ ජයග්‍රහණය කරනවා. 
ඒක ස්ථිරයි.
- අනුජ් පූජිත ගුනවර්ධන -

මේක මම හරිම ආසාවෙන් දාන Post එකක්. මොකද, මේ මම පෞද්ගලකිව ආදරය කරන,ජීවිතේ වැටෙන තැන් වලදි ආයෙමත් "නෑ මම වැටෙන්නෙ නෑ" කියන වචන ටික හරිම ලේසියෙන් මගේ හිතට ගන්න මම Follow කරන චරිත ගොඩේ උඩින්ම ඉන්න චරිතයක්. 
ආදරෙයී. 🇱🇰 ♥️

මේ වගේ ලස්සන වටිනා දේවල් කියවන්න එකතු වෙන්න අපි සමඟ. 
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

View my Flipboard Magazine.
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මව්රටෙන් කිහිප වරක්ම ප්‍රතික්ෂේප වුන ඇමෙරිකානු යුද්ධ හමුදාවේ ලාංකික සෙබළා 🖤 (A Sri Lankan Soldier In The US Army Who Was Repeatedly Rejected From His Homeland) මව්රටෙන් කිහිප වරක්ම ප්‍රතික්ෂේප වුන ඇමෙරිකානු යුද්ධ හමුදාවේ ලාංකික සෙබළා 🖤 (A Sri Lankan Soldier In The US Army Who Was Repeatedly Rejected From His Homeland) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 30, 2020 Rating: 5

0 comments:

Post a Comment