රාජකීය වන උද්‍යානය - උඩවත්ත කැලේ , මහනුවර 🍃🌳🎍 ( Royal Forest Park - Udawattakele )

රාජකීය වන උද්‍යානය - උඩවත්ත කැලේ , මහනුවර - Your Choice Way
අද අපි කතා කරන්නේ නුවර Travel කරන ගොඩක් අයට අමතක වෙන මගහැරෙන කැලෑවක් ගැන...

මහනුවර- කැලෑවක් 🤔 ඔව් ඔව්... ඒ තමා උඩවත්ත කැලේ රාජකීය උයන..උඩවත්තකැලේ රාජකීය වන උයන පිහිටා ඇත්තේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පිටුපසිනි. 

1856 දී රක්ෂිතයක් ලෙස නම් කරන ලද මෙම වන උයන 1938 වසරේදී අභය භූමියක් ලෙසද නම් කරන ලදී. 

ජෛව විවිධත්වය අතින් ඉහළ මෙම වනය තුළ ශාක විශේෂ 405ක් පමණ තියෙනවා. එයින් ශාක විශේෂ 100ක් පමණ අප රටට ආවේණික ශාක වීම විශේෂත්වයක්..

මේ කැලයේ තියෙන ඉතිහාස කතාව තමා..අක්කර 250ක් පමණ විශාලත්වයෙන් යුතු මෙම වන පියස අතීතයේ මහනුවර රාජධානියේ රජකම් කළ රජවරු විවේක සුවයෙන් සිටි ස්ථානක් ලෙසයි ප්‍රචලිත වී තිබුනේ..

මේ නිසා මුල් කාලයේ මෙම ප්‍රදේශයට උඩ වාසල වත්ත ලෙස හදුන්වා පසුව උඩ වත්ත බවට පත්ව ඇත..

එකල මාලිගාවේ සිටි අලි ඇතුන් සඳහා ආහාර සම්පාදනය කිරීම සඳහා මෙම වන අරණ යොදාගත් බව පුරාවෘර්තවල සඳහන් වෙනවා..

ඒ වගේම ගම්පොල රජ කළ සේනාසම්මත වික්‍රමබාහු රජතුමා මේ කැලේ 'උඩ වාසල' නමින් මාලිගාවක් තනාගෙන එහි වාසය කළ බවටද මතයක් තිබෙන බව අවට පැරණි ගම්වාසීහු පවසනවා..

මෙම වන අරණට පිවිස වැඩිදුරක් යන්නට මත්තෙන් හමුවන "රජ පොකුණ" අතීතයේ සෙංකඩගල පුරවරයේ රජකළ රජවරුන්ගේ සහ බිසෝවරුන්ගේ දිය කෙළින ජල තටාකය ලෙස හැඳින්වෙනවා..

මෙහි උසම ස්ථානය ලෙස සැලකෙන්නේ කොඩිමලේ නම් ස්ථානයි. මුහුදු මට්ටමේ සිට අඩි 1800ක උසින් පිහිටි මෙම ස්ථානයට මුළු මහනුවර නගරයම දිස්වේ.

ඔබ කුරුල්ලන් නරඹන්න  ප්‍රිය කරන කෙනෙක් නම් ඔබට ගැලපෙනම තැන තමයි උඩවත්ත කැලේ අභයභූමිය. 

නුවර නගරයෙන් කිලෝමීටර් 1.5 පමණ දුරින් පිහිටා තිබෙන මේ උඩවත්ත කැලේ පුරා විහිදී ඇති අඩිපාරවල් දිගේ නිහඬව ගමන් කලොත් ඔබට පුළුවන් කුරුල්ලන් රැසක් දැකගන්න.

හැබැයි උදේ 07:00 ත් හවස 06:00 අතර කාලය තමා උඩවත්ත කැලේ අභයභූමිය සංචාරකයන් සඳහා විවෘතව පවතින්නේ... ඒ වගේම මතක තියාගෙන යන්න හවස 04:30 න් පසුවට මේ තුලට පිවිසීමට අවසරපත් නිකුත් කිරීම නවත්වනවා.

සැළකිලිමත් වන්න.මෙම වන අරණ තුළ පිහිටි විහාර තුළ දෙස-විදෙස් ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලා තවුස්දම් පුරණ හෙයින් අධික ශබ්දයෙන් කෑ නොගසා සංවරව හැසිරිය යුතුය.

Royal Forest Park - Udawattakele

Udawattakele Forest Reserve is a historic forest reserve on a hill-ridge in the city of Kandy. It is 104 hectares (257 acres) large. During the days of the Kandyan kingdom, Udawattakele was known as “Uda Wasala Watta” 

in Sinhalese meaning “the garden above the royal palace”. The sanctuary is famous for its extensive avifauna. The reserve also contains a great variety of plant species, especially lianas, shrubs and small trees. There are several giant lianas. Many of small and medium size mammals that inhabit Sri Lanka can be seen here. Several kinds of snakes and other reptiles might be seen.  It was used as a pleasure garden by the Kandyan kings. The forest was reserved for the Royal family, and the pond in the forest was used for bathing. It has been recorded that the Brahmin called Senkanda, from whose name the city’s original name Senkandagalapura derives, lived in a cave in this forest. The rock-shelter or cave now known as the Senkandagala-lena is on the slope above the temple of the tooth and can be visited.

පින්තූර මුල් අයිතිකරු සතුයි 📸🙏
රාජකීය වන උද්‍යානය - උඩවත්ත කැලේ , මහනුවර 🍃🌳🎍 ( Royal Forest Park - Udawattakele ) - Your Choice Way

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
රාජකීය වන උද්‍යානය - උඩවත්ත කැලේ , මහනුවර 🍃🌳🎍 ( Royal Forest Park - Udawattakele ) රාජකීය වන උද්‍යානය - උඩවත්ත කැලේ , මහනුවර 🍃🌳🎍 ( Royal Forest Park - Udawattakele ) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 23, 2020 Rating: 5

0 comments:

Post a Comment