Pawathma.... Nawathma.... Song Lyrics - පැවැත්ම.... නැවැත්ම.... ගීතයේ පද පෙළ

Pawathma.... Nawathma.... Song Lyrics - පැවැත්ම.... නැවැත්ම.... ගීතයේ පද පෙළ
Song Title : Pawathma.... Nawathma....(පැවැත්ම.... නැවැත්ම....)
Lyrics : Indrani Kamthi (ඉන්ද්‍රානි කාන්ති)
 
කුමරු සිදුහත් වින්දා දස දුක් දකින්නට ලොව මනා සේ
වෙසක් පුන් පෝ  දිනේ බෝ රුක මුලදි දුටුවා සියලූ දේ
සංසාර කැණි මඩල තනනා වඩුවා මේ තණ්හාවය
කඩලා බිදලා සුනු විසුනු කර දැමුම නැවතුම ලෝකය

තණ්හාව නම් වඩුවා මරලා දමන හැටි  තුන් ලෝකෙට
දෙසුවා මහානුකම්පිතව ලෝබුදුන් වැඩ වැඩ සිව් දෙස
අනුන් ගැන සොය සොයා වෙහෙසී පලක් වෙද කුළ පුතුන්නේ
තමන් ගැන තම තමන් හෙවුවොත් උතුම් මැයි තම තමන්නේ

ස්වාභාවිකවම නැගෙන සිතුවිලි අල්ලා ගන්නවා නොදැනිම
අල්ලා ගත් සිතුවිල්ලේ දුක සැප විදිනවා තලු මර මර
රැල්ල සේමා පෙරළි පෙරළි නැගෙන සිතුවිලි තුන් යම
විඩා ශෝකය තාප සැනසුම් ගෙනෙනවා හද සංතානය

පංචස්කන්ධයෙන් හා මනෝමය ෂඪ් දොරටුවෙන්
දමා ඇතුලට වමාරනවා වමාරා කන හරක් සේ
ගොදුර දැකි ගිජු ලිහිණියන් සේ බලාපොරොත්තු වේ බිජු ඉස
ගමනේ දිගු බව දිගු කරනවා නැවැත්මක් නෑ කිසි කල

තල බීජ ඉස්සොතින් සිත් කෙත ලැබේනවා තල බීජම
අබ බීජ වැපුරුවොත් සිත් කෙත් නොලෑබේවී තල බීජය
වපුරනා දෙය අස්වැන්න ලෙස නැවත් ලැබෙනවා දහමය
සිත් කෙතේ බිජු නොයිස්සෝතින් අස්වැන්න කෝ නෙලුමට

අතිතය හා අනගත යන දෙකොන මායාවක් බව
හොදින් පිරිසිද දැනම සිහියෙන් නැවතුනොත් මැද වත්මන
දුවන අංගුලිමාල අසිපත බිම දමා නැවතුන තැන
මම නැවතියෙමි ඔබත් නවතින්න බුදු වදන හමු වන තැන

......................................................
නමුත්... මගේ...අවිද්‍යාව ..... නම්

නැගෙන සිතුවිලි පසු පසම තව තවත් දුව මිරිගුවක් සේ.
නොසිතෙනා එක අරුමය යි මට දුවමි පැටලී ලෝකයේ

ඉන්ද්‍රානි කාන්ති (2020/11/29)
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pawathma.... Nawathma.... Song Lyrics - පැවැත්ම.... නැවැත්ම.... ගීතයේ පද පෙළ Pawathma.... Nawathma.... Song Lyrics - පැවැත්ම.... නැවැත්ම.... ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 29, 2020 Rating: 5

0 comments:

Post a Comment