නාරංගෙඩියේ හැඩයෙන් යුතු - නාරංගල 🍊⛰(Narangala🍊)

නාරංගෙඩියේ හැඩයෙන් යුතු - නාරංගල 🍊⛰(Narangala🍊)
නාරංගල කඳු මදුනින් කැපූ දැවේ
ඒක ඇවිත ලුණුගල්ලේ කෙතේ දැවේ
පිනෙන් පහල වුනාය බෝගොඩට දැවේ
විෂ්ණු සමන් දෙවියෝ පිහිටවපු දැවේ
අද අපි ඔයාලා එක්ක බෙදාගන්නේ නාරංගල ගැන.හැමෝම නාරංගල ගියාට මෙහි වැදගත්කම හැමෝම දන්නේ නෑ.. අපි ඒක අද ඔයාලට කියන්නයි යන්නේ..උසින් අඩි 4540 වූ නාරං ගෙඩියක හැඩය ගත් කඳු මුදුනේ හැඩය නිසාවෙන් එය නාරංගල ලෙස පුරාණයේ සිට හැඳින්වේ. ඌව පළාතේ කඳු පන්ති අතර නාරංගල කන්ද දෙවැනි වන්නේ නමුණුකුල කඳු වැටියට පමණි.

ඓතිහාසික වශයෙන් ගත්කල නාරංගල කඳු පන්තිය ආශ්‍රිත ප්‍රදේශයේ ඉතිහාසය බුදුන් වහන්සේගේ පළමු ලංකාගමනය දක්‌වා ඈතට දිව යන්නකි. බුදුරජාණන් වහන්සේගේ පළමු වතාවට මහියංගණයට වැඩම කරන ලද්දේ බුද්ධත්වයෙන් නවවැනි මාසයේ යෙදුණු පූර්ණ චන්ද්‍ර හෙවත් දුරුතු පොහෝ දිනයේදී ය.

ඌවේ වැසියන් අතර ප්‍රකට එක්‌ ඓතිහාසික පුරාවෘතාන්තයක්‌ අනුව මහියංගනයට පැමිණි බුදුන් වහන්සේ නාරංගල කඳු මුදුනේ සිරිපා සටහනක්‌ තැබීමේ බලාපොරොත්තුවෙන් එහි පැමිණියත් දුරුතු පොහෝ දින නාරංගල කඳු ප්‍රදේශය අසල ගමක ගොවීන් පිරිසක්‌ සී සාමින් සිටි නිසා බුදුන් වහන්සේ සිරිපා සටහනක්‌ තැබීමේ අදහස අතහැර පිටත්ව ගිය බවකි. 

මෙම කතාවෙන් ගම්‍ය වන එක්‌ කරුණක්‌ වන්නේ මෙයින් වසර 2600 පෙර පවා නාරංගල කඳු පන්තිය ආසන්න ප්‍රදේශයේ කෘෂිකර්මය පාදක කොටගත් ජීවන රටාවක්‌, ආර්ථිකයක්‌ හා මනා ලෙස ස්‌ථාපිත වූ ජනාවාස පිහිටා තිබූ බවකි.

තවත් ජනප්‍රවාදයක් තියෙනවා කියන්න ඒ තමා...නාරංගල කඳු පන්තිය ආශ්‍රිත ඊළඟට වැදගත්ම තොරතුරු අනාවරණය වන්නේ වළගම්බා රජතුමා පරසතුරු ආක්‍රමණයන් හේතුවෙන් කඳුකරය පුරා ගත කළ කාල පරාසයයි. එය ක්‍රිස්‌තු පූර්ව 105 සිට 89 දක්‌වා දිව යන්නකි. 

එම වකවානුවේ නාරංගල කඳු වැටියේ දකුණු පස පිහිටි බෝගොඩ විහාරය ආශ්‍රිත ප්‍රදේශයේ රැකවරණය පතා පැමිණි වළගම්බා රජතුමා ඇතුළු පිරිස එහි බොහෝ කාලයක්‌ ගතකළ බවත් එම වකවානුවේදී බෝගොඩ විහාරයේ සිට දෝව රජමහා විහාරය දක්‌වා එක්‌ උමගයක්‌ ගොඩනැඟූ බවත් එයින් එක මාර්ගයක්‌ නාරංගල කන්ද මුදුන දක්‌වා දිව යන බවත් ජනප්‍රවාදයේ සඳහන්ය. 

නාරංගල කඳුවැටිය පිළිබඳව ඉතා වැදගත් තොරතුරු රැසක්‌ අනාවරණය වන්නේ 1817 ඔක්‌තොම්බර් සිට 1818 නොවැම්බර් දක්‌වා වසරකට අධික කාලයක්‌ ඇවිලුණු කන්ද උඩරට හා වෙල්ලස්‌සේ නිදහස්‌ අරගලය වකවානුවේ දී ය.

නාරංගල කඳුවැටිය ආසන්නයේ ඇති ලෙන් සමූහය තුළ 1817-18 නිදහස්‌ අරගලයේදී සේනා පුහුණුවීම් හා රැස්‌කිරීම සඳහා මෙන්ම ඔවුන්ගේ රැකවරණයට උපකාරී වී ඇති බවකි. 

මේ තරම් ජනප්‍රවාද තියෙන නාරංගල ගැන මේ තොරතුරු ඔයාලා දැනන් හිටියද.නාරංගල කඳු පංතිය ආසන්නයේ පුරාණ විහාරස්‌ථාන මෙන්ම පුරාවස්‌තු බොහොමයක්‌ දැකිය හැක. 

නාරංගල කඳුකර කලාපය බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ හාලිඇල, සොරණාතොට හා කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ හා යාවූ මනරම් පරිසර කලාපයකි. 

Narangala

Beautiful Narangala, with its golden grass, rises up to a height of over 1500m in the Uva Province of Sri Lanka. The summit of this second highest mountain in Uva, provides some of the very best views in the entire tropical island. In addition to it; the reasonable challenge that climbing it offers has made it a great favorite amongst hikers.

NARANGALA The Golden Peak Narangala is the tallest mountain in Uva region, Sri Lanka. But at the highest of the mountain you’ll experience amazing nature aside from anywhere in uva region. The shade of sunshine golden color which will be seen from Narangala peak at a distance is that the reason why it owns the name Narangala the golden peak.

මෙහි ඇතැම් පින්තූර මුල් අයිතිකරු සතුයි.📸🙏
නාරංගෙඩියේ හැඩයෙන් යුතු - නාරංගල 🍊⛰(Narangala🍊) - Your Choice Way

👇👇👇අපගේ android app එක👇👇👇
අපගේ android app එක
Click Image For Download
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
නාරංගෙඩියේ හැඩයෙන් යුතු - නාරංගල 🍊⛰(Narangala🍊) නාරංගෙඩියේ හැඩයෙන් යුතු - නාරංගල 🍊⛰(Narangala🍊) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 09, 2020 Rating: 5

0 comments:

Post a Comment