සිත නිවෙන - මහමෙව්නාව භාවනා අසපුව 🙏🧘‍♂️(Mahamevnawa Buddhist Monastery Polgahawela)

සිත නිවෙන - මහමෙව්නාව භාවනා අසපුව 🙏🧘‍♂️(Mahamevnawa Buddhist Monastery Polgahawela) - Your Choice Way
අද අපේ කතාව සිත් සුවපත් වෙන ලස්සන තැනක් ගැන.ඒ පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව.

මේ අසපුව ගැන කතා කළොත්.මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ ආරම්භක භාවනා මධ්‍යස්ථානය සේ ම වත්මන් මූලස්ථානය ලෙසට ද ක්‍රියාත්මක වනුයේ පොල්ගහවෙල වඩුවාවේ පිහිටි, මහමෙව්නාව භාවනා අසපුව යි. 

සුන්දර කුඩා කඳු ගැටයක් ආශ්‍රිතව පිහිටා තිබෙන මෙම අසපුව, දහම් පිපාසිත සුවහසක් මිනිසුන් ගේ දහම් පිපාසාව සංසිඳවා ගැනීම පිණිස අමා දම් පිරි සොඳුරු විලක් වැනි ය.

‘ගෞතම බුදු සසුන බබළවන පිරිසක් බිහිවේවා’ යන උතුම් පැතුම පෙරදැරි කරගෙන 1999 අගෝස්තු මස 14 වැනි දින පූජ්‍යපාද කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් මෙම මහමෙව්නාව භාවනා අසපුව ආරම්භ කර තිබෙනවා..

මෙම පුණ්‍ය භූමියෙහි විරාජමානව වැඩ සිටින:
සිරි ගෞතම දම්සක් මහා සෑයත්, 
සිරි ගෞතම බෝධි මණ්ඩපයත්, 
සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාවත්,
මිනිසුන්හට මහත් ශ්‍රද්ධා භක්තිය ජනිත කරවන අතර වත්මන් බුදු සසුනට මහත් අලෝකයක් සපයනු ලබනවා..

පින්වත් ස්වාමීන් වහන්සේලා 150 නමකට පමණ වැඩ සිටිය හැකි කුටි පහසුකම් ද අනෙකුත් සියලු විහාරාංගයන්ගෙන්ද මෙම පුණ්‍ය භූමියේ සමන්විතයි..

එමෙන්ම දිනපතා බොහෝ සැදැහැවතුන් පිරිසක් සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගාව වන්දනා කිරීමෙන් අපමණ පින් රැස් කරගන්න පැමිණෙනවා..

අක්කර විස්සකට ආසන්න ස්වභාවික සෞන්දර්යයෙන් පිරි කඳුකර බිම් පෙදෙසක සම්බුද්ධ රාජමාලිගය ඉදිකර තිබෙනවා..

ඉන්දියාවේ අශෝක අධිරාජයා විසින් නිර්මාණය කරන ලද ධර්ම චක්‍රය සහිතවූ දැවැන්තව ඉදිවූ දොරටුවකින් සිරිගෞතම රාජමාලිගයට පිවිසිය යුතුවේ.. 

ඉන් අනතුරුව තවත් දැවැන්ත පියගැට පෙළක් ඔස්සේ නැගගොස් මාලිගා පරිශ්‍රයට පිවිසීමට පුළුවන. 

මහල් දෙකකින් යුක්ත වන ආකාරයට නිමවූ මෙම රාජමාලිගාව අප ගෞතම බුදුන් වහන්සේ උදෙසා නිර්මාණය කොට තිබෙනවා. මෙහි නිමවා තිබෙන සෑම මූර්තියකින්ම, චිත්‍රයකින්ම කියැවෙන්නේ අප ගෞතම බුදුන්වහන්සේ බුද්ධත්වයට පත්වීම දක්වා වූ කතා පුවතය...

අඩි 107 ක් උසැති සම්බුද්ධරාජ මාලිගාව වසරක් වැනි කෙටි කාලයකදී නිමවා අවසන් කිරීමට හැකි වීමද සුවිශේෂී කරුණකි...

මහමෙව්නාව භාවනා අසපුවේ ශාඛා කිහිපයක් මෙරට පවතින අතර පොල්ගහවෙල ඉන් ප්‍රධාන වේ..

අලව්ව පොල්ගහවෙල ප්‍රධාන මාර්ගයේ යාන්ගල්මෝදර දුම්රිය හරස් මාර්ගය අසලින් විහිදෙන මාර්ගයේ කිලෝමීටර් තුනහමාරකට ආසන්න දුරක් ගියවිට මහමෙව්නාව භාවනා අසපුව හමුවේ. 

පීඩාකාරී මනසින් මිදෙන්න ඔබත් මෙහි යන්න.

Mahamevnawa Buddhist Monastery Polgahawela

Mahamevnawa Buddhist Monastery Polgahawela is an ideal day trip idea for anyone interested in learning about the country's culture and religious heritage, located just over two hours from Colombo. The monastery serves as home to about 100 monks--many speak English and are available to answer questions and offer tours. While there, you'll be able to see the Sacred Bodhi Tree Complex, browse the bookshop, make offerings at shrines, and join in the evening chant. Be sure to visit the website for directions, opening hours, and practical information about what to bring.

පින්තූර මුල්හිමිකරු සතුයි📸🙏

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සිත නිවෙන - මහමෙව්නාව භාවනා අසපුව 🙏🧘‍♂️(Mahamevnawa Buddhist Monastery Polgahawela) සිත නිවෙන - මහමෙව්නාව භාවනා අසපුව 🙏🧘‍♂️(Mahamevnawa Buddhist Monastery Polgahawela) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 30, 2020 Rating: 5

0 comments:

Post a Comment