හර්නියා රෝගය (Hernia Disease)

හර්නියා රෝගය (Hernia Disease)
හැකි පමණින් මෙය share කර ඔබේ මිතුරන් දැනුවත් කරන්න. මේ දේවල් කරනවා නම් ඔබත් හර්නියා අවදානමක සිටිය හැකියි. හර්නියා යනු වැඩිහිටි පුද්ගලයන්ට පමණක් හැදෙන රෝගයක් කියලයි බෝහෝ දෙනෙක් සිතන්නේ. ඒත් එය ඇත්තක් නොවේ. අලුත උපන් බිලිදුන්ටත්, කාන්තාවන්ටත් පමණක් නොව ඕනෑම වයස් කාන්ඩයක පුද්ගලයෙකුට හටගත හැකිය. 

👉හර්නියා යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද?

හර්නියා යනු ශරීරයේ ඹ්නෑම ස්ථානයක තිබෙන අවයවයක් හෝ අවයව කිහිපයක් එය ආවරණය කරගෙන ති‍බෙන පටල ආස්තර හරහා පරිබාහිරයට පැමිණීමයි.සාමාන්‍යයෙන් හර්නියා තත්ත්වය ඇතිවන්නේ උදරය ආශ්‍රීතව ය.උදරයේ බිත්ති මඟින් උදරයේ ඇතුළත තිබෙන අවයව ආරක්ෂා කරනු ලබයි. මෙහි දී බඩේ බිත්තියේ යම් කිසි දුර්වල ස්ථානයකින් ආවරණය කර තිබෙන ආස්තර හරහා උදරයේ ඇතුළත තිබෙන දෑ එළියට පැමිණීම සිදු වේ.

👉හර්නියා වල ලක්ෂණ

🔹උදරයේ හෝ ඉකිලි ආශ්‍රීතව අසාමාන්‍ය නෙරා ඒම
🔹කලින් සිදු කළ උදර කැපුමක් අසළ අසාමාන්‍ය නෙරා ඒම
🔹කාලයෙන් කාලයට ආහාර ගන්නා විට දී සහ ව්‍යායාම් කරන විට දී එම ස්ථානයෙහි ඇතිවන අපහසුතාවය
🔹ආහාර ගැනීමෙන් පසුව එම ස්ථානයෙහි වේදනාවක් ඇති වී වමනය ඇති වීම

👉 හර්නියා ඇතිවීමට බලපාන හේතුසාධක

🔹යම් පුද්ගලයෙකුට උප්පත්තියේදී ම ස්වභාවයෙන්ම බඩේ බිත්තියේ දුර්වල ස්ථාන තිබේ. එවැනි උදර බිත්තියේ දුර්වල ස්ථාන තිබීම
🔹අධික තරබාරුකම, නිසි පරිදි ව්‍යායාම් නෙකිරීමෙන් බඩේ බිත්තිවල මස් පිඩු සකසා නොගැනීම
🔹කිහිපවරක් දරු ප්‍රසුති සිදු කිරීමෙන් පසුව බඩේ බිත්ති සකසා නොගැනීම
අධික ස්ථුලතාවය සහ කිහිපවරක් දරු ප්‍රසුති සිදු කිරීමෙන් පසුව නිසි පරිදි උදරයේ මස්පිඩු එල්ලා වැටීම පාලනය නොකිරීමෙන් උදරයේ ඇදීමක් සිදු වීමෙන් ද හර්නියා තත්ත්වයක් ඇති වීමට පුළුවන. 
🔹උදරයේ පීඩනය වැඩි වන දෑ සිදු වීම, උදාහරණ වශයෙන් මළබද්ධය වැළදී තිබෙන පුද්ගලයෙකු නිතරම මලපහ පිටකිරීමට ගන්නා පීඩනය හේතුවෙන්, සහ ඇදුම රෝගීයෙකුගේ අපහසුතාවන් යනාදිය හර්නියා තත්ත්වය ඇති වීමට බලපාන හේතු සාධක වේ.
🔹අතීතයේ දී උදරය විවෘත කර සිදු කර ශෛල්‍යකර්මයක් සිදු කර තිබෙනවානම් එම ස්ථානයෙහි උදර බිත්ති දුර්වල වේ. එම නිසා ද එම ස්ථානයෙහි හර්නියා තත්ත්වයක් ඇති වීමට පුළුවන.

👉හර්නියා ලක්ෂණ ඇති වු විට කල යුතු දේ

උදරයේ යම් ස්ථානයක අසාමාන්‍ය නෙරා ඒම, යම් කිසි බර දෙයක් ඔසවන විට උදරයේ එම ස්ථානය අසළ වේදනාවක් තිබේ නම් , එසේත් නැත්නම් උදරයේ පීඩනය සමඟ කැස්සක් ඇති වුවහොත් වහාම එම තත්ත්වයන් දරුණු තත්ත්වයට පත් වීමට ප්‍රථමයෙන් සුදුසුකම් ලත් ශෛල්‍ය වෛද්‍යවරයෙකුට පෙන්විය යුතු ය.ළදරුවන් සහ වසස්ගත මහළු පුද්ගලයින් හැර බොහෝ විට හර්නියා තත්ත්වයන්ට ශෛල්‍යකර්ම සිදු කරනු ලබයි.

👉හර්නියා රෝගය සඳහා ඇති ප්‍රතිකාර 

🔹ශෛල්‍යකර්ම කිහිපයක් ඇත.
1)කැමරා ශෛල්‍යකර්ම ක්‍රමය
2)විවෘත ශෛල්‍යකර්ම ක්‍රමය
3)ලැහැස්ති කර සිදු කරන ශෛල්‍යකර්ම ක්‍රමය 
කැමරා ශෛල්‍ය කර්ම ක්‍රමයේ දී උදරය විවෘත කර කැමරා කිහිපයක් දමා කැපුම් කිහිපයක් සිදු කර ඇතුළතින් දැළක් යොදනු ලබයි. මෙය උදරයේ ඇතුළත සිදු කරන විශාල ශෛල්‍යකර්මයක් වුව ද පිටතින් ඉතුරු වන්නේ කැපුම් තුවාල කිහිපයක් පමණි. මේ අයුරින් හර්නියා ශෛල්‍යකර්මයක් සිදු කර රෝගියෙකුට පසුදිනම රෝහලෙන් පිටව යෑමට වෛද්‍යවරු අනුමත කරති.

👉හර්නියා ඇති වීම වළක්වා ගැනීම 

🔹අධික තරබාරුකම වළක්වා ගත යුතු ය. ඒ සඳහා සුදුසු ආහාර රටාවන් මෙන් ම ශරීරයට අත්‍යවශ්‍ය ව්‍යායාමයන් ද කළ යුතු ය. 
🔹දරු ප්‍රසුතියෙන් පසුව මවක් තම උදර බිත්තිය පෙර තිබු පරිදි සකස් කර ගැනීම සඳහා උනන්දු වීම අනිවාර්යයෙන් ම කළ යුතු ය. 
🔹උදරයේ පීඩනය වැඩි වන මළබද්ධය, ඇඳුම වැනි රෝග සඳහා නිසි ප්‍රතිකාර ගැනීම කළ යුතු වේ.
🔹දුම්පානයෙන් වැලකී සිටිය යුතුයි.දුම්පානය කරන පුද්ගලයින්ගේ උදරයේ පටක දුර්වල වේ. ඒ හේතුවෙන් හටගත් හර්නියා තත්ත්වය තව තවත් වර්ධනය වීමත්, හටගත් හර්නියාව සඳහා සැත්කමක් සිදු කළ පසුව ද නැවත මෙම තත්ත්වය ඇති වීමත් සිදු වේ. එම නිසා හැකිතාක් දුම්පානය කිරීමෙන් වැළකී සිටීම වඩාත් යහපත් ය.
🔹ආහාර රටාව වෙනස් කරගත යුතුය. 
අධික මේදය සහිත ආහාර වශයෙන් සළකන හැම්,බේකන්,ඌරු මස් වැනි ආහාර ගැනීම හැකි තරම් දුරට සීමා කළ යුතු වේ. ඒ මන් ද යත් එම ආහාරවල අන්තර්ගතවන මේදය උදරයේ මස් පිඩුවල තැන්පත් වී උදරය විශල වන නිසාවෙනි. එමෙන් ම අධික කුළුබඩු භාවිතා කර සකස් කර ගන්නා ආහාර වර්ග සහ විශේෂයෙන් ම සුදුළුූෑණු ආහාරයට ගැනීම සීමා කර ගැනීමට කල්පනාකාරී විය යුතු ය.
මත්පැන්, සෝඩා ,ස්ප්‍රයිට් වැනි පාන වර්ග පානය කිරීමෙන් ද වැළකී සිටිය යුතු ය.අච්චාරු වර්ග භාවිතා කිරීම ද මෙම තත්ත්වයට ගොදුරු වු රෝගීන්ට හිතකර නොවේ.
ශරීරයට හිතකර ආහාර ගැනීමට වගබලා ගත යුතුය.කෙඳි බහුල වශයෙන් අන්තර්ගත එළවළු සහ පළතුරු හර්නියා තත්ත්වයෙහි සිටින රෝගීන්ට සහ හර්නියා තත්ත්වය හට ගැනීම වළක්වා ගැනීම සඳහා ගුණදායක වේ.

✅හර්නියා සහ භෞත චිකිත්සාව

භෞත චිකිත්සාව මගින් හර්නියා රෝග ලක්ෂණ බොහෝ විට පාලනය කළ හැකිය!
ඔබ හර්නියා ශල්‍යකර්මයකට පසුව වුවත්  නැතහොත් හර්නියා රෝගයේ මුල් අවධියේ සිටියද - බොහෝ විට සුදුසු භෞත චිකිත්සකවරයකු මැදිහත්වීමකින් රෝග ලක්ෂණ පාලනය කළ හැකිය.

✅භෞත චිකිත්සාවේ ප්‍රධාන ඉලක්කය වන්නේ

🔹පටකවල පීඩනය අඩු කිරීම (උදා: දුර්වල හුස්ම ගැනීමේ යාන්ත්‍රණය නිවැරැදි කිරීම)
🔹ආධාරක පටක ශක්තිමත් කිරීම (උදා: උදර හා core මාංශ පේශි ශක්තිමත් කිරීම)
🔹සහාය වීමට සම්පීඩන සහාය/compressive support යෙදීම 
🔹පීඩනය උග්‍රවන ක්‍රියාකාරකම් අඩු කර ක්‍රමයෙන් නැවත හඳුන්වා දීම

Kasun Basnayake 
BSc.Physiotherapy (Hons)
Physiotherapist (University Hospital KDU)
Physiotherapy Treatments Sri Lanka
අමතන්න : 0719969372
හර්නියා රෝගය (Hernia Disease)

හර්නියා රෝගය (Hernia Disease)

හර්නියා රෝගය (Hernia Disease)
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
හර්නියා රෝගය (Hernia Disease) හර්නියා රෝගය (Hernia Disease) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 09, 2020 Rating: 5

0 comments:

Post a Comment