හාස්කම් බහුල ශ්‍රී මුන්නේශ්වරම් කෝවිල ✡️🕎 (Sri Munneswaram 🕍)

හාස්කම් බහුල ශ්‍රී මුන්නේශ්වරම් කෝවිල ✡️🕎 (Sri Munneswaram 🕍)
අද අපි කතා කරන්න යන්නේ රට පුරා දහස් ගණන් බැතිමත්හු සිංහල, දෙමළ භේදයකින් තොරව පැමිණෙන ශ්‍රී මුන්නේශ්වරම් කෝවිල ගැනයී.

මෙම කෝවිල නමින් මුන්නේශ්වරම් වේ.මුන්නේශ්වරම් යන්නෙහි අර්ථය පලමුව පිහිටවූ ඊශ්වර කෝවිල යන්නයි.එනම් මෙය ලංකාවේ පලමුවෙන්ම පිහිටවූ ඊශ්වර කෝවිලයි.

අපි දන්න කතා වලට එහා ගිය දෙයක් කිව්වොත් හොදයි කියලා මට හිතුනා..වාල්මිකීගේ රාමායණය කෘතියේ මුන්නේශ්වරම් දේවාලය පිලිබඳ සදහන් කර තිබෙනවා.

එයට අනුව රාවණා ඉන්දියාවෙන් සීතා දේවියව පැහැරගෙන එන විට ඔහු පසුපස බ්‍රහ්මඝන නම් දෝෂයක් ලුහුබැඳ පැමිණ අතර මෙම දෝෂය එක්තරා අවස්ථාවකදී තමන්ගෙන් ඉවත්ව යන ආකාරයක් ඔහුට දැනී තිබෙනවා... 

එවිට ඒ අවට බලන විට කෝවිලක් දැක තියෙනවා... මෙය මුන්නේශ්වරම් කෝවිලයි.එවිට රාවණා මෙම කෝවිල වැඳපුඳා ගත් බව රාමායණයේ සදහන් වෙනවා.

ඒවගේම මේ හා බැදි තවත් පුවතක් තියෙනවා.1448 වර්ෂයේ දී පමණ හයවෙනි පරාක්‍රමභාහු රජතුමා මුන්නේශ්වරම් කෝවිලෙහි වූ හාස්කම් අසා කෝවිල වැඳ එයට ගම් පූජා කල බව සදහන් වෙනවා.

ඒ වගේම පරාක්‍රමභාහු රජතුමාගේ බාල කුමාරයාට ඇතිවූ රෝගයක් සුව කර ගැනීම සදහා මුන්නේශ්වරම් කෝවිලට පැමිණ විෂ්ණු දෙවියන්ට පූජා ඔප්පු කර තිබෙන බව ද සදහන්... 

එම රෝගය සුවවීමෙන් අනතුරුව තඹ සන්නසක් මගින් විශාල ගම් ප්‍රමාණයක් කෝවිලට පවරා දී තිබෙනවා.. 

මේ කතා මුඛ පරම්පරාගතව පැවත එනබැවින් මෙහි සතයතාව මැනීමට නම් බැහැ..

පුරාවිද්‍යාඥයින් ගණන් බලා ඇති අන්දමට මෙම කෝවිල අවම වශයෙන් ක්‍රි.පූ. 1000ට අයත් බව පිලිගැනෙනවා.පෘතුගීසි පාලන කාලයේ මෙම කෝවිල කිතුනු දේවස්ථානයක් ලෙස භාවිතා කර ඇති බවට සදහන් වෙනවා.

1753 වර්ෂයේ දී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා පෘතුගීසීන් විසින් විනාශ කරනු ලැබූ මුන්නේශ්වරම් කෝවිල නැවත යථා තත්වයට පත් කර ගැනීම සදහා දකුණු ඉන්දියාවෙන් ශිල්පීන් ගෙන්වා කෝවිල නැවත ගොඩනගා තිබෙනවා.. 

මුන්නේශ්වරම් කෝවිලේ ප්‍රධාන පෙරහැර පවත්වන්නේ අගෝස්තු මාසයේ දී...

මෙම උත්සවය දින විසි අටක් පුරාවට පැවැත්වෙනවා.ඒ වගේම තව දෙයක් මෙහි ඇති සෙල්ලිපි සංස්කෘත, පාලි හා දෙමළ යන භාෂා තුනෙන්ම සැදුම් ලත් ඒවා වීම ද සුවිශේෂියි.

මෙම කෝවිල දේව හාස්කමකින් සිදු වන  ස්ථානයක් බව බැතිමතුන්ගේ විශ්වාසයයයි. 

ලෙඩ රෝග ග්‍රහ අපල ආදියෙන් මිදී නිරෝගිව සිටීමට බොහෝ බැතිමතුන් මෙහි පැමිණ භාරහාර වෙයි.

තව දෙයක් මේ මුන්නේශ්වරම් කෝවිල පිහිටි ඉසව්ව අවටම පන්සලක් ද තිබෙන අතර මෙම ප්‍රදේශය ආගමික සහජීවනයෙන් පිරිපුන් ප්‍රදේශයක් කිව්වොත් නිවැරදි..

මේ පින්තූර එකතුවෙ අවසානයට එම පන්සලේ පින්තූරයක්ද එක්කර තිබේ..

පින්තූර @Thili_Fernandez📸🙏
හාස්කම් බහුල ශ්‍රී මුන්නේශ්වරම් කෝවිල ✡️🕎 (Sri Munneswaram 🕍) - Your Choice Way

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
හාස්කම් බහුල ශ්‍රී මුන්නේශ්වරම් කෝවිල ✡️🕎 (Sri Munneswaram 🕍) හාස්කම් බහුල ශ්‍රී මුන්නේශ්වරම් කෝවිල ✡️🕎 (Sri Munneswaram 🕍) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 01, 2020 Rating: 5

0 comments:

Post a Comment