බුලතා සැදු - හරබර වැව 🌿🌾 (Sorabora Lake)

බුලතා සැදු - හරබර වැව 🌿🌾 (Sorabora Lake)
අද අපේ කතාව කවුරුත් දන්න සොරබොර වැව ගැනයි.ඔයාලා දන්නවාද මුල්කාලීනව හරබර වැව ලෙස නම් දැරු මෙම වැව පසුව තමයි සොරබොර වැව බවට පත්වුණේ.

මෙම වැව හා බැදි ජනප්‍රවාද ‍රැසක් පවතී.රජුට බුලත් සැපයූ  බුලතා තමා මේ වැවේ නිර්මාතෘ.

බුලතා වනාහි උඩුදුම්බර කිරිපට්‌ටිය නම් ගමේ උපන් හැඩිදැඩි පුරුෂයෙකි. රජුට බුලත් සැපයීමට මේ පුරුෂයා පත් කරගන්නා ලදී. මේ නිසා ඔහු බුලතා නමින් හැඳින්විණි. ඔහුට පැවරුණු රාජකාරිය වූයේ උදෑසන සිට රාත්‍රී නින්දට යනතුරු වරින්වර දිනකට පස්‌ වතාවක්‌ බුලත් විට සාදා රජුට පිළිගැන්වීමයි.

දිනක් ඔහුගේ ගමනක් අතරතුර ගල් කඳු දෙකක්‌ මැදින් ගලා බසින විශාල දොළ පහරක්‌ හමු විය. දොළට බැස ගලා යන දිය පහරින් සිසිල් දිය දෝතක්‌ ගත් බුලතා එය පානය කළේ අමෘතය පරිද්දෙනි.

මෙතැන හරස්‌ කර වැවක්‌ බැන්දොත් සිය දහස්‌ ජනතාවකට පිපාසය නිවා ගැනීමට මෙන්ම ප්‍රදේශයේ ජනතාවගේ කෘෂිකර්මාන්තයද දියුණු කළ හැකි බව බුලතා කල්පනා කළේය. මේ ගැන හිතලා බුලතා මේ වැව හදන්න පටන් ගත්තා..

ඉතින්.. බුලතා දිනපතාම රජුට බුලත් විට පිළිගන්වීම සිදු කර ඊළඟ වාරය එළඹෙන තෙක්‌ ඒ අතර කාලය තුළ වැව් බැම්ම ඉදිකිරීමේ කටයුතු සිදු කරන්නට විය. 

අවට ප්‍රදේශයෙන් විශාල ගල් කුට්‌ටි පෙරලාගෙන එමින් තම කූඩයෙන් පස්‌ ගෙනවිත් දමා පාගා තලමින් දියපාර දෙපස ඇති ස්‌වභාවික ගල් කුළු දෙක යාකරමින් වැව් බැම්ම ඉදි කරන්නට විය. වැවට අවශ්‍ය සොරොව් දෙක දෙපස ගල් කුළු දෙක හාරා ඒ තුළින් නිර්මාණය කිරීමට බුලතාට දින ගණනාවක්‌ම ගත විය. 

අවසානයේ ඉතාමත් හොඳින් ක්‍රියාත්මකවන ලෙස සොරොව් දෙක නිර්මාණය කරලා අදටත් විශිෂ්ඨ වාරී තාක්ෂණයක් සහිත වැවක් බවට සොරබොර වැව පත්කරාට බුලතට පිං.බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනයේ තමා මේ පුරාණ ජලාශය පිහිටලා තියෙන්නේ.

Sorabora Wewa

The famous Sorabora Wewa, the massive irrigation reservoir of ancient Bintanne lies about 1 km from the current Mahiyangana town and a must see destination for visitors of Mahiyangana Rajmaha Viharaya.

Sorabora Wewa which was called the Sea of Binthanne in the ancient past, is unique to all other ancient  reservoirs a this is considered the only existing reservoir which does not make use of a Bisokotuwa, the heart of all other large reservoirs of the country. This ground breaking invention was the single factor which enabled the ancients to build massive reservoirs since 4th century BC.

Generally all the  reservoirs have the sluice gates which regulate the water flow out of the reservoir on the massive embankments. It was the Bisokotuwa which regulated the  water pressure at the sluice gates inside the tank and  protected the embankment from erosion.
බුලතා සැදු - හරබර වැව 🌿🌾 (Sorabora Lake) - Your Choice Way

View my Flipboard Magazine.
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බුලතා සැදු - හරබර වැව 🌿🌾 (Sorabora Lake) බුලතා සැදු - හරබර වැව 🌿🌾 (Sorabora Lake) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 23, 2020 Rating: 5

0 comments:

Post a Comment