රාවණා දඬුමොණර පනගැන්වූ - පිටවල පතන 🍀🌿⛰(Pitawala Pathana⛰)

රාවණා දඬුමොණර පනගැන්වූ - පිටවල පතන 🍀🌿⛰(Pitawala Pathana⛰)
අද අපේ කතාව රාවණා රජුට සම්බන්ධයි.නකල්ස් වන අරණ තුළ පිහිටි අපූරු භූමි පෙදෙසක් ලෙස පිටවලපතන හැඳින්විය හැකි ය. අප්‍රමාණ පාරිසරික වටිනාකමකින් හෙබි මේ අපූරු භූමිය, සොබාදහමට ඇලුම් කරන්නන්ට මෙන් ම, පරිසරයට ආදරය කරන අයට කදිම ස්ථානයකි.

රාවණා පුරාවෘත්තය හා මේ ස්ථානය බැඳී ඇති නිසා මේ කතාව තවත් රසවත් වෙයි. එවකට, රාවණා රජු සිය දඬුමොණර යන්ත්‍රය ගුවන්ගත කළ ස්ථානයක් ලෙස මෙම කන්ද ජනප්‍රවාදයට එක්ව තිබේ. 

එසේම මෙය ප්‍රාග් ඓතිහාසික වශයෙන් ද වැදගත් ස්ථානයකි. එයට හේතුව, වසර පන්දහසක් පමණ පැරැණි යැයි සැලකෙන ගල් ආයුධ, මේ පතන් ප්‍රදේශයෙන් හමුවී තිබීම ය.

තවද මෙම ගලේ පිහිටීම සහ උස අනුව රාවණා රජු විශ්ව ශක්තිය වඩවා ගැනීම සදහා යෝග භාවනා කලේද මෙම කන්දෙහි වු ශක්ති ගලක් උඩ සිට බවද ජනප්‍රවාද පවති.

මීට අමතරව.පිටවල පතන නැරැඹීමට යන ඔබට, ප්‍රවේශය අසල පිහිටුවා ඇති වන සංරක්ෂණ කාර්යාලයෙන් අවසරපත් ලබාගෙන, පතන් ප්‍රදේශය සහ පුංචි ලෝකාන්තය නැරැඹිය හැකි ය.

අඩි දහසක් පමණ එක එල්ලේ බෑවුම් වන ප්‍රපාතයක් දැකිය හැකි ය. එය හෝර්ටන් තැන්නේ ලෝකාන්තයට පමණක් දෙවැනි වන නිසාවෙන්, ‘පුංචි ලෝකාන්තය’ ලෙස හැදින්වේ. ගල් තලාවක් මතට නැ‍ඟී, පුංචි ලෝකාන්තය නරඹනවිට, පහතින් ඇති බිම් දෙස බලනවිට අපූරු දසුන් නැරැඹීමට පුළුවන.

හෙක්ටයාර දහයක් පමණ බිමකින් යුතු පිටවලපතන හරි සුන්දරයි.1960 දශකයේ දී පිටවලපතනේන් හඳුනා ගත්, දුම්බර කඳු යායට ආවේණික පැළෑටියක් ලෙස පතන් අල ශාකය හැදින්විය හැකි ය. ගල්පර මැඩියා ද මේ පෙදෙසට පමණක් ආවේණික සතෙකි.

පතනේ මදක් ඉහළට ඇවිද ගිය විට, පිටවල, රත්නින්ද, ඇටන්වල වැනි පුරාණ කළ සිට පැවත එන ගම් ද, ඒවායේ සැකසූ හෙල්මළු කුඹුරු යාය ද අලංකාර ලෙස දිස්වේ.

පිටවල තැන්නේ කෙළවරටම ඇවිද යනවිට, එනම් තැන්න නැරැඹීමට ආරම්භ කරන ස්ථානයේ සිට මීටර් 700 ක් පමණ ගිය විට, ඔබට පුංචි ලෝකාන්තය දැක බලා ගත හැකිවේ.

මේ අවට ප්‍රදේශයේ කුරුලූ විශේෂ 160 ක් පමණ ජීවත් වන බව, පර්යේෂණ මඟින් අනාවරණය වී තිබේ. 

මෙහි ඇති පාරිසරික වැදගත්කම නම් අපමණ ය. එබැවින්, එහි යන ඔබ, ඉටිකොළ සහ වෙනත් අපද්‍රව්‍ය එහි බැහැර නොකර, යාමට ඇති අඩි පාර දිගේ පමණක් යාමට කටයුතු කිරීම අතිශයින්ම වැදගත්ය. 

Pitawala Pathana

Pitawala 'Pathana' is a unique grassland found in the Knuckles Conservation Forest, Sri Lanka This pathana has a great ecological value.

In Pitawala Pathana a grass cover spreads over an area of about 10 ha of a gently sloping rock slab covered with just a thin soil layer. The turf grass of about 10 cm in height gives a velvety appearance to this sloping expanse of grassland. Isolated and scattered trees and shrubs could be seen. Many endemic plant and animal species are found.

An easy nature trail of about 0.75 km takes the visitor to Mini World's End, which is a deep escarpment situated at Pitawala Pathana. It resembles a small version of the world famous World's End in  Horton Plains.
රාවණා දඬුමොණර පනගැන්වූ - පිටවල පතන 🍀🌿⛰(Pitawala Pathana⛰) - Your Choice Way

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
රාවණා දඬුමොණර පනගැන්වූ - පිටවල පතන 🍀🌿⛰(Pitawala Pathana⛰) රාවණා දඬුමොණර පනගැන්වූ - පිටවල පතන 🍀🌿⛰(Pitawala Pathana⛰) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 21, 2020 Rating: 5

0 comments:

Post a Comment