ගෙදර දීම පිරිසිදුව පපඩම් සාදා ගමු (Let's Make Clean Papadam At Home)

අද අපි පපඩම් හදන විදිහ තමයි කියලා දෙන්න යන්නෙ.පපඩම් හදන ක්‍රම ගොඩාරියක් තියෙනවා. මේ කියලා දෙන්න යන්නෙ රසම රස පපඩම් හදාගන්න විදිහ ඕන්. ඔය වහලවල් උඩ, පාර අයිනෙ දූවිලි ගගහ වේලන පපඩම් වගේ නෙමේ මේවා. මේවා රසම රස ඒවා... ඒ වගේම පිරිසිදුයිනෙ. 

අවශ්‍ය දේවල්:

  • උඳු පිටි 500g
  • සූදුරු තේ හැදි 1
  • අසමෝදගම් ඇට තේ හැදි 1
  • බේකින් සෝඩා තේ හැදි 1/4
  • ලුණු (අවශ්‍ය ප්‍රමාණයට)
  • තෙල් ටිකක්

සාදා ගන්නා ආකාරය:

  1. භාජනයක් ගෙන තෙල් හැර අනෙක් සියල්ල දමා ගෙන එකට මිශ්‍ර කර ගන්න.
  2. දැන් ටික ටික වතුර එකතු කරමින් අතේ ඇලෙන ගතිය අඩු රොටි මිශ්‍රණයක් ආකාරයට හොඳින් අනා ගන්න.
  3. පැය 2ක් පමණ පොලිතීන් ඉටි කවරයකින් (Cling film) පිටි මෝලිය (ඩෝ එක/පිටි ගුලිය) ආවරනය කර පසෙකින් තබා ගන්න.https://www.yourchoiceway.com/
  4. පසුව පිටි මෝලිය ගෙන එහි තෙල් ස්වල්පයක් ආලේප කරගන්න.
  5. දැන් බරින් වැඩි රෝලින් පින් එකක් (Rolling Pin), මෝල් ගසක් වැනි යමක් ගෙන එයින් මිටියකින් ගසන ආකාරයට පිටි මෝලිය මදක් මෘදු වන තුරු පිටි මෝලියට ගසා ගන්න.
  6. ඉන් පසුව පිටි මෝලිය කුඩා බෝල වලට කඩා ගන්න.https://www.yourchoiceway.com/
  7. පසුව රෝලින් පින් එකක් ආදාරයෙන් හීනියට තුනී කර ගන්න.
  8. පපඩම් ඇලෙන සුළු ගතියක් දක්වයි නම් රෝලින් පින් එකෙහි සහ පපඩම් තුනී කර ගැනීමට ගන්නා පෘෂ්ඨයේ මතුපිටෙහි තෙල් ස්වල්පයක් තවරා ගන්න.
  9. දවසක් හෝ දෙකක් තද අව්වේ හොඳින් වියළීමට තබා ගෙන තෙතමනය, සුළං නොවදින සේ අසුරා ගන්න.https://www.yourchoiceway.com/
  10. දැන් ඉතිං ඕන උනහම බැදගෙන කන්න තමයි තියෙන්නෙ.

වැදගත්:

  • මෙලෙස සාදා ගත් පපඩම් සති 2 සිට මාසයක් දක්වා පමණ කාලයක් කල් තබා ගත හැකිය.
  • උඳු පිට් වෙනුවට සහල් පිටි සහ උඳු පිටි මිශ්‍රණයක් හෝ කඩල පිටි, සහල් පිටි සහ උඳු පිටි මිශ්‍රණයක් යොදා ගත හැකිය.https://www.yourchoiceway.com/
  • කැමති නම් මේ සඳහා හොඳින් අඹරා ගත් සුදු ලූණු ස්වල්පයක්, වේලා කුඩු කර ගත් කරපිංචා ස්වල්පයක්, කෑලි මිරිස් ස්වල්පයක් ආදි දේවල් තම තමන්ගේ රස අනුව එකතු කර ගත හැකිය...
උපුටා ගැනීමකි..
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ගෙදර දීම පිරිසිදුව පපඩම් සාදා ගමු (Let's Make Clean Papadam At Home) ගෙදර දීම පිරිසිදුව පපඩම් සාදා ගමු (Let's Make Clean Papadam At Home) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 02, 2020 Rating: 5

0 comments:

Post a Comment